Invincible [S01 : E01] Sinhala Subtitles කොහොමද ඉතින් හැමෝටම? අද අරගෙන එන්නේ 2022 වසරේ නිකුත් වුණු, ලෝකයම පුදුමයට පත් කරමින් අතිශය සාර්ථක මට්ටමට ආව, කොමික් පාදක කරගත් කතා මාලාවක උපසිරසි. මේක නමින් Invincible. ලිපියේ තව ඉස්සරහට යන්න කලින් කියලා හිටින්න ඕනේ, මේකේ ලේ සහ ප්‍රචණ්ඩත්වය සෑහෙන්න තියෙනවා. ඒ…

කොහොමද ඉතින් හැමෝටම? අද අරගෙන එන්නේ 2022 වසරේ නිකුත් වුණු, ලෝකයම පුදුමයට පත් කරමින් අතිශය සාර්ථක මට්ටමට ආව, කොමික් පාදක කරගත් කතා මාලාවක උපසිරසි. මේක නමින් Invincible. ලිපියේ තව ඉස්සරහට යන්න කලින් කියලා හිටින්න ඕනේ, මේකේ ලේ සහ ප්‍රචණ්ඩත්වය සෑහෙන්න තියෙනවා. ඒක නිසා අවුරුදු 15ට වගේ අඩු නම් බලද්දී පරිස්සම් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
ඉතින්, Invincible රිලීස් වුණේ Amazon Prime එක හරහායි. ෂෝ එකට මේ වෙනකොට ලැබිලා තියෙනවා IMDb දර්ශකයේ 8.7ක වගේ ඉතාම ඉහළ අගයක්. සීරීස් එකට හඬකවන්න ජනප්‍රිය නළු නිළියන් බොහොමයක් දායක වෙලා තියෙනවා. මේ අතරේ කැපී පේන්නේ Steven Yeun (Invincible), Sandra Oh (Debbie), J. K. Simmons (Omni-Man), Mark Hamill (Art) ආදී අයයි. ඒවගේම පසුබිම් සංගීතය ගැනත් මතක් නොකරම බැහැ. Invincible ගේ theme එක නිර්මාණය කරලා තියෙන්නේ legendary John Paesano විසින්. එයා තමයි Daredevil (2015) Main Credits, Marvel’s Spider-Man 2 (“Greater Together”), Marvel’s Spider Man (“Spider-Man” , “New York’s Only Spider-Man”) වගේ සුපිරි soundtracks නිර්මාණය කළේ. ඉතින් ඕනම කොමික් රසිකයෙක් බලන්නම ඕන සීරීස් එකක් කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙද?
Indee comic companies කියලා දෙයක් ගැන අහලා තියෙනවද? අහලා නැත්නම් ඉක්මනට පැහැදිලි කරලා දෙන්නම්. අපි හැමෝම දන්නවනේ සුපිරිවීර කොමික් වල පුරෝගාමියෝ දෙන්නා Marvel Comics සහ DC Comics බව. මෙයාලා තමයි ලෝකයේ මුල්ම සුපිරිවීරයන්ව නිර්මාණය කළේ. සුපර්මෑන්, ස්පයිඩර්-මෑන්, බැට්මෑන්, අයන් මෑන්, වන්ඩර් වුමන් ආදී සුපිරිවීරයෝ දැන් pop-culture icons බවටත් පත් වෙලා තියෙනවා. එයාල ගැන ලියවෙච්ච කතාවල නිමක් නෑ. ඉතින්, ඉන්ඩී කොමික් ශිල්පියෝ කියන්නේ මුලින්ම මේ මාවල්, DC ආයතනවල වැඩ කරලා, තමන්ටම කියලා නමක් හදාගෙන, පස්සේ ඒ සමාගම්වලින් අයින් වෙලා, තමන්ගෙම සමාගමක් පටන් අරගෙන කොමික් නිෂ්පාදනය කළ අයට.
