Watch Trailer

Jigarthanda Double X (2023) Sinhala Subtitles | වනයෙන් ඇසෙන වනවාසීන්ගේ විලාපය, කාට්ටු භරණි. [සිංහල උපසිරසි]

මේ කතාව සිද්ද වෙන්නේ 1975දි. කිරුබාකරන් තමිල්නාඩු පොලිසියේ SI තනතුර සඳහා විභාගයෙන් තේරී පත් වනවා. කිරුබා එයාගේ පෙම්වතිය ලෝර්ද්ගේ විද්‍යාලයට මේ සතුටුදායක ආරංචිය කියන්න යනවා. ඒ වගේම එදා විද්‍යාලයේ ප්‍රසංගයක් පැවැත්වුණා. කිරුබාකරන් පොලිස් සේවයට අයදුම් කලත් ඇත්තටම ලේ දැක්ක ගමන් සිහිය නැතිව ඇදගෙන වැටෙන…

මේ කතාව සිද්ද වෙන්නේ 1975දි. කිරුබාකරන් තමිල්නාඩු පොලිසියේ SI තනතුර සඳහා විභාගයෙන් තේරී පත් වනවා. කිරුබා එයාගේ පෙම්වතිය ලෝර්ද්ගේ විද්‍යාලයට මේ සතුටුදායක ආරංචිය කියන්න යනවා. ඒ වගේම එදා විද්‍යාලයේ ප්‍රසංගයක් පැවැත්වුණා. කිරුබාකරන් පොලිස් සේවයට අයදුම් කලත් ඇත්තටම ලේ දැක්ක ගමන් සිහිය නැතිව ඇදගෙන වැටෙන මහා බය ගුල්ලෙක්. ලෝර්ද් විහිළුවට වගේ කියනවා ඒ වෙලාවෙම විද්‍යාලයේ ඇති වුණ ගැටුමක් නවත්වන්න කියලා. එහෙම කියලා ලෝර්ද් ප්‍රසංගයේ එයාගේ අංගය ඉදිරිපත් කරන්න වේදිකාවට ගොඩ වෙනවා.

Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles

කිරුබා ඇඟට ගැම්මක් අරගෙන රණ්ඩුව පැත්තට ඇදුණා. ටික වෙලාවකට පස්සෙ ශිෂ්‍යයෙක් “කවුදෝ එකෙක් අපේ කොල්ලෝ හතර දෙනෙක්ව මරලා දාලා” කියන් කෑ ගහගෙන ප්‍රසංගය පැවැත්වුණ තැනට දුවගෙන එනවා. එතන හිටිය හැමෝම මේ සිද්ධිය බලන්න කලබලයෙන් දුවගෙන ආවා. ලෝර්ද් එතනට යද්දි කිරුබාකරන් බිම වාඩිවෙලා හිටියා. ඇඟ පුරාම ලේ ගෑවිලා, පිහියකුත් අතේ තියාගෙනම. මහ දවාලේ හිත් පිත් නැතිව විද්‍යාල ශිෂ්‍යයන් හතර දෙනෙක්ව ඝාතනයන් කිරීමට වරදකරු වුණ කිරුබාකරන්ට සිරදඬුවම් නියම වෙනවා.

ජෙයකොඩි සිනමා නළුවෙක්. ජනප්‍රියත්වය නිසාම ජෙයකොඩි දේශපාලනයට සම්බන්ධ වෙනවා. මෙවර ජෙයකොඩිගේ චිත්‍රපටය අන්ත පරාජයකට ලක් වුණා. ඊට හේතුව ජෙයකොඩිගේ ප්‍රතිවාදියා කර්මේඝම්. කාර්මේඝම් ජෙයකොඩිගේ චිත්‍රපටය පෙන්වන සිනමාශාලා වලට තර්ජනය කර රීල් පෙට්ටි ගිනි තබා, කාර්මේඝම්ට පක්ෂපාතී නළුවෙක් වුණ චින්නාගේ චිත්‍රපටයට ජයග්‍රහණයක් අත් කර දෙනවා.

