Watch Trailer

Inspector Rishi [S01 : E10] Sinhala Subtitles | පෙනෙන නොපෙන්වන ආසන්නය. [සිංහල උපසිරසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Inspector Rishi [S01 : E10] Sinhala Subtitles කඳුකර ගම්මානයක් අභිරහස් ඝාතන වලට ගොදුරු වීමට පටන් ගත් විටදී මේ ඝාතන සිදු කරන්නේ වනරට්ච් මාරාන්තික වනාන්තර ආත්මයක් බවට ප්‍රදේශවාසීන් බිය වීමට පටන් ගන්නවා. මේ මළසිරුරු ගස්වල රැඳිලා මකුළු දැල් වලින් වට වෙලා තිබුණා. ඉන්ස්පැක්ටර් රිෂි නන්දන්, ඔහු යටතේ සහය පර…

Inspector Rishi (2024) Sinhala Subtitles
Inspector Rishi Sinhala Subtitles

කඳුකර ගම්මානයක් අභිරහස් ඝාතන වලට ගොදුරු වීමට පටන් ගත් විටදී මේ ඝාතන සිදු කරන්නේ වනරට්ච් මාරාන්තික වනාන්තර ආත්මයක් බවට ප්‍රදේශවාසීන් බිය වීමට පටන් ගන්නවා. මේ මළසිරුරු ගස්වල රැඳිලා මකුළු දැල් වලින් වට වෙලා තිබුණා. ඉන්ස්පැක්ටර් රිෂි නන්දන්, ඔහු යටතේ සහය පරීක්ෂක වරුන් දෙදෙනෙක් වන අයියනාර් සහ චිත්‍රාගේ සහය ඇතිව මේ කුඩා කඳුකර ගම්මානයේ වනරාට්ච් යක්ෂනිය සිදු කරනු ලබන විස්මයාකාර ඝාතන මාලාව විමර්ශනය කරනවා. බුද්ධිමත්, කාර්යක්ෂම රිෂී මේ ඝාතන වලට වැරදිකරු වනරාට්ච් බව කියන කතා පිළිගන්නේ නැහැ. ඔවුන්ට රහස් එළිදරව් කරගැනීමට හා මේ පැහැදිලි කළ නොහැකි අභිරහස පිටුපස තිබෙන සත්‍යය සෙවීමේ වගකීම පැවරී තිබෙනවා. මොවුන් තිදෙනා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ අභියෝග හරහා ගමන් කරනවා පමණක් නෙවෙයි, ඔවුන්ගේ අධිෂ්ඨානය සහ හැකියාවන් සීමාව දක්වාම පරික්ෂා කරන අත්භූත බලවේග සමඟින් සටන් කිරීමට සිදු වෙනවා.

Inspector Rishi Sinhala Subtitles

Suzhal: The Vortex (2022), Vadhandhi: The Fable of Velonie (2022), Dhootha (2023) වැනි අභිරහස් කතා මාලා ගෙන ආ ඇමසන් ප්‍රයිම් විසින් ගෙන එන නවතම අභිරහස් කතා මාලාව තමයි ඉන්ස්පැක්ටර් රිෂී. උඩින් සඳහන් කරපු සීරීස් බලලා නැත්නම් බලන්න කියලා නිර්දේශයක් කරනවා. අද දින(මාර්තු 29) විකාෂණය ඇරඹුණු මේ කතා මාලාව නන්දිනී JS විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. නවීන් චන්ද්‍රා, ස්‍රීක්‍රිෂ්ණා දයාල්, කන්නා රවී, මාලිනි ජීවරත්නම්, සුනේනා, කුමාර්වේල්, ගජ්රාජ්, මයිම් ගෝපි, වසන්ති(ඒජන්ට් ටීනා) ආදී බොහෝ දෙනෙක් රඟපානවා.

Inspector Rishi Sinhala Subtitles

මේ සීරීස් එක දෙමළ වුණත් ඇත්තටම නවීන් චන්ද්‍රා තෙළිඟු නළුවෙක්. නවීන් චන්ද්‍රා මෑතකදී තිරගත වුණ Jigarthanda Double X (2023) චිත්‍රපටයේ දරුණු දුෂ්ඨ චරිතයක් රඟ දැක්වුවා. කියන්න දෙයක් නැහැ, ඒ චරිතය එයා වෙනුවෙන්ම ලියාපු එකක් වගේ ඉදිරිපත් කළා. නවීන්ට මේ වගේ කතා මාලාවක් ලැබීම ඔහුගේ දක්ෂතාවයන් විදහා පෙන්වීමට ලොකු අවස්ථාවක්.

Inspector Rishi Sinhala Subtitles

මීට Imdb රේටින් අගය ලෙස දැනට 7.4ක් හිමි වෙලා තියෙනවා. අභිරහස් කතා මාලා ප්‍රිය කරන අය කැමති ආකාරයේ මිනිත්තු 40-45ක් දිවෙන කොටස් 10කින් යුත් කතා මාලාවක්. ඉතින් කාල වේලාව නොගෙන ඉක්මනින්ම ඔයාලට සිංහල උපසිරැසි ලබා දෙන්න හිතුවා.

Inspector Rishi Sinhala Subtitles

ඉංග්‍රීසි වලින් සහය වුණ අශාන් අයියටත් මේ වෙලාවේ ස්තූතියි පුද කරනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.

Inspector Rishi Sinhala Subtitles

අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.

4,615 downloadsDownload Inspector-Rishi-2024-S01-E10.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Inspector Rishi Sinhala Subtitles
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

4,615 downloadsDownload Subtitles18 KB

5 comments

  1. Shan Devinda

    Episode 10 ම Subtitles මේතරම් ඉක්මනින් දුන්නට ගොඩක් ස්තූතුයි ❤️

    Reply
  2. Kaveen

    thank you .

    Reply
  3. Buddhika Lakmal

    බෙහෝම ස්තූතියි රවිදු සහෝ මේ සීරිස් එකට සබ් දුන්නට...
    ඔයාගේ පෞද්ගලික කාලය මේ වෙනුවෙන් කැපකරාට බොහෝම ස්තූතියි..
    ජයවේවා....

    Reply
  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
  5. Anonymous

    Thank you

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.