තමා විසින්ම සාදා ගන්නා ලද ගමන් මාර්ගයක ගමන් ගන්නා මහා ජලකදක් වේනම් එයයි මිහිකතේ ගීතය, එයයි මිහිකතේ ප්‍රාණය, එයයි මිහිකතේ සියල්ල. 2009 මාර්තු 10 දිනෙන් හටගත් උල්පතින් හටගත් සුළු ජාල ධාරාවක් බඳුවූ බයිස්කෝප් අඩවිය මගින් අරබන ලැබූ වෙබ් කලාවේ, සිංහල සිනමා රසිකත්වයේ විප්ලවීය වෙනසකට මුල් පිරු ඒ ගමන්මග සිං…

තමා විසින්ම සාදා ගන්නා ලද ගමන් මාර්ගයක ගමන් ගන්නා මහා ජලකදක් වේනම් එයයි මිහිකතේ ගීතය, එයයි මිහිකතේ ප්‍රාණය, එයයි මිහිකතේ සියල්ල. 2009 මාර්තු 10 දිනෙන් හටගත් උල්පතින් හටගත් සුළු ජාල ධාරාවක් බඳුවූ බයිස්කෝප් අඩවිය මගින් අරබන ලැබූ වෙබ් කලාවේ, සිංහල සිනමා රසිකත්වයේ විප්ලවීය වෙනසකට මුල් පිරු ඒ ගමන්මග සිංහ හම පොරවාගත් කැනහිලුන් හටද උදාහරණයක් වෙමින් මහා සයුරක් බදු සිනමාවේ දිය බිදු එක බැගින් රසික ඔබට ලබාදුන් අප අඩවියේ ගමන්මග දිය බිදිති විසිරමින් නෙතට සුව දසුනක් ලෙසින් කඩා හැලෙනා සුන්දර දිය ඇල්ලක් ලෙසින් මෙලෙස කඩා හැලෙමින් පස්වන සංවත්සරය සමරනවා. ඉතින් “බයිස්කෝප් සිංහලෙන්” නම්වූ මේ මහා ගංගාව පෝෂණය කල උපසිරසි විශාල ප්‍රමාණයක් අපවෙත ගෙනා මහා උල්පත් මෙන්ම එක් උපසිරසක් හෝ රැගෙන පැමිණි දිය දහරාවන්ටද. ඒ සියලු දිය දහරාවන් උල්පත් පෝෂණය කල, සිසිල ලබාදුන් මහා වෘක්ෂයන් බඳුවූ අපව අදහසකින් දිරිමත් කල, විවේචනයකින් වැරදි පෙන්වාදුන් රසික ඔබ හැමටත් මාගේ ප්‍රණාමය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම උපසිරසි දහසේ සැමරුමට වගේම ලිපි දෙදහස් සැමරුමේ ප්‍රීතිමත් අවස්ථාවටද එක්වීමට ලැබීමද මා ලද භාග්‍යක් කොට සලකනවා. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තිරය පිටුපස සිට මහා බරක් අදින. වාසල අයියා, විකියා, රොයිලි අයියා, හසන්ත අයියා සහ මෙහි ආරම්භකයින් දෙපළ වන පොතේ ගුරා සහ ගෝලයා දෙපළ ඇතුළු සියලු දෙනාටම මේ කරන සද්කාර්යය මෙලෙසින්ම ඉදිරියට කරගෙන යාමට හැකියාව ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!
ඉතින් දැනටමත් ඔබ දන්නා පරිද්දෙන් BBC මගින් විකාශනය කල ගවේෂණාත්මක රුපවාහිනී කතා මාලාවක් තමයි මෙවරත් අප ඔබවෙතට රැගෙන එන්නේ. මේ කොටස විකාශය වෙලා තියෙන්නේ 2011 පෙබරවාරි 11 දින. මේ කොටසට 8.4ක imdb අගයක් ලැබිලා තියනවා. ඉතින් අපි අද මේක මෙහෙම දුන්නා කියලා වෙන වෙන අයට වගේ මේ කතා මාලාව අපිට අයිති නැහැ කැමතිනම් ඕනෑම කෙනෙක්ට ඕනෑම තැනක මේකට උපසිරසි ලබා දෙන්න දෙන්න පුළුවනි, මේ උපසිරසේ පරිවර්තන අයිතිය පමණයි මට තියෙන්නේ 😉 දැන් කතාව දිහාවට හැරෙමු.
