Invincible [S02 : E06] Sinhala Subtitles ඔන්න පොරොන්දු වුණු විදියටම වැඩි කාලයක් යන්න කලින් Invincible දෙවෙනි කතා සමයේ හයවෙනි කතාංගය අරගෙන ආවා. කලින් එපිසෝඩ් එක බලන්න ඇති කියල හිතනවා. ඒක ඉවර වුණු විදියත් එක්ක මේක බලන්න නොඉවසිල්ලෙන් ඇත්තේ. කලින් එපිසෝඩ් එකේ වුණු දේවල් එහෙනම් අපි කෙටියන් මතක් කරගමු. ප…

ඔන්න පොරොන්දු වුණු විදියටම වැඩි කාලයක් යන්න කලින් Invincible දෙවෙනි කතා සමයේ හයවෙනි කතාංගය අරගෙන ආවා. කලින් එපිසෝඩ් එක බලන්න ඇති කියල හිතනවා. ඒක ඉවර වුණු විදියත් එක්ක මේක බලන්න නොඉවසිල්ලෙන් ඇත්තේ. කලින් එපිසෝඩ් එකේ වුණු දේවල් එහෙනම් අපි කෙටියන් මතක් කරගමු.
පසුගිය කතාංගයෙන්…
විල්ටෘමයිට් ප්‍රහාරයෙන් පස්සේ පණ බේරගත්ත Invincible තමන්ගේ තාත්තා වෙනුවෙන් ත්‍රැක්සාවල ඉඳලා ත්‍රැක්සා ආපහු ගොඩනඟන්න උදව් කරනවා.
මාර්ක්ට එයාගේ අර්ධ-සහෝදරයා ව අරගෙන ආපහු පෘථිවියට එන්න වෙනවා. මොකද එයා වයසට යන්නේ අනිත් ත්‍රැක්සන්ලාට වඩා හෙමින්. ඒ කියන්නේ එයා වැඩිහිටියෙක් වෙන්නත් කලින් එයා දන්න හැම කෙනෙක්ම මැරිලා ඉඳීවි. ඉතින් ඒක නිසා එයා මාර්ක් එක්ක පෘථිවියට එනවා.
ඩොනල්ඩ් පණපිටින් ඉන්න හේතුව අන්තිමේදී අපට එළිවෙනවා. එයා ඔම්නි-මෑන්ව මරන්න බෝම්බයක් පිපිරෙව්වට පස්සේ, සීසල් එයාගේ මොළේ අරගෙන ඇන්ඩ්‍රොයිඩ් කෙනෙක් ඇතුළට දාලා තියෙනවා. ඉතින් personality එක අතින් බැලුවොත් තාම ඉන්නේ හිටපු ඩොනල්ඩ්ම තමයි, හැබැයි එයාගේ ඇඟ මනුස්ස ඇඟක් නෙමෙයි.
මේ එපිසෝඩ් එකේ සිද්ධවුණු ප්‍රධානම දේ තමයි සෙක්විඩ්ලාගේ ආගමනය. කලින් සීසන් එකේදී අපි දැක්කනේ සෙක්විඩ්ලා, පෘථිවියෙන් අඟහරු මෙහෙයුමට ගියපු ගගනගාමියෙක්ව උන්ගේ පාලනයට ගන්නවා. ඉතින් දැන් එයාලා පෘථිවියේ මිනිස්සුන්වත් එයාලගේ පාලනයට ගන්න පෘථිවියට එනවා. මේ ඔක්කොටම හේතුව ෂේපස්මිත්. ඒත් දැන් චෝදනා කරලා වැඩක් නැති නිසා ෂේපස්මිත්, බුලට්පෲෆ්. ඉමෝර්ටල්, මන්ස්ටර් ගර්ල්, රූඩි, ඉන්වින්සිබල් සහ ඇටම් ඊව් ගෙන් සමන්විත කණ්ඩායමක් උන්ව නවත්තන්න යනවා.
