Watch Trailer

Jessica Jones [S01 : E01] with Sinhala Subtitles |වියවුල් ඇරඹුම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං කවුරුත් පුන පුනා මග බලාගෙන හිටපු විදියේ කතාවකට උපසිරැසි දෙන්නයි මේ සූදානම් වෙන්නේ. පසුගිය 20 වෙනිදා තමයි Netflix හරහා කතා විකාශය ආරම්භ වුනේ. වෙනත් කතා ගැන නම් සවිස්තරාත්මක ලිපි සපයන්න පුළුවන් කම ලැබුණත් මට කොමික් වලට නම් හොඳ හොඳ ලිපි සපයන්න හැකියාවක් නෑ. කොහොම වුනත් මේ අල්ලපනල්ල අස්සේ එව…

Jessica-Jones

ඔන්න එහෙනං කවුරුත් පුන පුනා මග බලාගෙන හිටපු විදියේ කතාවකට උපසිරැසි දෙන්නයි මේ සූදානම් වෙන්නේ. පසුගිය 20 වෙනිදා තමයි Netflix හරහා කතා විකාශය ආරම්භ වුනේ. වෙනත් කතා ගැන නම් සවිස්තරාත්මක ලිපි සපයන්න පුළුවන් කම ලැබුණත් මට කොමික් වලට නම් හොඳ හොඳ ලිපි සපයන්න හැකියාවක් නෑ. කොහොම වුනත් මේ අල්ලපනල්ල අස්සේ එව්වා කරන්න යන එකට මට දෙන්න උපමා නෑ. ඉතිං ඔය වගේ වෙලාවට තමයි අපේ තිසර සහෝ වගේම පූස් සහෝදරයා මතක් වෙන්නේ. කොහොම වුනත් ඉතිං ඔන්න මට අපේ තිසර සහෝදරයාගෙන් ලිපියක් ලැබුණා. ඉල්ලපු පමාවට ලිපිය හදලා ලබා දුන්නා. ඒත් ඉතිං අපේ පූස් මලයාට කියලත් ලිපියක් සූදානම් කරගන්න කියලයි හැදුවේ. ඒත් ඉතිං එයාගේ කාර්යබහුලත්වයත් එක්ක වැඩේ කරගන්න බැරිවුනා. කොහොම වුනත් කොමික් පිලිබඳ බොහෝම සරුසරාවත් විචාර සහ සවිස්තරාත්මක තොරතුරු ලබාදෙන කොමික් ස්ක්‍රිප්ට් කණ්ඩායම විසින් මේ කතාව පිලිබඳව බොහෝම හොඳ ලිපියක් සපයලා තිබුණා. ඒක ඔයාලට මෙතනින් කියවන්න පුළුවන්. කොහොම මෙතන ලිපියත් කොමික් ස්ක්‍රිප්ට් කණ්ඩායමේ ලිපියේ කොටසක උපුටා ගැනීමක්. මේ කතාව ගොඩක් කාලෙකට කලින් විමා සහෝ තමයි බාරගෙන තිබුනේ. ඒත් වැඩ වැඩි නිසා පලවෙනි කොටස් දෙක මට බාරවුනා. එහෙනං අපේ තිසර සහෝගේ ලිපියත් කියවලා කතාව බලන්න පටාං ගනිමු. 🙂

තිසර සහෝගේ ලිපිය

ගෙදර ඇවිත් නිදහසේ ෆිල්ම් එකක් බලන්න හැදුවා විතරයි ප්‍රනීත් සහෝ මැසේජ් එකක් දැම්මා Jesssica Jones එකට ලිපියක් ඕනි කියල. මාර්වල් එකකට ලිපියක් නොදී කොහොමද ඉතින්. ෆිල්ම් එක පැත්තකට දාල ලිපිය ලියන්න හැදුවා විතරයි වීමත් මේකටම ලිපියක් ඕනි කියල මැසේජ් කරා. :p ෆිල්ම් වගේද ලිපිය කියල ඔන්න එහෙනම් Marvel සිනමා විශ්වයට එක්වුණු නවතම චරිතය පාදක කරගත්තු Jesssica Jones කතාව ගැන ලිපිය අරන් ආවා.

