Watch Trailer

Invincible [S03 : E06] Sinhala Subtitles | කළ පව් වල වන්දි ගෙවාලිය යුතුයි [සිංහල උපසිරසි]

Invincible Season 03 Sinhala Subtitles පසුගිය කතාවෙන්, ‘මල්ටි-පෝල් විසින් පේටන් බන්ධනාගාරයෙන් පැනයාමට විශාල ප්‍රයත්නයක් දැරුවද එය නිෂ්ඵල වී යනවා. ඉන් පසුව රැකියාවක් විදිහට ඉන්වින්සිබල්, හදිසි අවස්ථාවලදි සේවය කරන්නට කැමතියි කියමින් ඊව් ගොස් පේටන් බන්ධනාගාරය සමඟ කතිකා කරගන්නවා. මල්ටි පෝල්ව මුදාවාලීම…

Invincible Season 03 Sinhala Subtitles පසුගිය කතාවෙන්, ‘මල්ටි-පෝල් විසින් පේටන් බන්ධනාගාරයෙන් පැනයාමට විශාල ප්‍රයත්නයක් දැරුවද එය නිෂ්ඵල වී යනවා. ඉන් පසුව රැකියාවක් විදිහට ඉන්වින්සිබල්, හදිසි අවස්ථාවලදි සේවය කරන්නට කැමතියි කියමින් ඊව් ගොස් පේටන් බන්ධනාගාරය සමඟ කතිකා කරගන්නවා. මල්ටි පෝල්ව මුදාවාලීම කල් දමමින් එයට මොකක් කරන්නද යැයි ටයිටන් කල්පනා කරමින් ඉන්නවා. ඒ අතරතුර ඔලිව කාටත් හොරෙන් ගෙදරින් පිටවෙලා යනවා මහ රෑම. ඉන්පසුව ඔලිව ව සෙවීමට මාක් සහ ඊව් මුළු රාත්‍රිය පුරාම නගර පීරනවා. එහිදි ඔලිව සිටින්නෙ තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ වීමත් එතනදි ඔවුන්ට ඇති වන ප්‍රශ්නයකදි ඉතාමත් නුවණැතිව ඔලිව කටයුතු කරන දෙස මාක් සහ ඊව් ට දැකගන්නට හැකි වනවා. පසුව ටයිටන් ඉන්වින්සිබල්ගෙ උදව් බලාපොරොත්තුවෙන් මාක් ව මුණ ගැසීමට එනවා. එතනදි ඕඩර් සංවිධානය පිළිබඳව ටයිටන් ඉන්වින්සිබල්ට අනතුරු අඟවනවා. එහි නායකයා මිස්ට ලියූ බවත් ඔහුට විශාල මකරෙකු බවට පත් වීමට හැකි බවත් ඔහු පවසනවා. මල්ටි-පෝල් ව තමන් බේරා නොගත්තොත් ඕඩර් එක විසින් තම පවුලේ අයව ඝාතනය කර එම නගරයේ භීෂණය පතුරවන බවත් ඔහු නොකළත් ඕඩර් එක විසින්ම මල්ටි-පෝල්ව හිරෙන් නිදහස් කරගන්නා බව ද ටයිටන් කියා සිටියද මාක් ඒ පිළිබඳ කණකට ගන්නේ නැත. මල්ටි-පෝල් ව බේරාගැනීම ගැන ටයිටන්ගෙ කිසිඳු ක්‍රියාමාර්ගයක් නොමැති නිසා ටයිටන්ගෙ කාර්යාලයට පැමිණෙන මිස්ට ලියූ ටයිටන් ට පහර දෙන්නට පටන් ගන්නෙ විශාල මකරෙකු බව පරිවර්තනය වීමෙන් පසුවයි. ඉන් අනතුරුව ඔහු කෙලින්ම පිටත් වන්නෙ පේටන් බන්ධනාගාරය වෙතයි. එහිදි මල්ටි පෝල් ව බේරාගැනීමට අති විශාල සටනක යෙදෙන මිස්ට ලියූගෙ මකර ස්වරූපයට ඉන්වින්සිබල් හා ඇටම් ඊව් ට දැවැන්ත වෑයමක් දරන්න සිදුවනවා. ‘ හැමෝටම සුභ දවසක්!! ජය වේවා!!

 

 

Invincible Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

579 downloadsDownload Invincible-S03E06.zip28 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Previous BT1

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

579 downloadsDownload Subtitles28 KB

0 comments

No comments yet.