ඔන්න ඒනං අපි දැන් අයන් ෆිස්ට් කතා මාලාවේ අවසානයටත් කිට්ටු වෙලයි ඉන්නෙ..මේ වෙනකල් කතාව නරඹපු ඔයාලටම තේරිල ඇති මේ කතා මාලාව ගමන් කරන දිශානතිය දැන්ත නං ඒ තරං හොඳ නැති බව..කතා සමය නිකුත් වූ දින පටන් අන්තර්ජාලය පුරාවට බොහෝ වෙබ් අඩවිල පවා මේ ගැන දක්වල තිබුණෙ සෘණාත්මක ආකල්පයක්..හැබැයි එහෙම කියල රේටිංවල මහ…

ඔන්න ඒනං අපි දැන් අයන් ෆිස්ට් කතා මාලාවේ අවසානයටත් කිට්ටු වෙලයි ඉන්නෙ..මේ වෙනකල් කතාව නරඹපු ඔයාලටම තේරිල ඇති මේ කතා මාලාව ගමන් කරන දිශානතිය දැන්ත නං ඒ තරං හොඳ නැති බව..කතා සමය නිකුත් වූ දින පටන් අන්තර්ජාලය පුරාවට බොහෝ වෙබ් අඩවිල පවා මේ ගැන දක්වල තිබුණෙ සෘණාත්මක ආකල්පයක්..හැබැයි එහෙම කියල රේටිංවල මහා ලොකු අඩු වීමක් වෙලත් නෑ..කලින් කතා සමයටත් වඩා රේටිං වැඩි වෙලා තියනව මිසක්කා..ඒ මක්කද කියල නං මටත් තේරෙන්නෙ නෑ මොකද ඕන කෙනෙකුට තේරෙනව කලින් කතා සමය මේකට වඩා යම් තරමකින් හෝ හොඳ මට්ටමකින් තිබුණ බව…කොහොමවුණත් කමක් නෑ මෙව්වා ගැන හිතල ඔළුව කුරුවල් කරගන්නට අවශ්‍ය නෑ..අපි කෙලින්ම කතාවට බහිමු…

පසුගිය කොටසින්

දැන් හැමෝම දන්නවනෙ ඩැනී උත්සාහ කරන්නෙ අයන් ෆිස්ට් බලය නැවත ලබා ගන්න කියල.. කොලීන් තමයි ඩැනී ලඟ ඉඳගෙන විශේෂ බලයක් නැතුව කොහොමද සටනක් දිනන්නෙ කියල හැම පුංචි කාරණාවක්ම සලකල පරීක්ෂණයන් මගින් ඩැනීව පුහුණු කරන්නෙ.. මේක බලය එක්ක සටන් කරල පුරුදු ඩැනීට එච්චරම පහසු වැඩක් නෙවෙයි. හැබැයි කොලීන් බොහොම දක්ෂ විදියට ඩැනීව හැඩ ගස්සනව. පසුගිය කොටසෙ පරීක්ෂණය වුණේ හැඟීම් පාලනය කිරීම සහ නිවැරදි තීරණ ගැනීම. ඒකට ඇය ඩැනී එක්ක පුහුණු තරඟයක් තියනව. එතනදි ඇය උත්සාහ කරන්නෙ ඩැනීගෙ හිතේ ඇය ගැන තියෙන ආදරයට එරෙහිව සටනකදි තීරණ ගන්නෙ කොහොමද කියල ඩැනීට උගන්වන්න. මොකද ඩැනීගෙ හිතේ ඩාවෝස් ගැනත් තාම යාළුකම ඉතුරුවෙලා තියෙනව. ඒ නිසා හැඟීම් එක්ක සටනකදි තීරණ ගන්න කොහොමද කියන එක ඩැනීට දැන් තීරණාත්මකයි. මේ වැඩේ මෙහෙම යන අතරෙ ජෝයි වෙනම සෙල්ලමක් කරනව කරනව ඩාවෝස් එක්ක. ඇය ඩාවෝස් යාළු කර ගත්තෙ ඩාවෝස්ගෙ බලය නිෂ්ක්‍රිය කරන්න පුළුවන් තලිය තියෙන තැන හොයා ගන්න. ඒකට ජෝයිට ඩාවෝස්ගෙ කොල්ලො සෙට් එකේ එක කොල්ලෙක්ගෙ උදව් ලැබෙනව. කොහොමින් කොහොම හරි ජෝයි කොල්ලගෙ උදව් ඇතුව තලිය අරගන්න සමත් වෙනව. ඔන්න ඔය ටික තමයි පහුගිය කොටසෙ විස්තරය වුණේ…