මේ පරාජයෙන් තදබල කෝපයට පත් වුණ ජෙයකොඩි එයාගේ මල්ලි DSP රත්නාගෙන් මේ කාර්මේඝම්ව සහ ඔහුගේ සහචරයින් හතරදෙනාව මරා දමන්නට කියනවා. රත්නා මේ වෙනුවෙන් පොලිස් සේවයට බැඳෙන්න හිටිය, මිනීමැරුම් නිසා සිරගත වූවන් සොයා බලනවා. මෙහිදී කිරුබාකරන් සහ තවත් සිරකරුවන් තිදෙනෙක් තෝරා ගන්නවා. මේ එක් කෙනෙකුට එක් මැරයා ගානේ හතර දෙනාටම බෙදා දෙනවා. කිරුබාකරන්ට ලැබුණේ “ජිගර්දණ්ඩා සිද්ධි සමාජයේ” නායකයා වගේම කර්මේඝම්ගේ මදුරෛ ආධාරකාරයා වන අල්ලියස් සීසර්.

බාර දුන්න රාජකාරිය ඉටු කළොත් මෙයාලව නිදොස් කොට නිදහස් කරලා නැවත සේවයේ පිහිටුවනවා කියලා රත්නා පොරොන්දු වෙනවා. ලෝර්ද් එක්ක විවාහ වෙන්න රස්සාව අත්‍යාවශ්‍ය නිසා කිරුබාකරන් මේ පැවරුම බාර ගන්නවා. ඔය අතරෙදි කාර්මේඝම් සීසර් සහ අනෙක් ආධාර කරුවන් වෙනුවෙන් සාදයක් පවත්වනවා. සාදයේදී හැමෝම නටමින් ගයමින් විනෝද වුණා. සීසර්ගේ නැටුම දැකපු කාර්මේඝම් සීසර් උඹේ නැටුම සිනමාවේ නළුවෙක්ගේ වගේ, උඹ රඟපාන්න පලයන් කියලා අගයමින් කියනවා. ඒත් සාදයට සහභාගි වෙලා හිටිය නළු චින්නා මේ කතාවට එකඟ වුණේ නැහැ.

මේ සමයේ සිනමාවේ කළු පැහැති ප්‍රධාන නළුවෙක් ගැන හිතන්නෙ වත් නැති කාලයක්. මම වගේ පාටට හිටියා නම් රඟපාන්න යන්න තිබුණා. ඒත් මෙයා කළුයිනේ කියලා චින්නා හෑල්ලුවෙන් කතා කරනවා. මේකෙන් සීසර්ට දැඩි කේන්තියක් ඇති වුණා. දෙමළ සිනමාවේ පලමු කළු පැහැති ප්‍රධාන නළුවා වෙන්න සීසර් තීරණය කළා. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න ඇති තරම් සල්ලි සීසර් ළඟ තිබුණා. ඒ නිසාම දෙමළ සිනමාවේ පළමු ප්‍රධාන නළුවා රඟන “පාණ්ඩියා” නම් පෑන් ඉන්දියානු චිත්‍රපටිය වෙනුවෙන් අධ්‍යක්ෂක වරයෙකු උවමනා කර තිබේ යනුවෙන් දැන්වීම් පළ කළා.

Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles

සීසර්ට සමීප වෙන්න මේක නියම අවස්ථාව කියලා හිතුව කිරුබාකරන්, සත්‍යජිත් රේගේ ශිෂ්‍යයෙක් හා සහකාර අධ්‍යක්ෂවරයක් වන රේ දාසන්ගේ විදියට පෙනී සිටිමින් සීසර්ගේ ගෙදරට යනවා. කිරුබාකරන් අල්ලියස්ගේ දාමරික ජීවිතයේ සිදුවීම් පාදක කරගෙන චිත්‍රපටයක් කරන්න පෙරැත්ත කළා. මේ සඳහා අල්ලියස්ගේ ජීවිතයේ සිදු වුණ මතකයේ තියෙන විශේෂ සිද්ධීන් ගැන හාර හාරා අහනවා. ඒත් අල්ලියස්ගේ ජීවිතයේ මතක තියාගන්න තරම් කිරුබාකරන් බලාපොරොත්තු වන ආකාරයේ සිද්ධීන් නැති නිසා අල්ලියස්ගේ සැබෑ ජීවිතයේ වර්ථමානයේ සිද්ධීන් සජීවීව රූගත කරන්න තීරණය කරනවා.

