Invincible [S02 : E08] Sinhala Subtitles සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ අරගෙන එන්නේ සතිපතා නිකුත්වෙන Invincible කතා මාලාවේ 2 වෙනි සීසන් එකේ අවසන් කතාංගය හෙවත් 8 වෙනි කතාංගයේ සිංහල උපසිරසි. ඉතින් කලින් එපිසෝඩ් එකෙන් පස්සේ මේක බලනකන් ඉවසිල්ලක් නැතුව ඇත්තේ. මොකද ඒක ඉවරවුණේ cliffhanger එ…

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ අරගෙන එන්නේ සතිපතා නිකුත්වෙන Invincible කතා මාලාවේ 2 වෙනි සීසන් එකේ අවසන් කතාංගය හෙවත් 8 වෙනි කතාංගයේ සිංහල උපසිරසි. ඉතින් කලින් එපිසෝඩ් එකෙන් පස්සේ මේක බලනකන් ඉවසිල්ලක් නැතුව ඇත්තේ. මොකද ඒක ඉවරවුණේ cliffhanger එකකින් නේ.
පසුගිය කොටසින්…
කලින් එපිසෝඩ්වල ලිසාඩ් ලීග් එක කරපු ආක්‍රමණයෙන් පස්සේ රෙක්ස්ප්ලෝඩ් ට තමන්ගේ වැරදි තේරුම් යන්න ගත්ත නේ. ඉතින් එයා එයාගේ ඔලුව නිදහස් කරගන්න සම්පූර්ණයෙන්ම හොඳ වෙන්නත් කලින් ආපහු මෙහෙයුම්වලට යන්න ගත්තා. ඇත්තටම කියන්න ඕනේ, මේ සීසන් එකෙන් නම් රෙක්ස්ප්ලෝඩ් Invincible කතා මාලාවේ මගේ කැමතිම චරිත අතරට ආවා. ඒ අතරේ කේට්ගේ මරණයෙන් ජීවිතේම එපා වුණු ඉමෝර්ටල් ගාඩියන්ලගෙන් අස් වෙලා ආපහු තමන්ගේ “ගෙදර” යනවා.
ඒවගේම ඩොනල්ඩ් හොයාගත්තා එයා දැන් 39 පාරක් මැරිලා, ඒ හැම සැරේම රොබෝ කෙනෙක් විදියට ආපහු පණ ගත්ත කෙනෙක් බව. රික්ටත් මීට සමාන අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධවුණු නිසා ඩොනල්ඩ්, රික් හරහා සැනසීමක් හොයාගන්න හැටිත්, රික්, ඩොනල්ඩ් හරහා සැනසීමක් හොයාගන්න හැටිත් අපි දැක්කා. මේ වගේ සීන්වලට නම් Invincible ලේඛක මණ්ඩලය විශේෂයෙන් අගය කරන්න ඕනේ. මොකද මේ වගේ writing දැන් සුපිරිවීර කතාවල වැඩිය දකින්න ලැබෙන්නේ නෑ.
ඒත් පහුගිය එපිසෝඩ් එකේ වැදගත්ම චරිතය තමයි ඇනෙස්සා. ඇනෙස්සා කියන්නේ විල්ට්‍රම් අධිරාජ්‍යයේ ඉන්න ශක්තිමත්ම විල්ටෘමයිට්ලාගෙන් කෙනෙක්. මාර්ක්ට එයත් එක්ක හැරෙන්නවත් බැරි බව අපි දැක්කනේ. කොහොම වුණත් මාර්ක්ගේ පෘථිවිය සහ මනුස්සයෝ කියන කොට්ඨාසය ගැන තියෙන නොසෙල්වෙන විශ්වාසය නම් අගය කළ යුතුමයි.
