Watch Trailer

Invincible [S03 : E05] Sinhala Subtitles | මල්ටි-පෝල්ව බේරාගැනීමෙ පෙරැත්ත [සිංහල උපසිරසි]

Invincible Season 03 Sinhala Subtitles ආයුබෝවන් එහෙනම් අදත් ඔයාල හැමෝටම. මේ ආරගෙන එන්නෙ ඉන්වින්සිබල් තුන්වන කතාසමයේ පස්වන කතාංගය. එහෙනම් වැඩි කතාවක් නැතුව කලින් කොටසත් මතක් කරගෙනම කතාව බලමු. පසු ගිය කතාවෙන්, මාක්ගෙ නිවසෙහි ඔත්තු බැලීමට එවා තිබූ ඩ්‍රෝන ඩිවයිස් එක මාක් අල්ලගන්නවත් සමඟම පුපුරා යනවා. ඊ…

Invincible Season 03 Sinhala Subtitles ආයුබෝවන් එහෙනම් අදත් ඔයාල හැමෝටම. මේ ආරගෙන එන්නෙ ඉන්වින්සිබල් තුන්වන කතාසමයේ පස්වන කතාංගය. එහෙනම් වැඩි කතාවක් නැතුව කලින් කොටසත් මතක් කරගෙනම කතාව බලමු. පසු ගිය කතාවෙන්, මාක්ගෙ නිවසෙහි ඔත්තු බැලීමට එවා තිබූ ඩ්‍රෝන ඩිවයිස් එක මාක් අල්ලගන්නවත් සමඟම පුපුරා යනවා. ඊටපසු ඒකත් රැගෙන යන්නෙ කෙලින්ම රූඩිව මුණ ගැසීමට. ඒ කුමක්දැයි දැනගැනීමට සහ කවුරුන් එවන ලද්දක් දැයි බැලීමට. එහිදි ඇතිවන වැරදි වැටහීමක් තුළ මාක් කෙලින්ම ගොස් පෙන්ටගන් එකට පහර දෙනවා. එහිදි සීසල් විසින් මාක්ට පහදා දෙනවා එම උපාංගය ඔවුන් විසින් එව්වෙ නැති බව. පසුව මාක්, ඊව් සමඟ පෙම් හමුවකට යන්නෙ පලමු ගමන අසාර්ථක වූ නිසයි. ඉතිං ඊටපසුව ඔවුන්ගෙ පෙම් හමුවට බාධා කරමින් එකවරම සහෝදරයන් දෙදෙනෙක් ද්වාරයක් විවෘත කරමින් පැමිණෙයි. ඔවුන් පැමිණ තිබෙන්නෙ අනාගතයේ සිටයි. ඒ වෙන කවුරුවත් නොව මුලදි ප්‍රකාශනය හොරකම් කරපු දෙදෙනාමයි. ඔවුන් අනාගතයේ සිට පැමිණි බවත් මහා විනාශයක් හේතුවෙන් ඉන්වින්සිබල් සොයා පැමිණි බවත් ඔවුන් මාක්ට පැවසුවද මාක් ඔවුන් සමඟ යෑම ප්‍රතික්ෂේප කරනවා. එසේ කළද බලෙන්ම වාගේ ඔවුන් මාක්වත් ඇදගෙනම අනාගතයට යනවා. අනාගතයේදි මුළු පෘථිවියම පාලනය කරන්නෙ එක් රජෙකු බවත් ඔහු මහා ජන සංහාරයන් සිදු කරන බවද ඩ්‍රොප් කික් සහ ෆයිට්මාස්ටර් දෙපල මාක්ට පවසනවා. රජුගෙ ශක්තිමත් සහ බලසම්පන්න බාවය නිසා කිසිවෙකුට ඔහුව පරාජය කළ නොහැකි නමුත් ප්‍රකාශනය හොරකම් කළේ එහි තිබූ බෙහෙතකින් ඔහුව නැසිය හැකි බව විස්වාස කරමින් බවත් ඔවුන් පවසනවා. ඉතිං ඔවුන්ගෙ රජුව නැසිය එකම කෙනා ඉන්වින්සිබල් බව පවසා රජුව ඝාතනය කරන්න යැයි ඩ්‍රොප් කික් සහ ෆයිට්මාස්ටර් ඉන්වින්සිබල්ට පවසනවා. ඉතිං රජු හා සටනකට සැරෙන මාක් දකින්නෙ, මොවුන් පවසන රජු වෙන කවුරුත් නෙවෙයි ඔහුගෙ මිත්‍රයෙකු වූ ඉමෝටල් බව. එහිදි ඔවුන් දෙදෙනා අතර ඇතිවන කතාබහෙන් පසුව අමාරුවෙන් වුවත් මාක්ට ඉමෝටල්ව සිය දෑතින්ම ඝාතනය කරන්න සිදු වනවා. මේ අතර වාරයේ නෝලන්ගෙ වැරදි හේතුවෙන් ඔහුව මරණ දණ්ඩනයට ලක් කර තිබෙන අවස්ථාවේදී ඇලන් ද ඒලියන්, නෝලන්ගෙ හිත වෙනස් කිරීමට නොගත් උත්සහයක් නැහැ. ඉතිං ඔහු අවසානයේ බැට්ල් බීස්ට්වත් කැමති කරවාගෙන විල්මයිල්ට් දෙපලට විරුද්ධව හා සිර මැදිරියේ ආරක්ෂකයින්ට විරුද්ධව සටන් කරනවා.” එහෙනම් අදට මෙතනින් කතාව නවත්තනවා.  හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

 

Invincible Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

522 downloadsDownload Invincible-S03E05.zip26 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Previous BT1

Subtitles

522 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.