කතා මාලාව ගැන කියන්න කලින් බලමු කව්ද මේ ජෙසිකා ජෝන්ස් කියල. මෙයා ගැන ලියන්නේ කොහොමද කියල හිත හිත ඉන්නකොට තමයි Comic Script කණ්ඩායම මතක් උනේ. ඉතින් එයාල මේ චරිතේ ගැන දීල තිබුණු ලිපියක් අරන් එන්න හිතුවා. පහල දීල තියෙන්නේ ඒ ලිපිය.

“…..Jessica Campbell පුංචි කාලයේ දී එයාගේ පවුලේ අයත් එක්ක ඩිස්නිලන්තේ බලන්න යද්දී විකිරණ ශීලි රසායනික ද්‍රවය ගෙනියන වාහනයක හැප්පෙනවා. එයාගේ අම්මයි තාත්තයි සහෝදරයායි තුන් දෙනාම මේකෙන් මැරෙනවා. ජෙසිකා විතරක් මේකෙන් බේරෙනවා. හැබයි එයාත් කොමා තත්ත්වයට පත් වෙනවා. ටික දවසකට පස්සේ සිහිය ආවම එයාට තේරුම් යනවා එයාට බලයක් හම්බෙලා කියලා. ඒ තමයි අසාමන්‍ය ශක්තියක් එයාට ලැබෙනවා. ඒ වගේම පියාඹන්න හැකියාවත් එයාට හම්බෙනවා (ටිකක් පිලිගන්න අමාරුයි වගේ නම් තමයි. ඒත් මේ චරිතය 1963 දී මුලින්ම එලියට ඇවිත් තියෙන්නේ. ඒ හින්දා අපිට මේ විදිහටම පිලිගන්න වෙනවා)

දෙමව්පියෝ දෙන්නාම නැති උන හින්දා මෙයා Jones දෙපල ළඟ තමයි හැදුනේ. එයාගේ නමට ජෝන්ස් කෑල්ල එකතු වෙන්නේ ඊට පස්සේ. මෙයා ඉස්කෝලේ ගියේ පීටර් පාකර් ගිය ඉස්කෝලෙටමයි. මුල් කාලේ දී මෙයා තමන්ගේ බලය හංගා ගෙන හිටියත් පස්සේ ස්පයිඩර් මෑන් ගේ ක්‍රියාකාරකම් දැකලා මෙයත් අසාධාරනය වෙනුවෙන් සටන් කරනවා. මුල් කාලේ දී මෙයා Jewel කියන නමින් තමයි පෙනී ඉන්නේ. හැබයි මුල්ම කාලේ මෙයට තමන්ගේ බලය ගැන වැඩිය අවබෝධයක් තිබ්බේ නැති හින්දා ඉක්මනින්ම ම ලොකු විනාශයකට පත් වෙනවා. අන්තිම ප්‍රතිපලය උනේ ජෙසිකා Purple Man කියන කෙනාගේ හිරකාරයෙක් විදිහට මාස 8ක් වගේ ඉන්න වෙනවා.

මේ සිදුවීම් වලින් පස්සේ එයා තමන්ගේ මුල් ජිවිතේ අමතක කරලා අලුතෙන් ජිවිතයක් පටන් ගන්න නිව් යෝර්ක් වලට එනවා. නිව් යෝර්ක් වල පුද්ගලික රහස් පරීක්ෂක වරියක් විදිහට සාමන්‍ය ජිවිතයක් ගත කරන්න හැදුවත් එයාගේ අතීතය සහ එයා ඇතුලේ ඉන්න සුපිරි වීරවරිය මෙයාගේ මේ ජිවන රටාව අවුල් කරනවා….”