මං හැමදාම කියනවා වගේ, මාර්ක් ග්‍රේසන් Invincible හෙවත් “අපරාජිත” වෙන්නේ වෙන්නේ එයාව කාටවත් පරද්දන්න බැරි නිසා නෙමෙයි. මාර්ක් ග්‍රේසන් අපරාජිත වෙන්නේ කාටවත් එයාගේ මනුෂ්‍යත්වය ගැන තියෙන විශ්වාසය වෙනස් කරන්න බැරි නිසයි.
කොමික් එක කියවලා තියෙන කට්ටියට නම් කලින් එපිසෝඩ් එකේ මාර්ක් සහ ඇනෙස්සා අතර සටනෙදී යම් යම් ඉස්සරහට වෙන දේවල් මතක් වෙන්න ඇති. ඒත් අපි ඒවා ගැන කතා නොකර ඉඳිමු ස්පොයිලර්ස් නිසා.
ඇනෙස්සාගේ ආගමනයෙන් සිද්ධවුණු එකම හොඳ දේ තමයි මාර්ක් සහ ඇම්බර් වෙන් වීම. ඇම්බර්ට අන්තිමේදී තේරුම් යනවා එයාට ඉන්වින්සිබල්ගේ ලෝකයේ ජීවත් වෙන්න බැරි බව. සහ මාර්ක්ට තේරුම් යනවා එයාට ඇම්බර්ගේ ලෝකයේ ජීවත් වෙන්න බැරි බව. මොකද එයාගේ සුපිරිවීර වැඩ අස්සේ ඇම්බර් ලබන්න ඕන ජීවිතේ එයාට දෙන්න මාර්ක්ට හැකියාවක් නෑ. ඒවගේම ඉන්වින්සිබල්ට සිද්ධවෙන දේවල්, සහ එයාගේ ජීවිතයට එල්ලවෙන තර්ජන අස්සේ ජීවත් වෙන්නත් ඇම්බර්ට හැකියාවක් නෑ. ඉතින් දෙන්නම තීරණය කරනවා දෙන්නා වෙන් වෙන එක දෙන්නටම හොඳයි කියලා.
මාර්ක් මේ ගැන කලකිරීමෙන් ඉන්න වෙලාවේ එයාට එනවා කෝල් එකක් ඩෙබීගෙන්. උස්සලා බැලුවාම කතා කරන්නේ ඇන්ග්ස්ට්‍රම් ලීවි. එයාගේ ප්‍රශ්නය තමයි, “ඔයා ගෙදර එන්නේ කවදද?” කියන එක. ඉතින් ඒ cliffhanger එකෙන් තමයි එපිසෝඩ් එක අවසන් වුණේ.
සීසන් එකක් පුරා බලාගෙන ඉන්න ඒ ඇන්ග්ස්ට්‍රම් ලීවි vs. Invincible සටන අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්. මිඩ් සීසන් බ්‍රේක් එක නිසා සීසන් එක අතාරින්නේ නැතුව අවසානය වෙනකන් බලපු, කමෙන්ට් හරහා මේක ඉක්මනින් දෙන්න මාව දිරිමත් කරපු කට්ටියටම ස්තුතියි. තුන්වෙනි සීසන් එක ලබන අවුරුද්දේ වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි බොහෝදුරට. එහෙනම්, තුන්වෙනි සීසන් එකෙන් හමුවෙමුකෝ. පීස් ✌️.
Invincible Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,808 downloadsDownload Invincible-S02-E08-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Nishan S Ariyarathna
sithum
elama sagoor!
Aravinda
Thanks alot!
Lak
Supiri brother..aasawen baluwe oyage sub eka nisa
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshitha
S3 dennko
Anonymous
machan season 3 th gennako
ilshan
InInvincible eke season 3 sinhala subtitles dennako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Invincible [S02 : E08] Sinhala Subtitles | පියාගේ හෙවණැල්ලෙන් බේරීමක් නැතිද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/INVINCIBLE-SEASON-02-02.jpg)



අනේ බොහොම ස්තුතියි ගොඩක් දවස් බලාගෙන හිටිය සුද්දා.. ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාටත් බොහොම ස්තුතියි ✿