Watch Trailer

Hijack [S01 : E07] Sinhala Subtitles | සියල්ලේම අවසානය [සිංහල උපසිරැසි]

Hijack Season 01 Sinhala Subtitles ඔන්න එහෙනන් අවසානයටත් ආවා. ඕගොල්ලෝ පසුගිය කොටසින් දකින්න ඇතිනේ එක කාන්තාවක් ප්‍රධාන ගුවන් නියමුවටත් වෙඩි තියලා නියමු කුටියට ගිහිල්ලා දොර වහගත්ත හැටි ඒවගේම හයිජැකර්ලත් මේ සිද්දවෙච්ච දෙයින් තුෂ්නිම්භූත වෙලා ඉන්නේ. ඒවගේම මගීන් හයිජැකර්ලගෙන් ගුවන් යානයේ පාලනය නැවත ලබා…

Hijack Season 01 Sinhala Subtitles Hijack Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනන් අවසානයටත් ආවා.

ඕගොල්ලෝ පසුගිය කොටසින් දකින්න ඇතිනේ එක කාන්තාවක් ප්‍රධාන ගුවන් නියමුවටත් වෙඩි තියලා නියමු කුටියට ගිහිල්ලා දොර වහගත්ත හැටි ඒවගේම හයිජැකර්ලත් මේ සිද්දවෙච්ච දෙයින් තුෂ්නිම්භූත වෙලා ඉන්නේ. ඒවගේම මගීන් හයිජැකර්ලගෙන් ගුවන් යානයේ පාලනය නැවත ලබා ගන්න කැරැල්ලක් සැලසුම් කරානේ. ඒ කැරැල්ලත් සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා අද කොටසින් බලාගන්න පුලුවන්.

ඉතින් මේ ගුවන් යානා පැහැර ගැනීම පිටිපස්සේ තියන භයාණක පැති කීපයකුත් අද හෙළි වෙනවා. ඉතින් මේ පැහැරගැනීමේ කෙලවරක් දකින්න පුලුවන් වෙයිද කියන ප්‍රශ්නෙට උත්තරේනම් අද කොටස බලලම හොයාගන්න වෙනවා. අවසාන කොටස නිසා වැඩිය විස්තර කරන්න යන්නේ නෑ මොකද ඒකෙන් කතාවේ රසාස්වාදයට බාධා ඇතිවෙන නිසා.

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඔයාලගේ රසාස්වාදය දියුණු කරන්න අපි කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව මේ ගේන උපසිරසි ඔයාලා රසවිදිනකොට අපිට හම්බවෙන්නේ මානසික සතුටක් විතරයි. ඒක ඇත්තටම ගොඩක් වටින දෙයක්. ඒ වෙනුවෙන් ඔයාලට එක වචනයක් හරි පහළින් දාගෙන යන්න පුලුවන්නන් ගොඩක් වටිනව. උපසිරසියේ අඩුපාඩු තියනවනම් ඒවත් පහළින් දාගෙන යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් එහෙනන් පුරා කථාංග හතක් මාත් එක්ක රැදිලා ඉදපු ඔයාලා හැමෝටම ස්තූතියි. ආදරෙයි හැමෝටම. එහෙනන් තවත් උපසිරයකින් හමුවෙමු.හැමෝටම ජය!

Hijack Season 01 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,091 downloadsDownload Hijack-S01-E07-Sinhala-Subtitles.zip33 KB

Profile-Pic-Ishara-Gunarathne.jpg

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Hijack Season 01 Sinhala Subtitles

 

Previous BT1

All BT1Next BT1

 

Subtitles by

ඉෂාරා ගුණරත්න

Subtitles

2,091 downloadsDownload Subtitles33 KB

5 comments

  1. Buddhika laKMal

    සීරිස් එකට කම්ප්ලීට් සබ් දුන්නට බොහෝම ස්තූතියි සිස්.........

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඉෂාරා .......
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Sahan Gayantha

    thanks a lot sis sub ekata

  4. Sahan Gayantha

    thanks a lot sub ekata

  5. Sumith Kumara

    සියලු කොටස්වලට උපසිරැසි ලබාදුන්නා ට ස්තුතිය