Innocent Defendant Sinhala Subtitles මෙම නාට්‍ය 2017 ජනවාරි 23 සිට මාර්තු 21 දක්වා SBS රූපවාහිනියේ විකාශය වූ දකුණු කොරියානු නීතිමය සහ ත්‍රාසජනක ශානරයේ නිර්මාණයකි. Han Jung-hwan විසින් සැලසුම්කරණය කරන ලද සහ Choi Soo-jin මෙන්ම Choi Chang-hwan විසින් රචනා කරන ලද මෙම කතා මාලාව අධ්‍යක්ෂණය කර ඇත්තේ Jo Yo…

Innocent Defendant Sinhala Subtitles
මෙම නාට්‍ය 2017 ජනවාරි 23 සිට මාර්තු 21 දක්වා SBS රූපවාහිනියේ විකාශය වූ දකුණු කොරියානු නීතිමය සහ ත්‍රාසජනක ශානරයේ නිර්මාණයකි. Han Jung-hwan විසින් සැලසුම්කරණය කරන ලද සහ Choi Soo-jin මෙන්ම Choi Chang-hwan විසින් රචනා කරන ලද මෙම කතා මාලාව අධ්‍යක්ෂණය කර ඇත්තේ Jo Young-kwang, Jung Dong-yoon, Jo Young-min සහ Kim Jang-han යන නිර්මාණශීලී අධ්‍යක්ෂවරුන් විසිනි. මෙම නාට්‍යයේ Ji Sung, Um Ki-joon, Kwon Yu-ri, Oh Chang-seok, සහ Uhm Hyun-kyung ඇතුළු තරු පිරුණු නළු නිළියන් ඇතුළත් වෙයි. Park Se-joon ගේ සංගීතය සහ San E විසින් නිර්මාණිත “Until The End (Inst.)” ආරම්භක තේමාව සමඟින් තීව්‍ර කථා වස්තුව, කථාංග 18ක් පුරා දිගහැරෙන අතර, ඒ සෑම එකක්ම මිනිත්තු 60ක් පුරා දිව යයි. Jung Min-gyun සහ Park Min-sung ගේ කැමරාකරණයත්, Jo In-hyung සහ Lim Ho-chul ගේ සංස්කරණයත් එක්ව නිර්මාණය වූ මෙම නාට්‍යය Signal Entertainment Group සහ The Story Works විසින් නිෂ්පාදනය කරන ලද අතර කොරියානු නාට්‍ය රසිකයින් විසින් නැරඹිය යුතුම නිර්මාණයකි.
කතා සාරාංශය…..
පාක් ජොන්ග් වූ යනු සෝල් මධ්‍යම දිස්ත්‍රික් අභිචෝදක කාර්යාලයේ අභිචෝදකයෙකි. දිනක් ඔහු මරණ දණ්ඩනයට නියම වූ වරදකරුවෙකු ලෙස බන්ධනාගාරයක් තුලදී නින්දෙන් අවදි වෙයි. තාවකාලික සිහිමූර්තියකින් පෙලෙන පාක් ජොන්ග් වූ හට තමා කල වරද කුමක්දැයි වටහා ගැනීමටවත් නොහැකිව අසරණ තත්ත්වයට පත් වන අතර ඔහුගේ අවසන් මතකය වෙන්නේ පෙර දින රැයේ තම දියණියගේ උපන්දිනය සමරා නින්දට ගිය බවයි. නමුත් පුදුමයක් ලෙස ඔහු අවදිව ඇත්තේ එයින් දිගු කාලයකට පසුව වන අතර ඔහුගේ වරද වන්නේ තමන්ගේ බිරිඳ මරා දියණියගේ සිරුර සැඟවීම බව ඔහුට දැනගන්නට ලැබෙයි. දැන් ඔහුගේ එකම අරමුණ තමන්ගේ මතකය යථා තත්වයට පත් කරගෙන නම පිරිසිඳු කර ගැනීමයි.
නම : Defendant /피고인
ප්‍රභේදය : නීතිමය, ත්‍රාසජනක
කතාංග : 18
විකාශන දිනය : ජනවාරි 23 – මාර්තු 21
විකාශන වසර : 2017
විකාශන කාලය : සඳුදා/ අඟ. 22:00
Innocent Defendant Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
389 downloadsDownload Defendant-S01E03-Sinhala-Subtitles.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Innocent Defendant Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Innocent Defendant [S01 : E03] Sinhala Subtitles | නිර්දෝශී විත්තිකරු [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/09/Innocent-Defendant-S01.jpg)




ස්තූතියි සිස් උපසිරැසියට