86 S01 Sinhala Subtitles ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් තමයි 86 – Eighty Six කියන්නෙ. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි…

ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් තමයි 86 – Eighty Six කියන්නෙ. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි, ඒ මේ කතාවෙන් ගෙන එන ඛේදාන්තජනක කතාව නිසාවෙනුයි. ඉතින් ඒ කතාව මොකක්ද කියලා දැනගන්න අපි 20 සහ 21 කොටස් වලට යමු. ඒ අනුව අපි කතාවේ අවසානයට ළං වෙමිනුයි ඉන්නෙ.
රේල් පීලි මත ඉතා වේගයෙන් එහා මෙහා යන අතිශය දිගු දුර සතුරු කාල තුවක්කුවක් වෙන ‘මොර්ෆො’ සොයාගෙන විනාශ කිරීම ශින් ඇතුළු නෝර්ඩ්ලිච් බලඝණයේ එකම මෙහෙයුම උනා. ඒ මෙහෙයුමේ සාර්ථක අසාර්ථක බව රටවල් කිහිපයකම ඉරණම තීරණය කරන කාරණාවක් උනා. මොර්ෆො වෙනුවෙන් දියත් කරපු මෙහෙයුමේදී ශින් ඇතුළු කණ්ඩායමට මොර්ෆො මුණ ගැහුනත් ඒ විශාල ආයුධය විනාශ කරන්න ශින් ඇතුළු කණ්ඩායමට පුලුවන් උනේ නෑ. ඒ වෙනුවට සටනින් පැනල ගිය මොර්ෆො එක නෝර්ඩ්ලිච් බලඝණය හඹාගෙන යයිද? මේ මෙහෙයුම ඉදිරියට සිද්ධ් වෙන්නෙ කොහොමද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙකත්.
කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ 86 Eighty Six (2021) (Season 1 + Specials) [1080p Dual Audio HEVC 10 bits DDP] (Batch) නම් ටොරන්ට් පිටපතට ගැලපෙන විදිහටයි. දන්නවනේ ඉතින් වෙනදා වගේම ජපන් බසට ගැලපෙන්න තමයි මේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ. කතාව ගැන ඔයාගෙ අදහසත් පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් හමුවෙමු අවසාන කොටස් තුළින්.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
198 downloadsDownload 86-Eighty-Six-S01-E20-E21-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
86 S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement
![86 – Eighty Six [S01 : E20 & E21] Sinhala Subtitles | නොමළ නයිට්වරයා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/02/Eighty-Six-S01Part2-Banner-01.jpg)