දැන් කට්ටිය දන්නවනේ මේ චරිතේ ගැන.
මාර්වල් සමාගම මේ චරිතේ රූපවාහිනී තිරයට අරන් එන්නේ ABC Studios සහ Netflix නාලිකාව අතර ගොඩනැගෙන කතා පහක දෙවන දිගහැරුම ලෙසයි. මේකට කලින් Marvel’s DareDevil පළමු නිර්මාණය විදියට ගිය අවුරුද්දේ ආවා. ජෙසිකා ජෝන්ස් කතාවට අමතරව Marvel’s Luke Cage සහ Marvel’s Iron Fist ඉදිරියේදී එන්නට නියමිතයි. මේ හතරම විකාශය වෙලා ඉවර උනාම Marvel’s The Defenders නමින් මේ චරිත හතරම ඉක්වුණු සමූහ සුපිරි වීර කතාමාලාවක් එන්නට නියමිතයි.

මාර්වල් විශ්වය පිලිබඳ විවේචනය කරන බොහෝ දෙනා පෙන්වා දෙන එක් කරුණක් තමයි මාර්වල් නිර්මාණ සෑම විටම ආලෝකමත් නිර්මාණ වන බවයි(කතා තේමාව). මාර්වල් සිනෙමැටික් විශ්වය තුල අඳුරු කතාමාලා නොතිබුණු සමයක මාර්වල් සමාගම බලාපොරොත්තු උනාටත් වැඩියෙන් අඳුරු කතාමාලාවක් වෙච්චි ඩෙයාඩෙවිල් සාර්ථක වෙච්චි නිසා දැනටම ඒකෙ දෙවෙනි කතාමාලාවක් මාර්වල් සමාගම තහවුරු කරලා අවසන්. මේ නිසාම මාර්වල් සමාගම නවතම නිර්මාණය වෙච්චි ජෙසිකා ජෝන්ස් ගැන ඉහල බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මොකද මේකත් අඳුරට බර කතා මාලාවක් නිසා. ඒ මොකද කිව්වොත් කොමික් කතා දිහා බලනකොට මෙයාගේ කතා ගොඩක් වෙලාවට R වර්ගීකරණයට අයිති වෙන්නේ. ඒ කියන්නේ ලිංගික දර්ශන සහ අසභ්‍ය වචන එහෙම තියනවා.

Krysten Ritter ජෙසිකා ජෝන්ස් චරිතය රඟ දක්වනු ලබනවා. 2016 එන ලුක් කේජ් කතා මාලාවේ ලුක් කේජ් ලෙස එක්වෙන Mike Colter මේකෙදිත් ලුක් කේජ් විදියට එක්වෙනවා. (ජෙසිකා ජෝන්ස් විවාහ උනේ පවර් මෑන් එහෙමත් නැතිනම් Luke Cage එක්ක. එයා මුලින්ම දැක ගන්න පුළුවන් අපිට මේ කතාවේ දී.) මීට අමතරව David Tennant, Rachael Taylor, Carrie-Anne Moss, Eka Darville, Erin Moriarty, Wil Traval, Susie Abromeit, Phil Cappadora වැනි අය සෙසු චරිත වලින් එක්වෙනවා. ඩෙයාඩෙවිල් විදියට හැමෝම දැන් දන්න Charlie Cox මේකේ එක කොටසකට එක්වෙලා තියෙනවා.

මුලින්ම මේ කතාව නම් කරලා තිබ්බේ A.K.A. Jessica Jones කියලා. පස්සේ A.K.A. කොටස අයින් වුණා. හැබයි මේ සීසන් එකේ කොටස් 13 ම පටන් ගන්නේ A.K.A. කියන කොටස මුලට ඇවිත්.

AKA Ladies Night
AKA Crush Syndrome
AKA It’s Called Whiskey
AKA 99 Friends
AKA The Sandwich Saved Me
AKA You’re a Winner!
AKA Top Shelf Perverts
AKA WWJD?
AKA Sin Bin
AKA 1,000 Cuts
AKA I’ve Got the Blues
AKA Take a Bloody Number
AKA Smile

ඩෙයාඩෙවිල් කතා මාලාව වගේම මාර්වල් සිනමා විශ්වයේ කොටසක් විදිහට තමයි මේ කතාවත් යන්නේ. ටිසර් පෝස්ටර් එකේ පසුබිමේ දකින්න හම්බුනු ඇවෙන්ජර් ටවර් එකෙන් ඒක හොදටම පැහැදිලි වෙනවා. කතාමාලාවේ සාරාංශය ගත්තොත් මේ විදිහට තමයි දැකගන්න වෙන්නේ.