මොකද මේ වගේ සිද්ධීන්ට පෙළඹවීමෙන් සීසර් තරහ කාරයින්ගෙන් මැරුම් කාවි කියලා කිරුබන් හිතුවා. ඒත් දින 30ක් ගත වුණත් සීසර්ව මරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. සීසර්ගේ බිරිඳ මලෛඅරසිගේ වලෛගාප්පු උත්සවය වෙනුවෙන් අනෙක් මැරයන් තිදෙනාට සහ ඇමති කර්මේගම්ට ආරාධනා කරනවා. වලෛගාප්පු උත්සවයට කලින් දවසේ මේ මැරයෝ හතර දෙනාම කරටි කැඩෙන්න බීලයි හිටියේ. කිරුබාකරන්ට සීසර් හොඳටම වෙරි වෙලා තනිවම හිටිය, ලේසියෙන්ම මරලා දාන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒත් මලෛඅරසි ගැන අනුකම්පා හිතලා සීසර්වව එදා අතහැරලා දානවා.

ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව සීසර්ව ලේසියෙන්ම මරන්න පුළුවන් වෙනම අදහසක් කිරුබාකරන්ගේ හිතේ තිබුණා. එදා රෑ කිරුබාකරන් අල්ලියස්ව මැරුවෙ නැති වුණත්, කිරුබාකරන් එක්ක මේ පැවරුම බාරගත් එක් පොලිස් නිලධාරියෙක් පෙරියවර් නම් මැරයාව මරලා දානවා. පහුවදා උදේ මේ මරණය ගැන දැනගත්තම සීසර් යකා නටන්න ගන්නවා. අනිත් හැමෝම මේ ස්වාභාවික මරණයක් කියලා හිතුවත් සීසර් මේක ඝාතනයක් කියලා තරයේම කිව්වා.

මිනිය පශ්චාත් මරණ පරීක්ෂණයට යැව්වට පස්සෙදි මේක ඝාතනයක් කියලා තහවුරු වුණා. පෙරියවර්ගේ ආදාහනය වෙනුවෙන් හැමෝම එකතුවෙලා ඉද්දි, සීසර් කිරුබාකරන් එක්ක පැවරුම බාරගත්ත අනෙක් තුන් දෙනාවම එකින් එක වෙඩි තියලා මරලා දානවා. සීසර්ගේ තුවක්කුවේ මානය එක් වරම කිරුබාකරන් දිහාවට හැරෙනවා!!!

Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles

ඔබ කලාව සොයා නොයයි. කලාව ඔබ සොයා පැමිණේ.

මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සහ රචනා කළේ කාර්තික් සුබ්බුරාජ්. මේ ජිගර්දණ්ඩා ඩබල් X චිත්‍රපටය ජිගර්දණ්ඩා චිත්‍රපටයේ Prequel එකක්. ඒ කියන්නේ ජිගර්දණ්ඩා චිත්‍රපටියට කලින් සිදු වන සිදුවීම් පෙළක්. කාර්තිගේ ෆිල්ම් එකක් කිව්වම අන්තර්ගතය ගැන සැකයක් තියාගන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම රසවිඳින්න පුළුවන් චිත්‍රපටියක්.(ජගමේ තන්දිරම් ඇරෙන්න)

ඔහු මනි රත්නම් මෙන් කලාව සහ වාණිජ්‍ය දෙකම මිශ්‍ර කරගෙන චිත්‍රපට තැනීම කරනවා. සහ කතාවේ අනපේක්ෂිත හැරවීම්(Plot Twist) ඇතුලත් වීමත් ඔහුගේ නිර්මාණවල ලක්ෂණයක්. ඒ එක්කම නයි බිත්තර දෙකකුත් එක්ක ඊළාමත් චුට්ටක් එකතු කරනවා. මේ ඔක්කොම එකතු කරලා පදමට හැඳිගාලා ගත්තම, ඒකට කියන්නේ කාර්තික්ගේ චිත්‍රපටියක්(කාර්තික් පඩම්) කියලා.