අද කොටසින්

අද කතාවෙ වැඩි වශයෙන්ම අවධානය යොමු වෙලා තියෙන්නෙ කොලීන්ට කීවොත් වඩාත් නිවැරදියි..එයා අමතක කරන්න උත්සහ කරන්න හදන අතීතය.. විශේෂයෙන්ම එයා කොයිමවෙලාවකවත් කතා නොකරන එයාගෙ අම්මා ඇතුළු එයාගෙ ජීවිතය සම්බන්ධ බොහොමයක් දේවල් මේ එපිය තුලින් හාරා ඇවිස්සීමකට ලක් කරනව කියන්න පුළුවන් ..මිස්ටි කොලීන් සහ ඩැනී ඉන්න නවතැනට එනව ෆ්රෑන්ක් චෝයි කියන මනුස්සයව එක්කං.ඔයාල දන්නවනෙ .ඒ වෙන කවුරුත් නෙවේ කොලීන් ගාව තියන ඇන්ටික් පෙට්ටිය තිබුණ ලී බඩු කඩේ අයිතිකාරයා.. මෙතෙනදි ෆරෑන්ක් චෝයිගෙන් කරන ප්‍රශ්න කිරීම් වලින් එළිදරව් වෙනව මේ පෙට්ටිය චෝයිට විකිණුවෙ කොලීන්ගෙ මව බව..මේ ආරංචියෙන් ක්ලෝයි අන්මන්ද වෙලා යනව කීවොත් නිවැරදියි..මොකද ඒකෙන් කියවෙන්නෙ එයාගෙ මව මේ වෙනකොටත් නිව්යෝක් නුවරම කොහේ හෝ ඉන්නව කියන එකයි..කොහොම වුණත් කොලීන්ට මේ ආරංචියත් එක්ක වැඩි කාලයක් පොරබඳන්නට ලැබෙන්නේ නෑ මොකද ට්‍රයෑඩ් සේනාවන් ඒ වන විටත් බේයාර්ඩ්වල සංවිධානය වෙමින් ඉන්නව ඩාවෝස්ට පහරදෙන්න..ඉතිං ඩැනී කොලීන් දෙපල බේයාර්ඩ් සභාවට යනව මේ වෙන්න යන වින්නනැහිය වත්තන්න..මොකද කතාව අනික් පැත්තෙන් මේ වෙනකොට මිස්ටි ඇතුළු කාර්‍යා සාධක බලකාය ඩාවෝස් අල්ලගැනීමේ මෙහෙයුමකට සූදානම් වෙමිනුයි ඉන්නෙ,,කොහොමවුණත් මේ දේවල් මේ විදිහට සිද්ධවෙනකොට ඩාවෝස්ගෙන් උස්සපු තලියත් අරං බීබී කොලුව බේයාර්ඩ් සභාවට කඩාපත් වෙන්නෙ..ඔන්න ඒකෙන් ඩැනීගෙ එක ගැටළුවක් අවසන් වෙනව..දැන් ඉතිං තියෙන්නෙ ඩාවෝස්ගෙන් ආපහු ෆිස්ට් එක ගන්න ඩාවෝස්ව අල්ලගන්න එක විතරයි..කොහොමවුණත් වැඩි වෙලාවක් ඒකෙ සතුට සමරන්න මෙයාලට ලැබෙන්නෙ නෑ ඩාවෝස් බේයාර්ඩ්වලට එනව තලිය ආපහු ගන්න..හෝව් හෝව් හෝව්..මෙහෙම ගියොත් ඔක්කොම කියයි වගේ..මේ කිව්ව හොඳටම ඇති..ඔයාලම බලාගන්න මෙතෙනින් එහාට මොකෝ වෙන්නෙ කියල..අවසාන එපියත් අරං ශාන් විමුක්ති සහෝ ඒවි හනිකට..එහෙනං මං ගියා..ජය වේවා !!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,392 downloadsDownload Marvels.Iron_.Fist_.S02E09.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

අචින්ත උදයංග

Subtitles

10,392 downloadsDownload Subtitles30 KB

29 comments

  1. darshana100

    thanks thanks saho

  2. dsdkavishka

    Thenks bro fatta

  3. Chamliy1

    thank you brooo....kalin season ekata wada katawa patta...

  4. priyan99

    thanks bro sub ekata

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  7. Ayesh Prashan

    Thank You

  8. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ජය වේවා.

  9. Kasun A.

    upasiresiyata thuthi achintha saho,jaya!

  10. s.s.m

    Tz sub ekata......

  11. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  12. Kulanjana Maduranga

    subata thanks....

  13. suranuwan

    thanks...

  14. 4devinda

    උපසිරැසි සඳහා ස්තූතියි.. .

  15. 4devinda

    උපසිරැසි සඳහා ස්තූතියි.... .

  16. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මටත් season 1 එක පට්ට මේකට වඩා..

  17. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  18. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියි

  19. Dave

    Thanx broh

  20. Lakshan

    Thanks Bro.

  21. Sherlock holmes

    Elama thanks

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Thilesh De Silva

    බොහෝම ස්තුතී උපසිරැසියට.. ජය වේවා

  24. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි...

  25. Ara N Madhu

    Thanks alot may sub ekata

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  27. sasi1111

    Tnx bro

  28. Pramukmili

    Thanxx bro..........

  29. Sandun

    thanks