මම අරන් එන මේ කොටහේ තියෙන්නේ ගංගාවෝ මිනිසාගේ ජිවිතයට මොනතරම් බලපෑමක් කරනවද කියලා පෙන්වන කොටස අරගෙනයි. ඒ වගේම මේක පරිවර්තනය කරනකොට මේකේ තියන දෙඅම එහෙම පිටින්ම දැම්මේ නැහැ තැනට ගැලපෙන විදියට සමහර දෙබස් කෙටි කළා සහ සමහර ඒවා දිගු කළා. ඉතින් මෙයාලා ජලයත් සමග තම දිවිය බැදී ඇති පුද්ගලයින් කිහිප දෙනෙක් ගැන මේ කොටසින් පෙන්වනවා. මේ පෙන්වන හැම දෙයක්ම ඇත්තටම සිද්ධවෙන දේවල්. ඔයාලා බලනකොට පුදුමවෙයි ඇත්තටම මිනිස්සු මේ වගේ දේවල් කරනවද කියලත්. ඒ වගේම මේක රුගත කරන විධිය, විදින දුෂ්කරතාවයන් එහෙම අන්තිමට පෙන්වනවා.මේකේ පෙන්වනවා ටිබට් රටේ ඉන්න පාසල් යන වයසේ ළමයි දෙන්නෙක් හිමෙන් වැසුණු කදු හරහා සීතලට මිදුන ගගක් දිගේ කිලෝමීටර 100ක් ඈතින් තියන පාසලට යන විධිය. ආයේ මොනාද මම වගේනම් යන්නේ නෑ ඉතින්. 😛 එහෙමනම් සමාජීය-අධ්‍යාපනික වටිනාකමක් ලබාදෙන මේ කතා මාලාවම නරබන ලෙස ඔබ සැමට ආරාධනා කරන ගමන් අපේ හිතවතා, www.baiscope.lk නාමයත් එකමුතුව-එකාවන්ව, කුලල් කාගැනිමකින් තොරව මේ කරන මෙහෙවරත් තව චිරාත් කාලයක් අන්තර්ජාලය තුළ රැව් පිළිරැව් දෙමින් අංක එකේ විනෝදාස්වාදය සපයන්නා ලෙසින් යෙහෙන් වැජබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි!! ඒ වගේම පහළින් යමක් සටහන් කරන්නම් ඒ සටහන බොහොම දිග එකක් ඉතාම කුඩා කොටසක් විතරක් සටහන් කරන්නම් මම. මේක ලිවුවේ රතු ඉන්දියානු නායක සියැටල් විසින්. මෙතනින් ගිහින් ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. ගොඩක් වටිනා දෙයක් ඒක. එසේනම් ආයේ ගිහින් එන්නම් ඔබ සැමට ජයෙන් ජය!
“ජිවය නමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ මිනිසා යනු එහි එක නුල්පටක් පමණි. මිනිසා එම දැලට යම් හානියක් කරගතහොත් ඒ තමාටම කරගන්නා උපද්‍රවයකි” ~ රතු ඉන්දියානු ජන වර්ගයේ නායක සියැටල් (1854)”
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
DA52066DB0232FB5DEA323C0D06AF70F8E083B6E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,428 downloadsDownload Human.planet.007.baiscopelk.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
27 comments
charith
mudiya / මුදියා
ඔය දීල තියෙන්නෙ අපෙ වීමා කොල්ලත්.
නියමයි මචං මේ වැඩේ නම්.
ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!danushka
thanks machan,,,
හර්ෂ ලහිරු
අප්පටසිරි විමා එලකිරි මචෝ :D ජය
indika perera
මේ සබ් වෙනුවෙන් ඔබලා සියලු දෙනාටම ස්තුතියි !
dinidu madushanka
ela ela bro jaya wewa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)“චූටී මල්ලි”
එලනෙ විමත් ඉන්නවා
මේඑක් සබත් ගන්නවා එහෙනම්
සබට තුති
ඔබට ජය........රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. අද දවසේ මේ කතාමාලාව ඉවර කරගන්න ඔයාගෙන් ලැබුණු උදව්වත් සෑහෙන ලොකු දෙයක්. ජය෴෴ :P :P
Amil
අද දවසෙම මේකෙ 07 කොටසත් දුන්න එහෙනම්...
ජයවේවා….
උපසිරැසියට තුති……. :)Sisira Hegoda
Thanks.Thanks..Thanks...
shani
thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නොබලා කොහොමද? අනිවා බලනවා,ජයවේවා.
Saman Prasad ( Black Panther )
ade uba adena tolkakne deela thiyenne :'( ela ela. sub ekata thanks Vimo... (y)
nalaka
macho..mara wadanne umbata thiyenne bokkatama wadinawa machan....aaa upasirasiyata thanks...machan
වරුණ රංගජිත් (වරූ)
නියමයි!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..Tharindu
Thanks
යශෝධ
බොහෝම තුති විමෝ උපසිරසට.... අදයි කොලුවෝ බාගන්න ලැබුනේ...
ජයම වේවා එහෙනම් ඈෑ....... එලස්ස්ස්ස්්ස්ස්ස්...........
Amil
බොහෝම තුති විමෝ උපසිරසට..
මෙවැනි දේවල් සිංහල සබ් එක්කම අපිට දෙන එකට ගෝඩාක් ස්තුතියි.jayanandana
අපේ රස වින්දනය වෙනුවෙන් ඔබලාගේ වටිනා කාලය කෑප කරමින් කරන මෙ මහගු වෑඩේ ගොඩක් වටිනව යාලු,, ඔබලා සියලු දෙනාට ගොඩක් ස්තුතියි,,,
tharindu
thank u very much bro..!
me
Thanks
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍yeshu
tnx
වරුණ නිරෝෂණ
මේ සුපිරි කතා මාලාව සිංහලෙන් අපිට ගෙනාවාට ඔබට බොහෝම ස්තුතියි..........
Srimal Priyanga
Tnx Bro....
Amila bogala
ජයවේවා සබ්ටයිටල් ලියන්න වෙහෙසෙන් ඔයාලා හැමොටම.. පට්ටම ස්තූතියි වැඩේට.. ඉංග්‍රීසි බැරි අපිට ලෝකේ හොඳම වැඩසටහන් තේරෙන විදිහට බලන්න ඉඩ දුන්න ඔයාලට තෙරුවන් සරනයි.......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




අද දවසෙම මේකෙ 07 කොටසත් දුන්න එහෙනම්
නියමයි ආ