Inspector Rishi [S01 : E09] Sinhala Subtitles කඳුකර ගම්මානයක් අභිරහස් ඝාතන වලට ගොදුරු වීමට පටන් ගත් විටදී මේ ඝාතන සිදු කරන්නේ වනරට්ච් මාරාන්තික වනාන්තර ආත්මයක් බවට ප්‍රදේශවාසීන් බිය වීමට පටන් ගන්නවා. මේ මළසිරුරු ගස්වල රැඳිලා මකුළු දැල් වලින් වට වෙලා තිබුණා. ඉන්ස්පැක්ටර් රිෂි නන්දන්, ඔහු යටතේ සහය පර…

Inspector Rishi Sinhala Subtitles
කඳුකර ගම්මානයක් අභිරහස් ඝාතන වලට ගොදුරු වීමට පටන් ගත් විටදී මේ ඝාතන සිදු කරන්නේ වනරට්ච් මාරාන්තික වනාන්තර ආත්මයක් බවට ප්‍රදේශවාසීන් බිය වීමට පටන් ගන්නවා. මේ මළසිරුරු ගස්වල රැඳිලා මකුළු දැල් වලින් වට වෙලා තිබුණා. ඉන්ස්පැක්ටර් රිෂි නන්දන්, ඔහු යටතේ සහය පරීක්ෂක වරුන් දෙදෙනෙක් වන අයියනාර් සහ චිත්‍රාගේ සහය ඇතිව මේ කුඩා කඳුකර ගම්මානයේ වනරාට්ච් යක්ෂනිය සිදු කරනු ලබන විස්මයාකාර ඝාතන මාලාව විමර්ශනය කරනවා. බුද්ධිමත්, කාර්යක්ෂම රිෂී මේ ඝාතන වලට වැරදිකරු වනරාට්ච් බව කියන කතා පිළිගන්නේ නැහැ. ඔවුන්ට රහස් එළිදරව් කරගැනීමට හා මේ පැහැදිලි කළ නොහැකි අභිරහස පිටුපස තිබෙන සත්‍යය සෙවීමේ වගකීම පැවරී තිබෙනවා. මොවුන් තිදෙනා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ අභියෝග හරහා ගමන් කරනවා පමණක් නෙවෙයි, ඔවුන්ගේ අධිෂ්ඨානය සහ හැකියාවන් සීමාව දක්වාම පරික්ෂා කරන අත්භූත බලවේග සමඟින් සටන් කිරීමට සිදු වෙනවා.
Inspector Rishi Sinhala SubtitlesSuzhal: The Vortex (2022), Vadhandhi: The Fable of Velonie (2022), Dhootha (2023) වැනි අභිරහස් කතා මාලා ගෙන ආ ඇමසන් ප්‍රයිම් විසින් ගෙන එන නවතම අභිරහස් කතා මාලාව තමයි ඉන්ස්පැක්ටර් රිෂී. උඩින් සඳහන් කරපු සීරීස් බලලා නැත්නම් බලන්න කියලා නිර්දේශයක් කරනවා. අද දින(මාර්තු 29) විකාෂණය ඇරඹුණු මේ කතා මාලාව නන්දිනී JS විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. නවීන් චන්ද්‍රා, ස්‍රීක්‍රිෂ්ණා දයාල්, කන්නා රවී, මාලිනි ජීවරත්නම්, සුනේනා, කුමාර්වේල්, ගජ්රාජ්, මයිම් ගෝපි, වසන්ති(ඒජන්ට් ටීනා) ආදී බොහෝ දෙනෙක් රඟපානවා.
Inspector Rishi Sinhala Subtitlesමේ සීරීස් එක දෙමළ වුණත් ඇත්තටම නවීන් චන්ද්‍රා තෙළිඟු නළුවෙක්. නවීන් චන්ද්‍රා මෑතකදී තිරගත වුණ Jigarthanda Double X (2023) චිත්‍රපටයේ දරුණු දුෂ්ඨ චරිතයක් රඟ දැක්වුවා. කියන්න දෙයක් නැහැ, ඒ චරිතය එයා වෙනුවෙන්ම ලියාපු එකක් වගේ ඉදිරිපත් කළා. නවීන්ට මේ වගේ කතා මාලාවක් ලැබීම ඔහුගේ දක්ෂතාවයන් විදහා පෙන්වීමට ලොකු අවස්ථාවක්.
Inspector Rishi Sinhala Subtitlesමීට Imdb රේටින් අගය ලෙස දැනට 7.4ක් හිමි වෙලා තියෙනවා. අභිරහස් කතා මාලා ප්‍රිය කරන අය කැමති ආකාරයේ මිනිත්තු 40-45ක් දිවෙන කොටස් 10කින් යුත් කතා මාලාවක්. ඉතින් කාල වේලාව නොගෙන ඉක්මනින්ම ඔයාලට සිංහල උපසිරැසි ලබා දෙන්න හිතුවා.
Inspector Rishi Sinhala Subtitlesඉංග්‍රීසි වලින් සහය වුණ අශාන් අයියටත් මේ වෙලාවේ ස්තූතියි පුද කරනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.
Inspector Rishi Sinhala Subtitlesඅපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.
4,461 downloadsDownload Inspector-Rishi-2024-S01-E09.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Inspector Rishi Sinhala Subtitles
Subtitles
- #Baiscopelk
- #Deepthi
- #Editor's Pick
- #Gajaraj
- #Harini Sundararajan
- #Inspector Rishi
- #Inspector Rishi (2024)
- #Inspector Rishi (2024) Sinhala Sub
- #Inspector Rishi (2024) Sinhala Subtitles
- #Kanna Ravi
- #Kumaravel
- #Malini Jeevarathnam
- #MaxxA
- #Mime Gopi
- #Misha Ghoshal
- #Naveen Chandra
- #Offbeat
- #Semmalar Annam
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Srikrishna Dayal
- #Sunaina Yella
- #Vaishulisa Vallal
- #Vasanthi
- #Vela Ramamoorthy
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Netflix පිස්සා
Samee9312
අන්තිම එකේ සබ් එකත් දෙන්නකෝ.
Buddhika Lakmal
තෑන්ක්ස් මචෝ සබට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Come on bro, bring the last episode and end our thrill bro