Invincible [S03 : E01] Sinhala Subtitles අවුරුද්දකට විතර පස්සේ ඔන්න Invincible රසිකයින්ව අලුත් කතා සමයකට සාදරයෙන් පිළිගන්නවා. මේ අරගෙන ඇවිත් තියෙන්නේ Invincible තුන්වෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. ඉතින් පෙරේදා හෙවත් පෙබරවාරි 06 වෙනිදා Amazon Prime හරහා එපිසෝඩ් තුනක් නිකුත් කරමින්…

අවුරුද්දකට විතර පස්සේ ඔන්න Invincible රසිකයින්ව අලුත් කතා සමයකට සාදරයෙන් පිළිගන්නවා. මේ අරගෙන ඇවිත් තියෙන්නේ Invincible තුන්වෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. ඉතින් පෙරේදා හෙවත් පෙබරවාරි 06 වෙනිදා Amazon Prime හරහා එපිසෝඩ් තුනක් නිකුත් කරමින් කතා සමය නිල වශයෙන් ආරම්භ වුණා. ආපු දවසෙම ගේන්න හිතාගෙන හිටියත් දැන් තමයි කරලා ඉවර කරගන්න හම්බවුණේ. එපිසෝඩ් 8කින් සමන්විත මේ සීසන් එක රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන්නේ මේ විදියටයි.
- පෙබරවාරි 6 – එපිසෝඩ් 1, 2, 3
- පෙබරවාරි 13 – එපිසෝඩ් 4
- පෙබරවාරි 20 – එපිසෝඩ් 5
- පෙබරවාරි 27 – එපිසෝඩ් 6
- මාර්තු 06 – එපිසෝඩ් 7
- මාර්තු 13 – එපිසෝඩ් 8
දෙවෙනි කතා සමයෙන්…
සීසන් 2 එකේ කතාව දැන් කට්ටියට අමතක වෙලත් ඇති. ඉක්මනින් ඒක මතක් කරලා දෙන්නම්. සීසන් එක ආරම්භයේදිම අපට දැනගන්න හම්බවුණා නෝලන් තමන් කළ දේ ගැන පසුතැවෙන බවත්, ත්‍රැක්සා නම් ග්‍රහලෝකයක තව පවුලක් සමඟ වෙනස්ම ආකාරයේ ජීවිතයක් ගත කරන බවත්. ඉතින් එයාව හම්බවෙන්න යන මාර්ක්ට තමන්ගේ අර්ධ-සහෝදරයා වන ඔලිවර්ව හම්බවෙනවා. මේ අතරේ නෝලන් තමන්ගේ තනතුර අතෑරලා ගියපු එකට දඬුවමක් විදියට විල්ටෘමයිට්ලා ඇවිත් දෙන්නටම හොඳටම නෙළලා නෝලන්ව මරන්න එක්කගෙන යනවා. පෘථිවිය, විල්ටෘමයිට් පාලනයට සූදානම් කිරීමේ වගකීම මාර්ක්ට භාර වෙනවා.
මේ අතරේ පෘථිවියටත් විල්ටෘමයිට් නියෝජිතවරියක් එනවා. ඒ තමයි “ඇනිස්සා”. ඒකෙන් සීසල්, මාර්ක් ඇතුළු හැමෝටම ඔප්පු වෙනවා විල්ටෘමයිට් ආක්‍රමණයකට මුහුණ දෙන්න තරම් මාර්ක් කොහෙත්ම සූදානම් නැති බව. ඒවගේම ඇනිස්සා යනකොට කියලා යන්නේ එයාටත් වඩා නරක කෙනෙක් එන්න සූදානම් වෙන බවයි (ඒක අපට මේ සීසන් එකේදී බලාගන්න පුළුවන්). මාර්ක්ගේ මේ සුපිරිවීර වැඩ නිසා ඇතිවෙන කම්පනය දරාගන්න බැරුව ඇම්බර් සහ මාර්ක් එයාලගේ සම්බන්ධය නවත්වනවා.
සීසන් 2 එකේදි අපට ග්‍රහලෝක සම්මුතිය හෙවත් Coalition of Planets, විල්ටෘමයිට් ආක්‍රමණයකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන විදිය ගැනත් යම් දේවල් ටිකක් දැනගන්න ලැබුණා. අපට ඇලන්ගේ කතාව සහ තේඩස් වගේ ප්‍රධාන චරිත කීපයක් අඳුන්වලා දුන්නා. දැන් ඇලන් විල්ටෘමයිට් කෙනෙක්ව පරාද කරන්න තරම් වුණත් ශක්තිමත්. සීසන් එක අවසානයේදී ඇලන් කැමැත්තෙන්ම නෝලන් ඉන්න හිරගෙදරට යනවා එයාවත් විල්ටෘමයිට් අධිරාජ්‍යයට එරෙහි සටනට බඳවගන්න අරමුණෙන්.
ඉතින් තුන්වෙනි සීසන් එකේදී මේ සිද්ධි දාමය කොයි අතකට යයිද? මේ එපිසෝඩ් එක බලලම හොයාගන්නකෝ. දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසියෙන් ඉක්මනින්ම හමුවෙමු. පීස් ✌️.
Invincible Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,862 downloadsDownload Invincible-S03-E01-Sinhala-Subtitles.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Dasun Lakruwan
sithum Nimesha
GG
thevinu perera
E ban meke ithiri tikath dapanko ban
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Invincible [S03 : E01] Sinhala Subtitles | ඩොක් සයිස්මික්ගේ ආක්‍රමණය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/02/Invincible-Season-03-Cover-01.jpg)



සනුප...තෑන්ක්ස් මේක දෙනකන් හිටියේ...