කොමික් ගැන දන්න අයට Rob Liefeld සහ Tom McFarlane කියන්නේ බොහොම හුරුපුරුදු නම් දෙකක්. මෙයාලා 1990 ගණන්වල ඉතාම සාර්ථකත්වයට පත්වුණු කොමික් ශිල්පීන්. Rob Liefeld ව ඒ කාලෙ සැලකුණේ celebrity කෙනෙක් විදියටයි. එයාගේ හොඳම යාළුවා (පස්සෙ කාලෙක හතුරා – ඒක දිග කතාවක්) වුණේ Tom McFarlane. 1990 ගණන්වලදී මේ දෙන්නා Marvel එකට මිලියන ගාණක් හොයලා දුන්නා එයාල ඇඳපු සහ රචනා කරපු කොමික්වලින්. ඒත් ප්‍රශ්නේ තිබුණේ, එයාලට ඕන හැමදෙයක්ම මාවල් එකෙන් කරන්න දුන්නේ නෑ, ඒවගේම එයාලගේ නිර්මාණවලට අයිතිය තිබුණේ Marvel ආයතනයටයි. මේක ගැන කලකිරුණු මේ දෙන්නා තීරණය කළා මාවල් එකෙන් අයින් වෙලා එයාලගෙම කියලා කම්පැනියක් පටන් ගන්න.
මේ ආයතනයේ නම තමයි Image Comics. මේ දෙන්නා Jim Lee වගේ තව කීප දෙනෙක් එක්ක එකතු වෙලා නිර්මණය කළ මේ සමාගම ඉතාම ඉක්මනින් ජනප්‍රිය වෙන්න ගත්තා. එයාලා Spawn, Youngblood, The Walking Dead වගේ හිට් සීරීස් එක පිට එක නිෂ්පාදනය කළා. මේ Image Comics වල තිබුණ ප්‍රධානම ප්‍රතිපත්තිය තමයි, තමන්ගේ වැඩවල අයිතිය තියෙන්නේ කතුවරයාට මිසක් ආයතනයට නෙමෙයි. ඒවගේම එක artist කෙනෙක්ට තව artist කෙනෙක්ගේ වැඩවලට උදළු දාන්න බෑ. ඉතින් මේ සීඝ්‍රගෙන් ජනප්‍රිය වීගෙන ගිය Image Comics ආයතනයෙන් නිකුත් වුණු තව කතා මාලාවක් තමයි මේ Invincible කියන්නේ. එයාව නිර්මාණය කළේ Robert Kirkman සහ Cory Walker විසින් 2003 වසරෙදී. පස්සේ මේ කණ්ඩායමට Ryan Ottley ත් එකතු වුණා.
මාක් ග්‍රේසන් කියන්නේ සාමාන්‍ය මිනිස් ළමයෙක් ම නෙමෙයි. එයාගේ අම්මා මනුෂ්‍ය වුණාට තාත්තා පිටසක්වළින් ආපු, මිනිස් පෙනුමක් තියෙන ජීවියෙක්. එයා තනිකර සුපර්මෑන් වගේ චරිතයක්. එයාට ඇස් දෙකෙන් ලේසර් විදින එක ඇර සුපර්මෑන්ගේ අනිත් බලයන් හැම එකක්ම තියෙනවා. එයා ඇවිත් තියෙන්නේ විල්ට්‍රම් කියන ග්‍රහලෝකයේ ඉඳන්, පෘථිවිය වගේ අඩු මට්ටමේ ග්‍රහලෝකවලට උදව් කරන අරමුණෙන්. ඉතින් ඒ කියන්නේ මාක් ග්‍රේසන් අර්ධ-මිනිස්, අර්ධ-විල්ටෘමයිට්. මාක් පොඩි කාලේ ඉඳන්ම දන්නවා එයාගේ තාත්තා, ඔම්නි-මෑන්, තමයි ලෝකයේ ඉන්න බලවත්ම සුපිරිවීරයා විත්තිය. ඉතින් එයාටත් එයාගේ තාත්තා එක්ක එකට මංකොල්ලකාරයෝ අල්ලන්න, සුපිරිවීර වැඩ කරන්න බලයන් ඕන වෙලා තියෙන්නේ. ඒත් එයාට ඒවා එන පාටක් නෑ. හැබැයි එක දවසක්, ඔක්කොම වෙනස් වෙනවා එයාට එක පාරටම ඒ බලයන් ලැබීමත් එක්ක. මාක් ග්‍රේසන් හෙවත් ඉන්වින්සිබල් දන්නවා කියලා හිතාගෙන ඉන්න ලෝකේ… තනිකරම කණපිට හැරෙනවා.