• Marvel කොමික් වල Jessica Jones නමැති චරිතය වටා කතාව ගොඩ නැගී ඇත
• නිෂ්පාදන සමාගම – Marvel Television, ABC Studios, Tall Girl Productions
• විකාශය වෙන නාලිකාව – Netflix
• විකාශය වුනු දිනය – 2015 නොවැම්බර් 20
• නිර්මාණය – Melissa Rosenberg
• දැනට නියමිත සීසන් ගණන – 1
• විකාශය වූ කොටස් ගණන – 13

එහෙනම් මේ ඇතිනේ මේ කතා මාලාව ගැන දැනගන්ත.ඔයාලත් මාර්වල් රසිකයෙක් නම් මේ කතා මාලාවත් අත්හරින්නේ නැති බවනම් මම හොඳටම දන්නවා. ඉතින් බලලම මේ අපූර්ව කතා නායිකාව ගැන දැනගන්නකෝ.

Hail Hydra#

ඔය විදියට අවසන් වුනු ලිපියත් එක්කම මමත් ලිපිය අවසන් කරනවා. මීලඟ කතාවෙන් හමුවෙමු.

පලි: ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.

ආයු -බෝ -වේවා !!!

Jessica Jones (2015) on IMDb

 

 

234MB (WEBRiP.x264) කොපිය මෙතනින් බාගන්න

512959773374E535964419343073817ECC1E8C72

1.94 GB (HEVC.WEBRiP.x265) සම්පූර්ණ පිටපත මෙතනින් බාගන්න

2BD08727EB400FA38F5B52791A61376D243184939 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

3,980 downloadsDownload Marvels.Jessica.Jones_.S01E01.baiscopelk.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                         All Episodes                        Next Episode>>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

3,980 downloadsDownload Subtitles67 KB

42 comments

  1. සුපුන් බුද්ධික

    අද උදේ ඩවුන් කර විතරයි සහෝ..
    නියම වැඩක් එනකම් බලාගෙන හිටිය කතාවක්.
    Netflix එක දැන් සුපිරි පහරවල් දෙන්නේ..
    ගොඩක් ස්තූතියි මේකට උපසිරැසි දෙනවට..
    ඉතුරු ටිකත් දෙමු..

    ජය වේවා !!!

    1. Chathu

      Thanks macho subwalata patta series ekakwage ! Lankave channel wala pennana ewa dakkama koi kale wage mewage series eida ban hikssss

  2. tharindu madushanka

    thanks

  3. Saketha Pulasthi

    Marvel ඒවා නොබල කොහොමෙයි .හොද x265 කොපියක් එනකන් තව පොඩිත්තක් ඉවසනව.ඉක්මනට සබ් ටික දෙමු.
    උපසිරසියට බොහොම ස්තූතියි. :)

  4. තිසර නියෝ

    මග බලන් හිටියේ බලන්න.

    ස්තූතියි සහෝ සබ් එකට.

    ජයවේවා..

    #Hail_Hydra

  5. Haritha Dayanga

    එලහ් සහෝ :)
    මං හිතූනෙ නෑ මෙච්චර ඉක්මනට දෙයී කියලා
    සබ් එකට රෝම්බ(ර්) තෑන්ක්
    පුලුවන් නම් සහෝ අනීත් එපී වලට Hecv(x256) ලින්කූවකූත් දෙන්න
    ජයෙන් ජය සහෝ !!!!

  6. Larlitha Sri Vidhara

    Thankzz mchan sub ekata.............

  7. Kulanjana Maduranga

    patta ahhhhh....mekata digatama sub demu....thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

    lipiyath niyametama thiyanawa....thanks THISARA saho.....

  8. තෙපුල් ලයන්ත

    සුපිරි මචෝ.

