Watch Trailer

Human Planet [E 05 – Mountains: Life in Thin Air] | ශිඛර මත ගෙවෙන මිනිස් දිවිය [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රථමයෙන්ම පස්වන උපන්දිනය සමරන බයිස්කෝප් සිංහලෙන් අපේ අඩවියට සුබම සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන ගමන් ගෞරව පූර්වක ස්තූතිය පිරිනමනවා හසන්ත වික්‍රමරත්න සහෝට අඩවියේ සංවත්සරික සැමරුම වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් රැගෙන එන මේ Human Planet රූපවාහිනී වාර්තා වැඩසටහන් මාලාවේ පස්වන කොටස සඳහා සිංහල උපසිරසි ය…

Episode 5 Mountains – Life in Thin Air

ප්‍රථමයෙන්ම පස්වන උපන්දිනය සමරන බයිස්කෝප් සිංහලෙන් අපේ අඩවියට සුබම සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන ගමන් ගෞරව පූර්වක ස්තූතිය පිරිනමනවා හසන්ත වික්‍රමරත්න සහෝට අඩවියේ සංවත්සරික සැමරුම වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් රැගෙන එන මේ Human Planet රූපවාහිනී වාර්තා වැඩසටහන් මාලාවේ පස්වන කොටස සඳහා සිංහල උපසිරසි යෙදීමට මට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන්. සේවයක් හැටියට බයිස්කෝප් සිංහලෙන් අඩවිය කරන මේ කර්තව්‍යයට මට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මට ඇත්තේ කියාගන්න බැරි සතුටක්. අඩවියට මම නවකයෙක් වුණත් අඩවියේ ඉන්නේ නියමම පවුලක් බව වටහාගන්න මට වැඩි කාලයක් ගියේ නැහැ. උපසිරසි යෙදීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය අතිමහත්. ඉතින් ශ්‍රී ලංකායේ සිංහල සහෘදයින් වෙනුවෙන් බයිස්කෝප් සිංහලෙන් අඩවිය කරන්නාවූ මේ සේවය තවදුරටත් අති සාර්ථක ලෙස කරගෙන යාමට මම අඩවියේ සියලුම සහෝදර සහෝදරියන්ට සුබ පතන අතරම, බයිස්කෝප් සිංහලෙන් අඩවිය අංක එක ස්ථානයේම දිගුකල් වැජඹේවායි ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා.

වාර්තා වැඩසටහනකට උපසිරසි යෙදීමට මේ මා විසින් ගත් පළමු උත්සාහයයි. ඒ නිසා පුළුවන් තරම් උපරිම නිවැරදිභාවයකින් ඔයාලට ඒක ලබා දෙන්න මම උත්සාහ ගත්තා. සුළු හෝ වැරැද්දක් වෙතොත් සමාවෙන්න කියන ගමන් හැරෙන්නම් මේ කොටස දිහාවට, Human Planet – Mountains: Life in Thin Air ලෙස නම් කර ඇති මේ කතාංගය ප්‍රධාන වශයෙන්ම පාදක වන්නේ පෘථිවිය මානව ග්‍රහලොවක් බවට පත් කිරීම සඳහා ලොව පුරා පිහිටි කඳු වල සහයෝගය මිනිසාට ලැබුණු ආකාරය පිළිබඳවයි. ඇත්තෙන්ම හිමාලය, ස්විස් ඇල්ප්, මොන්ගෝලියානු කඳු අප්‍රිකාවේ කඳු ආදී ලොවපුරා පැතිරුණු කඳු ආශ්‍රිතව ජීවත්වන මිනිසුන් තමන්ගේ දිවි ගලවාගෙන එහිම ජීවත්වන ආකාරය මේ කොටසින් මැනවින් විදහා දැක්වෙනවා. මේ වාර්තා වැඩසටහන ඉදිරිපත් කරන්නේ අපට හුරු පුරුදු කටහඬකින්, කවුද කීවොත් Merlin කථා මාලවේ මකරාගේ චරිතයට හඬ සැපයූ විශිෂ්ට රංගන ශිල්පී John Hurt විසින්. ඒ නිසාම මෙහි ඇති රසවත් භාවය ඉතාම ඉහළයි. කතාංගයේ ඇතුළත් වන සිද්ධි දාමය පිළිබඳ කෙටි කරගත් සාරාංශයක් කරුණු විදියට ඔයාලට ගෙන එන්නම්.

