Watch Trailer

Invincible [S01 : E02] Sinhala Subtitles | ෆ්ලැක්සන් ආක්‍රමණය… [සිංහල උපසිරසි]

Invincible [S01 : E02] Sinhala Subtitles බයිස්කෝප්වාසී සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් කට්ටිය පළවෙනි එපිඕඩ් එක බලන්න ඇති නේ. මේ අරගෙන ආවේ Invincible කතා මාලාවේ පළවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Here Goes Nothing” කියලා. පළවෙනි එපිසෝඩ…

Invincible  Sinhala Subtitles

Invincible Sinhala Subtitles

බයිස්කෝප්වාසී සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් කට්ටිය පළවෙනි එපිඕඩ් එක බලන්න ඇති නේ. මේ අරගෙන ආවේ Invincible කතා මාලාවේ පළවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Here Goes Nothing” කියලා. පළවෙනි එපිසෝඩ් එකේ අවසානයෙන් පස්සේ කට්ටිය දෙවෙනි එපිසෝඩ් එක බලන්න නොඉවසිල්ලෙන් ඇත්තේ. එහෙනම් වැඩි කතා නැතුව ගිය එපිසෝඩ් එක ගැන මතක් කරගමු.

පසුගිය කොටසින්…

ඉතින් පළවෙනි එපිසෝඩ් එකෙන් අපට Invincible එකේ ලෝකය ගැන හොඳ අදහසක් දුන්නා. ඒකෙත් ජස්ටිස් ලීග් එක වගේ Guardians of the Globe කියලා සංගමයක් ඉන්නවා. මාක්ගේ තාත්තා වන ඔම්නි-මෑනුත් ඒකේ සාමාජිකයෙක්. ඒවගේම අපි දැක්කනේ මාර්ක්ට එයාගේ බලයන් ලැබෙන විදිය. ඒක අහපුවාම ඔම්නි-මෑන්ගේ හැසිරීම අමුතු වුණා. මේ වගේ සැක හිතෙන තැන් කීපයක්ම එපිසෝඩ් එකේ තිබුණා. හරියට නිකන් නෝලන් කියන්නේ තමන් ලෝකෙට පෙන්නගෙන ඉන්න කෙනා නෙමෙයි වගේ. කොහොමහරි, අපි දැක්කනේ මාර්ක් එයාගේ තාත්තත් එක්ක වීරයෙක් වෙන්න පුහුණු වෙන විදිය. ඒත් එයා බයෙන් ඉන්නේ එයාට තාත්තගේ නම රැකගන්න බැරි වෙයිද කියලා. ඉතින් මේක ගැන මාර්ක් සහ ඩෙබී අතරත්, මාර්ක් සහ නෝලන් අතරත් හදවතට දැනෙන කතාබහක් සිද්ධ වුණා. එපිසෝඩ් එකේ උච්ඡතම අවස්ථාවේ අපට දැකගන්න ලැබුණා මාර්ක් අවසානයේදී ඉන්වින්සිබල් වෙන විදිය.

ඊටපස්සේ සිද්ධ වෙන දෙයින් කතාව වෙනස්ම අතකට හැරෙනවා. ගාඩියන්ස්ලා හැමෝටම වහාම ගාඩියන්ස්ලගේ මූලස්ථානයට එන්න කියලා පණිවිඩයක් ලැබෙනවා. ඇවිල්ලා බලනකොට කවුරුවත් එයාලට කතා කරලා නෑ. එකපාරටම අඳුරේ ඉඳන් මතුවෙන ඔම්නි-මෑන් එයාලට පහර දෙනවා. එතනදී දෙගොල්ලෝ අතරේ දරුණු සටනක් ඇවිලෙනවා. ඔම්නි-මෑන් වචනයක්වත් කතා නොකරම තමන්ගේ මිතුරන් එකින් එකා බොහොම brutal විදියට මරලා දානවා. එතනින් තමයි එපිසෝඩ් එක අවසන් වෙන්නේ.

එහෙනම් අද කොටස බලන්නකෝ. තුන්වෙනි කොටසේ උපසිරසි සමඟින් හෙට හමුවෙමු. පීස් ✌️.

“You don’t seem to understand… Earth isn’t yours to conquer.”

“ඔයාලට තේරෙන්නේ නෑ වගේ… පෘථිවිය යටත් කරගන්න එක තමුන්ට අයිති නෑ.”


Invincible Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,260 downloadsDownload Invincible-S01-E02Sinhala-Subtitles.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

3,260 downloadsDownload Subtitles28 KB

3 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Krishani

    Thank you