Manorathangal S01 Sinhala Subtitles ආයුබෝවන්, සුප්‍රකට මලයාලම් ගත් කරු එම් ටී වාසුදේවන් නාරයන්ගේ කෙටි කතා එකතුවක් මගින් රූපරචනය කරන ලද මනෝරතාංගල් කතා සමූහයේ නව වෙනි කතාව මෙන්ම මේ මාලාවේ අවසන් කතාංගය තමයි අද ගෙන එන්නේ.මේ කතාවත් ජීවිතේ ඔබ සැම අත්විඳිය හැකි අපූරුම සිදුවීමක් ලෙස හැඳින්විය හැකියි. ඉතා ප…
Manorathangal S01 Sinhala Subtitles
ආයුබෝවන්, සුප්‍රකට මලයාලම් ගත් කරු එම් ටී වාසුදේවන් නාරයන්ගේ කෙටි කතා එකතුවක් මගින් රූපරචනය කරන ලද මනෝරතාංගල් කතා සමූහයේ නව වෙනි කතාව මෙන්ම මේ මාලාවේ අවසන් කතාංගය තමයි අද ගෙන එන්නේ.මේ කතාවත් ජීවිතේ ඔබ සැම අත්විඳිය හැකි අපූරුම සිදුවීමක් ලෙස හැඳින්විය හැකියි. ඉතා පැරණි කතාවක් වන මෙය 1984දී චිත්‍රපටයකටත් නැගී තිබෙනවා. ඒ වගේම මේ සංදර්භයම අලලා වේදිකා නාට්‍ය සහ කෙටි චිත්‍රපට කිහිපයක්ම මා දැක තිබෙනවා.

මරණ මංචකයේ සිටින පුද්ගලයෙකුගේ මරණය බලාපොරොත්තුවෙන් විවිධ පෙදෙස් වල සිට නිවසට පැමිණෙන ඔහුගේ දරුවන් හා අසල් වාසීන්ගේ ක්‍රියා කාරකම් මෙම කතාවට පාදක වෙනවා. ඔහුගේ අවසන් හුස්ම චාරිත්‍රානුකූලව පිට කිරීමට සැලස්වීම, අවසන් කටයුතු සඳහා සූදානම් වීම වැනි කරුණු වල සිට දේපළ සම්බන්ධ කතිකා දක්වා මේ කතාව විහිදෙනවා.

ඉන්ද්‍රන්ස්, නෙඩුමුනි වේනු ප්‍රධාන චරිත මවන මෙහි අධ්‍යක්ෂනය ජයරාජ්ගෙන්.
ඉතිං මේ සමගම මේ කතා මාලාවේ අවසානය සනිටුහන් කරනවා. විශේෂයෙන්ම මෙයට සම්බන්ධ වූ ප්‍රබල නළු කිළි කැල සහ ශිල්පීන් දෙස බැලූ කල එම් ටී යනු කොතරම් සුවිශේෂී ලේඛකයෙක්ද යන්න ඔබට වැටහෙනවා ඇති. ඉතිං ඒ කතාවන් රූපරචනය වෙද්දී මුල් කතාවට කුමන අන්දමේ සාධාරණයක් ඉටු උනාද යන්න නොදනිතත් මේ කතාංග අතරින් කිහිපයක් හෝ ඔබගේ සිත් ගන්න ඇති බව මා හිතනවා.
එහෙනම් ඔබට ආයුබෝවන්
Manorathangal S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,718 downloadsDownload Manorathangal-S01E09-Swargam-Thurakkunna-Samayam.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Manorathangal S01 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