මුලදි බලාගෙන යනකොට හිතෙයි මේක තවත් එක, සාමාන්‍ය සුපිරි වීර කතාවක් විතරයිනේ කියලා. මමත් මුලින් හිතුවේ එහෙම තමයි. හැබැයි පළවෙනි එපිසෝඩ් එක බලලා ඉවර වෙනකොට, මුළු සීරීස් එකම එක හුස්මට ඉවර කරලා දාන්න නොහිතුණොත් පුදුමයි.
මේකට තාම උපසිරසි නොවැටුණ එක නම් පුදුමයට කාරණයක්. කොහොමෙන් කොහොමෙන් හරි, දැන් උපසිරසි ආවා නේ. 2022 නිකුත්වුණු කතා මාලාවක් නිසා කොමික් රසිකයෝ නම් දැනටමත් බලලා ඇත්තේ. කමක් නෑ, දෙවෙනි සීසන් එක මේ නොවැම්බර් වල රිලීස් වෙනව නේ. මතකේ අලුත් කරගන්න කියලා ආපහු උපසිරසි එක්ක බලන්නකෝ.
ඒවගේම නොබලපු අයටත් මේ වගේ සුපිරි කතා මාලාවක් මඟ ඇර නොගෙන බලන්න කියන ඉල්ලීමත් එක්ක, අදට සමුගන්නම්. දෙවෙනි එපිසෝඩ් එකේ උපසිරසි සමඟින් ඉක්මනට හමුවෙමු. පීස් ✌️.
Invincible Sinhala Subtitles
“Son, kids your age think they are invincible, and it holds them back. Makes them careless. The thing is… you’re different. You actually are… Invincible.”
“පුතේ, ඔයාගේ වයසේ ළමයි හිතනවා එයාලා අපරාජිතයි කියලා. ඒකෙන් එයාලගේ ඔළුව ඉදිමෙනවා, එයාලා නොසැලකිලිමත් වෙනවා. වැඩේ කියන්නේ… ඔයා එයාලට වඩා වෙනස්. ඔයා, ඇත්තටම… අපරාජිතයි.”
Invincible Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,626 downloadsDownload Invincible-S01-E01.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible [S01 : E01] Sinhala Subtitles
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Achintha kavindu
Sanupa Ranmeth
ස්තුතියි සහෝ.
සීසන් එක අවසාන වනතුරු උපසිරසි සයිට් එකේ පළ වේවි.
Imesh Perera
Thank Saho
okkoma oneLahiru Bandara
බලල නෑ බ්‍රො තාම. බලන්න ලිස්ට් එකෙ දාගෙන තිබ්බෙ. සබ් නැති නිසා පහු වෙවී තිබ්බෙ. මුළු සීරියස් එකම බාන ගමන්. මගදි නතර කරන්නෙ නැතිව දිගටම දෙන්න.
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Anonymous
season 3 ta sub gennako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Invincible [S01 : E01] Sinhala Subtitles | තාත්තයි පුතයි… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Invincible-S01-b.jpg)



digatama one meka iwara wenakanma.sub ekanm maru