Watch Trailer

His Dark Materials (2019-) [S01 : E08] Sinhala Subtitles | නව දිව්‍ය ජනරජයක්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන සෑහෙන පරක්කු උනා මේ කොටස ගේන්න. කලින් සතියෙ කොටසට ගේන්න ගියාට වඩා කල් ගියා මේ සතියේ කොටස. මොකද තාම PC එක හදාගන්න පුළුවන් කමක් ලැබුනේ නෑ මට. ඉතින් ෆෝන් එකෙන් තමයි හිමීට හිමිට කරලා අරගෙන ආවේ වෙන වැඩ රාජකාරිත් ඒ අතරේ වැටුන නිසා තවත් පරක්කු උනා. ඉතින් යම්කිසි වරදක් සබ් එකේ තිබ්බොත් ඒකට […]

සමාවෙන්න ඕන සෑහෙන පරක්කු උනා මේ කොටස ගේන්න. කලින් සතියෙ කොටසට ගේන්න ගියාට වඩා කල් ගියා මේ සතියේ කොටස. මොකද තාම PC එක හදාගන්න පුළුවන් කමක් ලැබුනේ නෑ මට. ඉතින් ෆෝන් එකෙන් තමයි හිමීට හිමිට කරලා අරගෙන ආවේ වෙන වැඩ රාජකාරිත් ඒ අතරේ වැටුන නිසා තවත් පරක්කු උනා. ඉතින් යම්කිසි වරදක් සබ් එකේ තිබ්බොත් ඒකට පොඩ්ඩක් සමා වෙන්න කියලත් ඉල්ලනවා. එහෙනම් අද අපි තවත් විශිෂ්ඨ කතා මාලාවක පලවෙනි කතා සමයේ අවසානයට තමයි එකතු වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේ පලවෙනි කත සමයේ සීසන් ෆිනාලෙ එක තමයි මේ. බය වෙන්න කාරි නෑ. කතාව විකාශය වෙන්නත් කලින්ම HBO ආයතනය දෙවනි කතාසමයට මේ කතාමාලව දීර්ඝ කලා. එහෙනම් බලමු කතාව ගැන.

පෙර කොටසින්…

කලින් කොටසෙදි අපිට බලාගන්න පුළුවන් වුනා බොල්වැන්ගර් වල සටනින් පස්සේ එහේ තත්වේ ගැන. කෝල්ටර් මහත්මිය එහේ හැම තැනම ඇවිද ඇවිද සුන්බුන් බල බල ඉන්න කොට බොල්වැන්ගර් වල හිටපු ඩිමන් ඉවත් කරපු හෙදියක් හම්බවෙනවා. ඇයවත් කෝල්ටර් මරලා දැම්මා. ඊට පස්සේ ලයිරා ලී එක්ක ගෑස් බැලූනයෙන් එනකොට සතුන් වගයක් පහරදීලා බිමට වැටුනා. එවලේ එතනට එනවා වලසෙක්, ඒ වලසා එයාව අරගෙන ගිහින් වලසුන්ගේ රාජධානියේ හිර කරනවා. ඒත් කෝමහරි උපාය දක්ෂව යොරෙක් සහ අයෝෆර් දෙන්නට ද්වන්ධ සටනක් දෙන්න විධිවිදාන ලයිරා දක්ෂ විදිහට යොදනවා, ඒකෙ ප්‍රථිපලයක් විදියට අයෝෆර්ව මරලා යොරෙක් වලසුන්ගේ නියම රජතුමා බවට පත් වෙනවා. ඒ එක්කම ගෲමන් පෙරීගේ ගවේෂනය ගැන හොයාගෙන ගිය කෙනා පෙරී ගෙදරට එවපු ලිපි ටික ගන්න විල්ගේ අම්මා හම්බවුනත් ඒකට එයා කැමති වෙන්නේ නෑ අන්තිමේ බලෙන්ම ඒ ලියුම් ගන්න ගිහින් විල් අතින් කෙනෙක්ව මැරෙනවා. විල් ඊට පස්සෙ එතනින් පැනලා යනවා. ලී බැලූනයත් එක්ක වෙනම දිහාවකට කඩාගෙන වැටුනත් දිවි බේරගෙන තිබ්බා. ඔහු ඉදිරියට වැදගත්ම චරිතයක් වෙනවා නොඅනුමානයි. අවසාන වශයෙන් යොරෙක් රජ වීමෙන් පස්සේ රොජර් සහ ලයිරා එක්ක ලයිරගේ තාත්තා ඇස්රියෙල්ව හොයාගෙන යනවා. හැබයි එතනදි ලයිරට ඇස්රියෙල්ගෙන් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනේ නෑ.