රාඝවා ලෝරන්ස්, SJ සූර්යා, නවීන් චන්ද්‍රා, නිමිෂා සජායන්, ෂයින් ටොම් චාකෝ, ඉලවරසු, සත්‍යන්, සන්චනා නටරාජන්, අරවින්ද් ආකාෂ් යන නළු නිළියන් මේ චිත්‍රපටයේ රඟපානවා. Petta (2019) චිත්‍රපටයෙන් පසු අවුරුදු 4කට පස්සෙදි තමයි කාර්තික්ගේ චිත්‍රපටයක් සිනමාශාලා වලට නිකුත් වෙන්නේ. Jagame Thanthiram (2021) සහ Mahaan (2022) චිත්‍රපට OTT හරහා නිකුත් කෙරුණා. ජගමේ තන්දිරම් සිනමාශාලා වලට නිකුත් නොකිරීම ඇත්තටම ලොකූ ලාභයක්. කාර්තික්, ශංකර් අධ්‍යක්ෂණය කරන රාම් චරන්ගේ Game Changer චිත්‍රපටයේ කතාව රචනා කළා.

දෙමළ සිනමාවේ හොඳම චිත්‍රපට අතරේ Jigarthanda (2014) ට ඉහළ තැනක් හිමි වෙනවා. විශේෂයෙන්ම මේක ඩාර්ක් ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය කන්නඩ භාෂාවෙන් Jigarthanda (2016), තෙළිඟු භාෂාවෙන් Gaddalakonda Ganesh (2019) සහ හින්දි භාෂාවෙන් Bachchan Paandey (2022) විදියට රීමේක් කළා. ජිගර්දණ්ඩා යන්නෙහි තේරුම “සීතල හදවත” ලෙසින් චිත්‍රපටයේදි සිද්දාර්ත් හඳුන්වනවා. ජිගර්දණ්ඩා කියද්දි මතක් වෙන තවත් දෙයක් තමයි “ජිගර්දණ්ඩා දූද්”. Aadhavan (2009) චිත්‍රපටියේ එක් හාස්‍ය ජවනිකාවක සූරියා වඩිවේළුට ජිගර්දණ්ඩා දූද් නම් රා වර්ගයක් බොන්න දීලා මත් කරලා වඩිවේළුව පැහැර ගන්නවා.

මේ ජිගර්දණ්ඩා චිත්‍රපටයේ කුරිරු දාමරිකයෙක් හා එම දාමරිකයාගේ ජීවිත කතාව සිනමාවට නැඟීමට යන අධ්‍යක්ෂකවරයෙකු වීමට බලාපොරොත්තු වන තරුණයෙක් එම දාමරිකයා අතර ඝට්ටනයකදී සිදුවන කතාවක්. මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අපේම සහෝදරයා “සීරුම් පුලි” බොබී සිම්හාට දේශීය සිනමා සම්මාන වලදී හොඳම සහය නළුවා සම්මානය ලැබෙනවා. දෙමළ සිනමාවේ හොඳම දුෂ්ඨ චරිතයන් ලැයිස්තුවේ ඉහළම තැනක් ඇසල්ට් සේතු චරිතයට හිමි වෙනවා.

Film Companian වෙබ් අඩවියේ දශකයේ විශිෂ්ඨම සිනමා රංගනයන් 100 අතරට බොබීගේ රංගනයත් එකතු කරනවා. ඒ වගේම එම වෙබ් අඩවියේම දශකයේ හොඳම චිත්‍රපට පෝස්ටර් අතර 2 වැනි ස්ථානය ජිගර්දණ්ඩාට ලබා දෙනවා. කොහොම වුණත් ජිගර්දණ්ඩා, කොරියානු චිත්‍රපටයක් වුණ A Dirty Carnival චිත්‍රපටයේ ආභාෂයෙන් නිර්මාණය වූවක්. වර්ථමානයේදී අනුකරණය කියන වචනය ආභාෂය කියලා තමයි ගොඩක් දුරට ඇහෙන්නෙ.

Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles


රජිණිකාන්ත් සහ කමල් හාසන් කාර්තික් සුබ්බුරාජ්ගේ පරිකල්පනයෙන්.

දෙමළ සිනමාවේ මුල්ම කළු පැහැ හීරෝ (ප්‍රධාන නළුවා)… Jailer චිත්‍රපටියේ ලිපියෙන් මේ ගැන සඳහන් කළා මතක ඇති. විජයකාන්ත්, නැපෝලියන්, කාමරාජන්, තලපති විජයි, ධනුෂ් විෂාල්, විජයි සේදුපති… මේ වගේ කළු පැහැ නළුවන්ට සිනමාවේ තැනක් උදා කර දෙන්න මූලික අඩිතාලම දැමුවේ සුපර් ස්ටාර් රජිණිකාන්ත්. රජිණිට පෙර සිනමාවේ ප්‍රධාන නළුවෙක් වෙන්න නම් සුදු පැහැයක්, කැරලි කොණ්ඩයක් තිබීම අනිවාර්යය වුණා.

රජිණි ප්‍රධාන නළුවෙක් විදියට Bhairavi (1978) චිත්‍රපටයෙන් සම්ප්‍රාප්තිය සටහන් කරනවා. ඒ එක්කම මේ කළු නළුවෙක් රඟපාන චිත්‍රපටි කවුරුවත් බලන්නෙ නැහැ කියලා මතය පුස්සක් වුණා. මුලින්ම කිව්වා වගේ මේ කතාව සිද්ධ වෙන්නෙත් 1975දී. රජිණිකාන්ත් 1975 වර්ෂයේදි Apoorva Raagagngal (1975) චිත්‍රපටයෙන් තමයි සිනමාවට අවතීර්ණ වෙන්නෙ. ඒ ගැන සඳහනක් ද චිත්‍රපටියට එකතු කර තිබුණා.

“රජිණිකාන්ත් කියලා අලුත් කොල්ලෙක්… කළුවට, පාටට, ගොඩක් හොඳට රඟපානවලු. ඉතා ඉක්මනින්ම ලොකූ හීරෝ කෙනෙක් වේවි කියනවා.”

කාර්තික් සුබ්බුරාජ්, රාඝවා ලෝරන්ස් රජිණිට දැඩි භක්තියකින් ඉන්නෙ. මේ වගේ චිත්‍රපටයේ තැන් කිහිපයකදිම රජිණිව සිහි ගන්වනවා. උදාහරණයකට රජිණි පිස්තෝලය ඇඟිල්ලට තියලා කරකවන ශෛලිය. චිත්‍රපටය නිකුත් කිරීමෙන් අනතුරුව රජිණි, කාර්තික් සුබ්බුරාජ් සහ රාඝවා, සූර්යා, සන්තෝෂ් ඇතුළු චිත්‍රපටයේ කණ්ඩායමට නිවෙසට ආරාධනා කර සුබ පැතුම් එක් කර තිබුණා. ජිගර්දණ්ඩා ඩබල් X කණ්ඩායමේ බොහෝ දෙනෙක් රජිණිකාන්ත්ගේ රසිකයින් වීම විශේෂයි.

තවත් විශේෂ කාරණයක් වෙන්නේ කාර්තික් තමන්ගේ සුබ මුහුර්තය ලෙස “12:12” යොදා ගන්නවා. ඊට හේතුව රජිණිකාන්ත්ගේ ජන්ම දිනය දෙසැම්බර් මස 12දා. මේක කාර්තික් විසින්ම සම්මුඛ සාකච්ඡාවකදී කියනවා. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු 2022 වසරේ දෙසැම්බර් 12 දින ආරම්භ කළා. මේ චිත්‍රපටයේ මාමදුර ගීතය, ටීසරය සහ බ්ලොක්බස්ටර් ටීසරය සවස 12:12ට නිකුත් කෙරුණා. කාර්තික් නැවත වරක් රජිණිකාන්ත් සමඟ චිත්‍රපටයක් කිරීමට අවස්ථාවක් තිබෙනවා. මේක සමහරවිට Thalaivar 172 ව්‍යාපෘතිය වෙන්න පුළුවන්.

