It: Welcome to Derry S01 Sinhala Subtitles තුන්වෙනි කොටස පටන් ගන්නේම අපිව අවුරුදු ගාණක් පස්සට, ඒ කියන්නේ 1912 ට අරගෙන ගිහින්. ඩෙරී නගරයේ තිබුණු බියකරු සැණකෙළියක දර්ශනයකින් තමයි කතාව ඇරඹෙන්නේ. ෆ්‍රැන්සිස් ෂෝ කියන පොඩි කොල්ලෙක්, විහිලුකාරයෙක්ගේ මූණක් දාගත්තු යක්ෂයෙක්ගෙන් බේරෙන්න දුවන හැටි අපි දකිනවා.…
It: Welcome to Derry S01 Sinhala Subtitles
තුන්වෙනි කොටස පටන් ගන්නේම අපිව අවුරුදු ගාණක් පස්සට, ඒ කියන්නේ 1912 ට අරගෙන ගිහින්. ඩෙරී නගරයේ තිබුණු බියකරු සැණකෙළියක දර්ශනයකින් තමයි කතාව ඇරඹෙන්නේ. ෆ්‍රැන්සිස් ෂෝ කියන පොඩි කොල්ලෙක්, විහිලුකාරයෙක්ගේ මූණක් දාගත්තු යක්ෂයෙක්ගෙන් බේරෙන්න දුවන හැටි අපි දකිනවා. මේ දර්ශනයෙන් අපිට එක දෙයක් පැහැදිලි කරනවා: ඩෙරී නගරයට වැහිලා තියෙන මේ ශාපය ඊයේ පෙරේදා පටන් ගත්ත එකක් නෙවෙයි, ඒකේ ඉතිහාසය ඊට වඩා ගොඩක් අඳුරුයි.
ආයෙත් කතාව වර්තමානයට (1962ට) එනකොට, ගිය කොටසේදී වුණු බිහිසුණු සිදුවීමෙන් පස්සේ අපේ කට්ටියගේ ජීවිත කණපිට හැරිලා. ලිලීව ආයෙත් ජුනිපර් හිල් කියන මානසික රෝහලටම යවලා. එයා තමන් නිසා රොනීගේ තාත්තා හිරේට ගිය එක ගැන ලොකු වරදකාරී හැඟීමකින් ඉන්නේ. හැබැයි එතන ඉන්න කාර්ය මණ්ඩලයේ කෙනෙක් ලිලීට හරිම වැදගත් දෙයක් කියලා දෙනවා: “ගොඩක් මිනිස්සු විශ්වාස කරන්නේ එයාලගේ ඇස් දෙකට පේන දේ විතරයි.” මේ වචන ටික තමයි මුළු කොටසෙම හදවත වෙන්නේ.
මේ අතරේ, ඩෙරී පොලිසියේ ලොක්කා, ක්ලින්ට් බෝවර්ස්, රොනීගේ තාත්තා, හෑන්ක්ව ප්‍රශ්න කරනවා. බොරු සාක්ෂියක් මවලා, අහිංසක හෑන්ක්ව මිනීමැරුම් වලට කොටු කරලා හිරේට නියම කරනවා. දැන් ළමයින්ට තේරෙනවා, එයාලා ඇත්ත කිව්වට කවුරුත් විශ්වාස කරන්නේ නෑ, එයාලට මේ අමනුෂ්‍ය බලවේගය ගැන සාක්ෂි ඕනමයි කියලා.
ළමයි කණ්ඩායමට අලුතෙන් එකතු වෙනවා විල් සහ රිච්. එයාලා තීරණය කරනවා අර බිහිසුණු සතාව කැමරාවක සටහන් කරගන්න. ඒත් ෆොටෝ ගත්තට පස්සේ ඒ ෆිල්ම් රෝල් එක ඩෙවලොප් කරන්නේ කොහොමද? මේ ප්‍රශ්නෙත් එක්ක එයාලා රොනීගෙන් උදව් ඉල්ලනවා.
මේ ඔක්කොම වෙද්දී, ඩෙරී ගුවන් හමුදා කඳවුරේ ජෙනරල් ෂෝ සහ එයාගේ කණ්ඩායම එයාලගේ රහස් මෙහෙයුම දිගටම කරගෙන යනවා. එයාලා හොයන්නේ නිකන්ම නිකන් දෙයක් නෙවෙයි, entity එකක්, ඒ කියන්නේ අමනුෂ්‍ය බලවේගයක්. ඒක හොයාගන්න එයාලා අමුතු බලයක් තියෙන හැලොරන්ව, අපේ මේජර් ලෙරෝයි එක්ක ගුවන් ගමනකට යවනවා. ඒ ගමනේදී හැලොරන්ගේ මනසට අර සතා පහර දෙනවා, ඒකෙන් අපිට තේරෙනවා මේ තර්ජනය කොච්චර බලවත්ද කියලා.
ළමයි කට්ටිය අන්තිම උත්සාහයක් විදිහට, රිච්ගේ මාමාගෙන් ඉගෙන ගත්ත අඳුරු මන්ත්‍ර ගුරුකම් වගේ දෙයක් පාවිච්චි කරලා අර සතාව එළියට ගන්න හදනවා. එයාලා සොහොන් පිට්ටනියකදී කරන මේ භයානක චාරිත්‍රය අන්තිමේදී වැඩ කරනවා, හැබැයි එයාලා හිතුවටත් වඩා දරුණු විදිහට. පොළව පැලිලා, බය හිතෙන රූප මවාගෙන අර සතා එයාලට පහර දෙන්න එනවා.
It: Welcome to Derry Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,330 downloadsDownload IT-Welcome-to-Derry-S01E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-05-18
SUB-MAKER RATING BY ADMINS
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
9 comments
Buddhika laKMal
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S HViraj
Thanks
Hasaka Geemath
Episode 04 ikmanata dannako
Lahiru Lakshan
thanks machn...
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Sahan Gayantha
thanks a lot Milinda brother sub ekata
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
isuru
හදන්න දන්නෙ නැත්නම් එක එක පොන්නයොන්ට සබ් හදන්න දෙන්න එපා යකෝ. කාලකන්නි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තූතියි මිලින්ද සහෝ මේ සීරිස්එකට සිංහල සබ් දෙනවට.....