Invincible [S02 : E07] Sinhala Subtitles ඔන්න මේ සතියේ Invincible එපියේ සිංහල උපසිරසිත් ටිකක් පරක්කු වෙලා නමුත් සතිය ඉවර වෙන්න කලින් අරගෙන ආවා. මේක නම් ආයේ ගින්දර එපියක්. එහෙනම් වැඩි කතා නැතුව ගිය සතියේ වුණු දේවල් මතක් කරගමු. පසුගිය කොටසින්… කලින් එපිසෝඩ් එකේ අපි දැක්කා ඉන්වින්සිබල් සහ ඉමෝර්ටල් එකත…

ඔන්න මේ සතියේ Invincible එපියේ සිංහල උපසිරසිත් ටිකක් පරක්කු වෙලා නමුත් සතිය ඉවර වෙන්න කලින් අරගෙන ආවා. මේක නම් ආයේ ගින්දර එපියක්. එහෙනම් වැඩි කතා නැතුව ගිය සතියේ වුණු දේවල් මතක් කරගමු.
පසුගිය කොටසින්…
කලින් එපිසෝඩ් එකේ අපි දැක්කා ඉන්වින්සිබල් සහ ඉමෝර්ටල් එකතු වෙලා වැඩ කරලා සාර්ථක ලෙස සෙක්විඩ් ආක්‍රමණය නතර කරන්න සමත් වෙනවා. එයාලා රස් ලිවින්ග්ස්ටන් කියන සෙක්විඩ්ලා යටතේ හිටපු ගගනගාමියාව බේරගෙන ආපහු පෘථිවියට අරන් එනවා, සෙක්විඩ්ලාගේ පාලනය ඉවරයක් කරමින්. ඒත් එපිසෝඩ් එක අන්තිමේ එළිවෙනවා රස් ලිවින්ග්ස්ටන්ගේ ඇඟ ඇතුළේ පවා සෙක්විඩ්ලා ඉඳලා තියෙනවා කියලා. අන්තිමේදී අපි දකිනවා ඒ සෙක්විඩ්ලා ආපහු එයාව පාලනයට යටත් කරගෙන බලවත් වෙනවා.
ඒවගේම කලින් එපිසෝඩ් එකේ සෑහෙන ප්‍රමාණයක් රෙක්ස්ට වෙන් වෙලා තිබුණා. තමන්ගේ අත නැතුව, ඔලුවටම වෙඩි තිබ්බට පස්සෙත් එයා ආපහු මරණින් නැගිටලා ලිසාඩ් කින්ග්ව ඉවරයක් කරපු හැටි මතක ඇති නේ. ඒවගේම ඒකට ප්‍රතිකාර ගන්න අතරතුර එයාගේ වැරදි එයාට තේරෙනවා. සහ එයා Invincible ටත්, ඊව් ටත්, අනිත් හැමෝටමත් හොඳින් සලකන්න හිතට ගන්නවා. ඇත්තම කිව්වොත්, පළවෙනි සීසන් එකේ මට පේන්න බැරි වුණු රෙක්ස් දැන් ඉන්වින්සිබල් විශ්වයේ මගේ කැමතිම චරිත අතරට ඇවිත් ඉන්නවා. Writers ලා එයාගේ චරිතේ නම් ආයෙ නියමෙටම ලියනවා.
Writersලට ක්‍රෙඩිට් එක හම්බවෙන්න ඕන තව තැනක් තමයි මාර්ක් සහ ඇම්බර් අතර තියෙන සම්බන්ධය. මාර්ක්ගේ සුපිරිවීර ජීවිතය ඇම්බර්ටත්, ඇම්බර්ගේ සාමාන්‍ය ජීවිතය මාර්ක්ටත් ගැළපෙන්නේ නෑ කියන එක රචකයෝ හොඳටම පෙන්නනවා. මේක මාර්ක්ට සහ ඇම්බර්ටත් තේරෙන්න අරගෙනයි තියෙන්නේ. මාර්ක්, ආර්ට් එක්ක සහ ඇම්බර්, ඊව් එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරපු සීන් එක මං හිතන්නේ මේ මුළු සීසන් එකේම writing අතින් ගත්තොත් හොඳම සීන් එකක්. ඒකෙන් අපට පැහැදිලි වුණා මේ දෙන්නගේ සම්බන්ධේ තව වැඩිකල් නොතිබෙන බව. පෞද්ගලිකව, මං බලන් ඉන්නේ මේ දෙන්නා breakup වෙලා මාර්ක්, ඊව් එක්ක යාළු වෙනකන්.
තවත් වැදගත් සිදුවීමක් තමයි මාර්ක්, නෝලන් කියපු විදියට එයාගේ පොත් කියවන්න පටන් ගත්ත එක. එයා ඇලන්ට කියන විදියට, එයා හිතනවා නෝලන් ඒ පොත්වල ලියලා තියෙන්නේ කාටවත් පරාද කරන්න බැරි ජීවින් ලෙස සැලකෙන විල්ටෘමයිට්ලාට හානි කරන්න පුළුවන් දේවල් ගැන කියලා. ඉතින් මේක ඇත්ත නම්, ඉදිරියට එන විල්‍ටෘමයිට් යුද්ධයට මේක සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි.
ඒවගේම පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේදී අපි දැක්කා ඇන්ග්‍ට්‍රම් ලීවායි මාර්ක්ගේ පෘථිවියට එනවා. මේ සීසන් එකේ ප්‍රධාන දුෂ්ටයා එයා වෙයි කියලා හිතාගෙන හිටියට එයාට එච්චර ලොකු screen time එකක් මේ වෙනකන් වෙන් වෙලා තිබුණේ නෑ. ඒත් ඒකෙන් වෙන්නේ එයාව තව තවත් hype වෙන එක විතරයි.
මේ එපිය බැලුවම නම් අන්තිම එපිය බලනකල් ඉවසිල්ලක් නැති වෙයි. ඔයාලට කෙසේ වෙතත් මටත් ඉවසිල්ලක් නැතුව ඉන්නේ 8 වෙනි එපිසෝඩ් එක එනකන්. මේ එපියේ හොඳ ෆයිට් සීන් එහෙමත් බලාගන්න පුළුවන් වෙයි. එහෙනම්, Invincible දෙවෙනි කතා සමයේ අවසන් කතාංගයෙන් ලබන සතියේදී හමුවෙමු. පීස් ✌️.
Invincible Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,898 downloadsDownload Invincible-S02-E07-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Nishan S Ariyarathna
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Madhawa Maduwantha
Thanks for sub.. episode 08th ikmanata denna..
Sanupa Ranmeth - Admin
හෙට දවස ඇතුළත දෙනවා සහෝ.
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Invincible [S02 : E07] Sinhala Subtitles | ඇනෙස්සා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/INVINCIBLE-SEASON-02-02.jpg)



✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