For My Boys

Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles

පලමු චිත්‍රපටයෙදි වගේම මේ චිත්‍රපටයේත් සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ සන්තෝෂ් නාරායනන්. ඔහුගේ සුළු දියණිය දී “මාමදුර” ගීතය ගායනා කරනවා. ඒ වගේම යුවන් ශංකර් රාජා “තී කුච්චි පටාසා” ගීතය ගායනා කරනවා. පලවෙනි චිත්‍රපටියේ පාවිච්චි කළ BGM කිහිපයක්ම මේ චිත්‍රපටයටත් පාවිච්චි කරලා තිබුණා.

රාඝවා ලෝරන්ස් මෙතෙක් ඉදිරිපත් කරපු හොඳම රංගනය මේ චිත්‍රපටියෙන් දැකබලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට රාඝවාගෙන් බලාගන්න වෙන්නෙ ඕවර් ඇක්ටින් ටිකක්. ඉඩෝරයට වැස්ස වගේ මේ වතාවේ රාඝවාටත් චරිතයක් රඟපාන්න ලැබිලා තියෙනවා. මාස දෙක තුනකට කලින් තිරගත වුණ Chandramukhi 2 චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ව මුළුමනින්ම කලකිරීමට පත් කළා. මේ වගේ අවස්ථාවක මේ වගේ චිත්‍රපටියක අවශ්‍යතාවය රසිකයින්ට තදින්ම දැණුනා.

මේ චිත්‍රපටයෙන් පස්සෙදිත් සුපුරුදු විදියටම මාස් මසාලා, හොල්මන් චිත්‍රපටි පෙළක් අරගෙන් ඒවි. කොහොම වුණත් ඉන් එක චිත්‍රපටියක් හරි සාර්ථක වුණොත් ඒකෙන් ලැබෙන ලාභයෙන් අසරණ ආබාධිතයන්ට තවත් වැඩි වැඩියෙන් උපකාර කරන්න රාඝවාට හැකි වෙනවා. රාඝවා හදවත රත්තරන් උතුම් මනුස්සයෙක් කියලා තමිල්නාඩුවේ මිනිස්සු දන්න නිසා හැමදාටමත් ගෞරවයෙන් සළකනවා.

SJ සූර්යා කාර්තික් සමඟ එක් වන දෙවන වතාව. මීට පෙර කාර්තික්ගේ Iraivi (2016) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ඉදිරිපත් කළා. එහිදී ඔහු විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා. සූර්යා රඟපෑ මේ වසරේදී නිකුත් වූ Mark Antony (2023) චිත්‍රපටය ඉ.රු. කෝටි 100 ඉක්මවූ ආදායමක් උපයා ගත්තා. ඉදිරියේදී පැමිණීමට නියමිත Game Changer (2024), Indian 2 (2024), Saripodhaa Sanivaaram (2024), D50 චිත්‍රපටවලට සහය චරිත රංගනයෙන් දායක වනවා.

මේ ජිගර්දණ්ඩා ඩබල් X චිත්‍රපටියේ දෙවන භාගයේ කතාවේත්, Viduthalai : Part 1 චිත්‍රපටයේ කතාවේත් යම් යම් සමානකම් දකින්න පුළුවන්. විඩුදලෛ චිත්‍රපටයේ රජය වනවාසීන්ව මර්ධනය කරද්දී වනවාසීන් සංවිධානය වී ඊට එරෙහිව සටන් වදිනවා. වෙනසකට තියෙන්නෙ වනවාසීන් රජයේ ක්‍රියාමාර්ග වලට ප්‍රතික්‍රියා කරන ආකාරය. ඒ ඇරෙන්න මේ චිත්‍රපටයේ දෙවන භාගයේ කතාව එක සමානයි. ඇතැම්විට වීරප්පන්ගේ කතාව ආභාෂයෙන් නිර්මාණය වුණා වෙන්නත් පුළුවන්. එහෙන් මෙහෙන් ඊළාම් පිළ්ලි වල කුණු ගඳ ගහන්නෙ නැතුවාම නෙවෙයි.

Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles

දීපවාලියට සමගාමීව නොවැම්බර් 10 දා මේ චිත්‍රපටය තිරගත වුණා. තිරගත වූ දවසේ සිටම මීට ලැබුණු යහපත් ප්‍රතිචාර නිසා තරමක් දුරට ප්‍රචාරණයකින් ප්‍රේක්ෂකයින් මධ්‍යයට අරගෙන ගියා. චිත්‍රපටයේ වියදම ඉ.රු. කෝටි 100ක් පමණ වෙනවා කියලා අධ්‍යක්ෂක වරයා සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාෂ කළා. ඒත් මේ වෙද්දි චිත්‍රපටයට උපයාගත හැකි වුණේ ඉ.රු. කෝටි 60ක් පමණ ආදායමක් පමණයි.

මීට ලැබුණු Imdb රේටින් අගය 8.4/10ක්. ඒ වගෙම කුණු තක්කාලි අගය 70%ක්. Pink Villa 5/5ක්, TOI පුවත්පත 3/5ක අගයක්, OTTplay 3.5/5ක අගයක් ජිගර්දණ්ඩා ඩබල් X වෙනුවෙන් ලබා දුන්නා. විකටන් පුවත්පත 48/100ක් ලබා දුන්නා. 2023 වසරේ ඉහළතම ලකුණක්. ජිගර්දණ්ඩා (2014) චිත්‍රපටියේ නළු සිද්දාර්ත්ගේ Chithha චිත්‍රපටයට 51/100ක ලකුණක් ලැබුණා. මම දන්න තරමින් මීට වඩා වැඩි ලකුණක් මේ වසරේ තිරගත වුණ චිත්‍රපටවලට ලැබෙනවා දකින්න නම් ලැබුණෙ නැහැ.

ඒ වගේම මේ චිත්‍රපටය එක්ක කාර්තිගේ 25වන චිත්‍රපටය Japan (2023) තරඟ වැදුණා. ඇත්තටම තිරගත වෙන්න කලින් කාර්තිගේ චිත්‍රපටිය අති විශාල ජයග්‍රහණයක් ලබා ගනීවි කියලා සිනමාවේදීන් වගේම හැමෝම විශ්වාස කළා. මොකද කාර්ති දිගින් දිගටම හිට් චිත්‍රපටි දෙමින් හිටියේ. ඒත් බලාපොරොත්තු නොවුණ විදියට ජපාන් චිත්‍රපටිය විශාල පරාජයකට ලක් වුණා.

Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles Jigarthanda Double X (2023) Sinhala Subtitles

ඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. උපසිරැසිය විතරක් ද, මේ ලිපිය, උඩින් තියෙන කවර් පික් එක පවා උස්සනවා.

අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත් සඳහා ගැළපේ.

13,712 downloadsDownload Jigarthanda-Double-X-2023.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

13,712 downloadsDownload Subtitles65 KB

18 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවි ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Film eka dapugaman subeka apata
    labadenna oya karana me kepakireemata
    godakma pin kollo.......................................!!

  2. oshanda

    ela kollek.. apu gaman dila. jaya wewa malli

  3. Madusha

    බොහොම ස්තූතියි. මේ oraginal එක නේද

    1. Naveen Mbr

      ඔව් සහෝ.

  4. Buddhika Lakmal

    පට්ට ෆිලුමක් වගේ...
    ස්තූතියි සහෝ උපසිරැසියට...

  5. දිලීප මධුෂාන්

    රවිඳු අයියගේ සබකින්, මේක බලනවා කියන්නේ මරු තමයි..ස්තූතියි අයියේ!

  6. Ravindra

    Thanks

  7. milinda

    tnx ravidu bro....

  8. Anonymous

    ELa

  9. Hashan

    Thanx for the sub bro......❤️❤️❤️

    1. Anonymous

      Chathuram 2022 telugu movie eke sub ekath puluwn nm denna

  10. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  11. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  12. aravinda

    Thanks machan.................

  13. baiscopelk ishu

    Sub ekata ThX

  14. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

    12 monkeys season 4 එකට සබ් දෙන්න පුලුවන් නම්

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.