  • මොන්ගෝලියාවේ අල්ටායි කඳු වල රත්තරන් රාජාලීන් සමඟ දඩයම.
  • ඉතියෝපියාවේ සිමියන් කඳු අතර ජීවත්වන ජෙලේඩා වඳුරන් සමග සිදුවන සටන.
  • ඉන්දුනීසියාවේ අයිජන් ක්‍රේටර්හි සල්ෆර් කණින පතල්කරුවන්.
  • නිව් ගිනියා කඳු වළල්ලේ සිදුවන යෝධ වවුල් දඩයම.
  • ස්විස් ඇල්ප් කඳු වල හිම කඳු කඩා වැටීම් පාලනය කරන අයුරු.
  • හිමාලයේ ඩොරොම්බෝ ගමේ සිදු කළ අක්ෂි සැත්කම.
  • ටිබෙට්වරුන්ගේ අහස් වලලෑම.

ඉහතින් දැක්වූ සිද්ධි දාමය තුළ මිනිසා ජීවත්වන්නේ පෘථිවියේ කොතරම් අභියෝග යටතේදැයි සැමට මැනවින් දැකගත හැකියි. එසේනම් පස්වන සංවත්සරය සමරන බයිස්කෝප් සිංහලෙන් අපේ අඩවියට සුබ පතන ගමන් සමුගන්නවා. සැමට ජයම වේවා…!

Human Planet (2011) on IMDb

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

468 MB කොපිය මෙතනින් බාගන්න

DA52066DB0232FB5DEA323C0D06AF70F8E083B6E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,402 downloadsDownload Human.Planet.5.baiscopelk.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,402 downloadsDownload Subtitles30 KB

25 comments

  1. dinidu madushanka

    ela ela saho jaya wewa

  2. නලින්

    ස්තුතියි ශ්‍රිමාල් සහෝ

    ජය වේවා!

  3. charith

    යකො මාර වේගෙකින්නෙ sub දෙන්න
    නියමයි

  4. indika perera

    උපසිරසි සේරම ගත්තා. දායක උණු හැමෝටම ස්තුතියි !

  5. mudiya / මුදියා

    නියමයි යශෝධ.
    සුභ පතනවා වැඩේට.
    ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!

  6. “චූටී මල්ලි”

    ආ.. හා.... යසොත් ඇවිල්ලා
    එල එල මේකෙ සබත් ගත්තා
    සබට තුති
    ඔබට ජය.........

  7. danushka

    thanks saho,,,

  8. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  9. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  10. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ මේ වටිනා කතා මාලාවට සිංහල උපසිරැසි දාමු කියන යෝජනාවට කැමති වීම ගැනත්. ජය෴෴ :P :P

  11. Sisira Hegoda

    Thanks.Thanks..Thanks...

  12. shani

    thanks

  13. Shan Vimukthi

    හෙහ් හේ මෙන්න බොලේ අපේ ඒජන්ට් කොලුවත් සෙට් වෙලා මෙදා පොටේ
    බොහොම ස්තුතියි යශෝධ සහෝ උපසිරසට දිගටම මේ වගේ උපසිරසි අරන් එන්න ලැබේවා
    ජයෙන් ජය

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නොබලා කොහොමද? අනිවා බලනවා,ජයවේවා.

  15. Saman Prasad ( Black Panther )

    niyami niyami saho.

  16. nalaka

    mare maru unu kauum wage denawane..thanks machanla..

  17. Amil

    මේ ඩොකියුමෙන්ට්‍රිය තමයි මම බලපු හොදම ඒවා වලින් එකක්. මෙවැනි දේවල් සිංහල සබ් එක්කම අපිට දෙන එකට ගෝඩාක් ස්තුතියි. පාසල් යන නංගිලා මල්ලිලාට වගේම හැමෝටම තමන්ගේ දැනුම වැඩිකර ගන්න මෙවැනි වැඩසටහන් තව තවත් දෙන්න ලැබේවා.!!!

  18. jayanandana

    නොදන්න දේවල් ගොඩක් දෑන ගත්ත මේ සිරිස් එකෙන්, ගොඩක් පින්

  19. tharindu

    thank u very much bro..!

  20. me

    Thanks

  21. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  22. yeshu

    tnx

  23. වරුණ නිරෝෂණ

    me supiri katha malawa sinhalen gene anna oyala kerana uthsahayata bohoma sthuti............

  24. Srimal Priyanga

    Tnx Bro....

  25. Dushan

    Thanks for sub