මේ අතරේ පෘථිවියේ ඉන්න රෙක්ස්ට, ෂ්‍රින්කින් රේට සහ ඩුප්ලි-කේට් ට ලිසාඩ් ලීග් එකත් එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා. මම නම් හිතන්නේ අපි මුළු සීරිස් එකේම දැකපු brutal ම සටන්වලින් එකක් තමයි ඒ. ෂ්‍රින්කින් රේ ලිසාඩ් කෙනෙක්ගේ ඇඟ ඇතුළට ගිහින් ලොකු වෙලා ඌව මරන්න හදද්දී ඌ එයාව කාලා දාපු විදිය . ඒවගේම ඩුප්ලි-කේට්ව මරලා දාපු විදිය. රෙක්ස්ගේ අතක් හපලා දාපු විදිය, සහ අන්තිමේදී එයාව මරන්න කින්ග් ලිසාඩ් එයාගේ ඔලුවට තුවක්කුවල් එල්ල කරපු විදිය… මේ තමයි ඉන්වින්සිබල් කතා මාලාවේ විශේෂත්වය. කිසිම චරිතයක් ආරක්ෂිත නෑ. ඕන වෙලාවක මැරෙන්න පුළුවන්.
ඉන්වින්සිබල් ඇතුළු කණ්ඩායම සෙක්විඩ්ලා එක්ක කරන සටනත් සාර්ථකයි කියලා කියන්න බෑ. සෙක්විඩ්ලා හිතන්නවත් බැරි තරම් ගණනකින් යුත් හමුදාවකට එරෙහිව මේ 7 දෙනා මොනව කරන්නද? එයාලව ගිලගන්න සෙක්විඩ්ලා දහස් ගණනක රැල්ලක් එන scene එකකින් තමයි කලින් එපිසෝඩ් එක අවසන් වුණේ.
ඒවගේම පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේදී අපට එළි වුණා ඇලන් මැරුණේ නැති බව. තේඩස් එයාගේ life support machine එක off කරපු එකෙන් වුණේ එයා තවත් ශක්තිමත් වුණු එක විතරයි. දැන්, එයාට විල්ටෘමයිට් කෙනෙක්ව පරාද කරන්න වුණත් හැකියාව තියෙන බව තේඩස් කියනවා. ඒවගේම එයා ලොකු රහසක් එළි කරනවා. ඒ තමයි එයා විල්ටෘමයිට් කෙනෙක් බව. එයා තමයි අධිරාජ්‍යයට එරෙහිව කැරලි ගහපු එකම විල්‍ටෘමයිට්… හරියට ඉන්වින්සිබල් වගේම යි.
අන්තිමේදී තේඩස් ඇලන්ව පෘථිවියට එවනවා ඉන්වින්සිබල්ව එහේට අරගෙන එන්න. එයා කියන විදියට Invincible තමයි විල්ටෘමයිට්වරුන්ට එරෙහිව යුද්ධය යන අත වෙනස් කරන යතුර. ඉතින් ඉස්සරහට අපට හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් වේවි වගේ.
කලින් එපිසෝඩ් එකේ ඇන්ග්ස්ට්‍රම් ලීවායිව බලාගන්න ලැබුණෙ නැති එක ගැන පුදුම වුණාද? අවුලක් නෑ, මේකෙ අන්තිමේදී එයාව බලාගන්න පුළුවන් වෙයි. එහෙනම්, අද එපිය බලන්නකෝ. 7 වෙනි එපිසෝඩ් එක සමඟින් අපි ලබන සතියේ හමුවෙමු. පීස් ✌️.
Invincible Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,983 downloadsDownload Invincible-S02-E06-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Danesha
Sanupa Ranmeth
ඒ සීරිස් එක කරන්නෙ මම නෙමෙයි සහො.
sadeen randunu
e karana kena hadala nadda thama ?
Sanupa Ranmeth
Dila thiyenne saho
Dhanuka
thanks
viraj
thanks...........
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sharika Hirushan
මටත් උපසිරුසි දෙන්න කැම්ත්තක් තියේ.හදල හැටි කියල දෙනවනන් මාත් හදලා මේකට දාන්නන්.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Invincible [S02 : E06] Sinhala Subtitles | සුපිරිවීරයෙක් වීම ආශිර්වාදයක් ද? ශාපයක් ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/INVINCIBLE-SEASON-02-02.jpg)



X man 97 (2024) ekata diyan macho heta idanwath .❤️