අද කොටසින්…

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් ඇත්තටම දූවිල්ල කියන්නෙ මොකද්ද කියලත්, ඇස්රියෙල්ගේ අභිප්‍රාය මොකද්ද කියලත්, විල්ගේ වැදගත්කම මොකද්ද කියලත්.. ඒ වගේම ගෲමන් මොනවද හොයාගත්තෙ කියලා වගේම හුගක් ප්‍රශ්න වලට උත්තර අද දැනගන්න පුළුවන්, ඒ වගේම අද අපිට එක් අයෙක්ට සමුදෙන්න වෙනවා, බලන්නකෝ කවුද ඒ මිය යන කෙනා කියලා.. එහෙනම් සීසන් ෆිනාලෙ එක නිසා තවත් මුකුත් නොකියා රසවිදින්න හැකියාව ලබා දීලා මම යන්නම්.

අවසාන වශයෙන් මතක් කරන්න ඕන මා එක්ක මේ කතා සමයට උපසිරසි ගේන්න එකතු නිලපුල් මධුකප්‍රිය අයියා, රවිදු රුක්ෂාන් අයියා, උදයංග සම්පත් අයියා වගේම සචින් දිල්හාර සහෝදරයාව. ඔවුන් සමග එකතු වෙලා තමයි ඔන්න මේ කතා සමය ඉවරයක් කලේ. එහෙනම් නැවත් තව අවුරුද්දකින් දෙකකින් His Dark Materials දෙවැනි කතා සමයෙන් මුණගැහෙමු. ඒ වගේම සුභ නත්තලක් වේවා!!

___ ____

අද කතාවේ නම “Betrayal”
අධ්‍යක්ෂණය: Tom Hooper
ලිව්වේ: Philip Pullman
විකාශනය වුනේ: 2019 දෙසැම්බර් 23

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,693 downloadsDownload His-Dark-Materials-2019-S01-E08.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

6,693 downloadsDownload Subtitles24 KB

29 comments

  1. naveen67

    thanks bro

  2. rockz2020

    එහෙනම් ඒකත් සම්පූර්ණයි නේද, සුපිරියක් තමයි ඉතින් ✌ ;)
    මේකට සබ් ගෙනාව සියළුම යාළුවන්ට ස්තූතිවන්ත වෙනවා වගේම series එක සම්පූර්ණ කිරීම වෙනුවෙන් සුබ පතනවා! ❤
    ජය වේවා
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි His Dark Materials season 01 එකේ episodes 8ටම සබ් දීපු හැමෝටම :) :)
    ජය වේවා.!

  4. geeganagamage

    බොහොම ස්තුතියි මේ ලස්සන ට්වි සීරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට .

    1. Chamil Mihiran

      සබ් එක දීපු හැමෝටම ස්තුතියි.

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

  6. Rumesh dhanushka

    Thank you rasintha

  7. Malaka prasad

    Thanq brother enakan balagena hitiye baiscope hamotama jaya wewa

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  9. Isuru98dilshan

    Sinhala sub ekata bohoma ස්තූතියි සහෝ...welawak thynw nm 'The mandalorian' ekatath sub dennako bro.

  10. Hemal

    Thank you

  11. ajith fernando

    thank you bro. thanks baiscopelk.com

  12. Dhanush Narangoda

    thanks bro

  13. Nuwandika Dil

    Thanks kolloh

  14. Danushkawic

    Thank u machan.

  15. nirmal de davin

    thanks

  16. M.W. Dilhani

    ස්තූතියි. The mandalorian Watchmen series වලටත් සබ් දෙන්නකො. හොඳ රේටින් තියෙන සීරිස්නෙ.

  17. Pasindu16022

    Thanks for the sub.

  18. Ayesh Prashan

    Thank You

  19. suranuwan

    thanks..

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Naveen Rangana

    Thanks for Subtitle...........
    Jayawewa..........!!!!!!!!!!!!!!!
    Happy New Year 2020....!!!!!

  22. Pramukmili

    Thanxx bro...........

  23. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  24. MAALnath

    Thanks .....................good luck ............................

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  26. chinthaka.max4

    thannkx machan

  27. S.H. Tharaka prabhath

    Thanks for the sinhala sub bro..superb series 1k

  28. Anonymous

    Thanks...!