    කතාව නම් හොදයි වගේ. එහෙනම් බලන්න ගන්නවා මේකත්.

    පුලුවන් ඉක්මනට සබ් දෙන්න. අපි බලාගෙන ඉන්නේ.

    තෑන්ක්ස් සහෝ

  9. Keshan Wasala

    මග බලන් හිටියේ මේක එනවා කිව්ව දවසේ ඉදං :D Netflix එකෙන් Daredevil කතාව සුපිරියට තාත්විකව කරපු හින්ද මේ කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ අනිවා සුපිරි ඇති සබ දෙන්න අරං තියෙන්නෙත් සුපිරි පොරක් නෙව. මෙන්න එහෙනං ප්‍රණිත් සහෝ සබ ගත්තා වේලාව තියන විදියට ඉතුරු ටිකත් දෙමු..බොහොම ස්තුතියි සහෝ... ජය වේවා !!

  10. Chamith Rajapaksha

    thanks bro............super wenna oni

  11. kavinda

    අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම

  12. Dimuthu

    imdb. 9.0 kiyanne Supiry storyak thamai. Thank you!

  13. me

    Thanks

  14. Iraj Asela

    Thanks
    ethuru tikakth ekmanata gamuuu
    elaa

  15. තිසල්

    එලම තැන්ක්ස්

  16. thilan

    meke serama kotas awillane bn thanx sub ekata

  17. Rasindu Perera

    නියමයි...නියමයි...මේකට සබ් දෙනකන් බලන් හිටියේ....අයේ ඔයා සබ් එකක් දුන්නොත් ෂුවර් දවස ගානේ දෙනවා කියල..ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න...පුලුවන්නම් SMALLVILLE එකටත් සබ් දෙන්න...ඔයා වගේ කෙනෙක්ට තමා ඒ වගේ කතාවකට සබ් දෙන්න පුළුවන්....
    එල...සබ් එකට තැන්ක්ස්..

  18. Hasanka Sanjana

    Thanks Sub ekata.... patan gaththa wade iwarayak karanna haekiweewaa kiyala prarthana karanawa...
    Pluwnnm 720p x265 copy ekatama sub denna... ekata godak aya kaemathi wei

  19. Chloe Bennet

    ela ela
    enakam balagena hitiye
    sub ekata gdk tnz
    good luck

  20. Maleesha Weerasekara

    Thanks :)

  21. Janith mathula

    Thanks

  22. D Chamara

    hamme nobal kohomada aniwa balnna oni thanks sahoo degatama karagena yamoo jaya

  23. nisala udara

    thanks sub ekata

  24. Kasun_sk

    lipiyanam niyamai sahoo

  25. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. S.K.Ruchiranga

    thz machoo sub ekata

  27. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ.

  28. සමන් ප්‍රසාද් [ පූසා ]

    ඔන්න මාත් අද ඉඳන් බලන්න ගන්නවා ප්‍රනීතයෝ... :D
    සබට තුති... :D
    මගේ හෙඩ්සෙට් එක කැඩුන එක තමා අවුල... :3

  29. Tharaka Lahiru

    wow niyama wadak......

  30. dananjaya

    එනකන් බලන් හිටපු එකක්... :D

    american horrer storry ටීවී සීරියස් එකටත් සබ දෙන්න පුලුවන්නම්...

  31. Ravindu Rukshan

    Upasirasayata Bohoma isthuthi prenneth saho

  32. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  33. Anura@Pradeep

    පට්ට වැඩක් මචං
    Season 2 ekath release wela
    Puluwannam Ekatath Ikmanata Sub eka dipalla Bro
    okkotama jaya Wewa

  34. Dave

    Thanx broh

  35. ThusharaIndunilRathnayaka

    sub ekata thanks.....!

  36. bhanukarasanga

    thanks bro

  37. MAALnath

    Thanks ................good luck ....................

  38. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
    ජය වේවා.!

  39. nilanka_baiscop

    thanks

  40. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  41. Sahan Prabhasara

    බලමු කතාව කොහොමද කියල