“සොඳුරු තැනක් කළ නිවසන මිහිකත මවකි, සොයුරියකි, ඇය වෙයි සිරිකත ලොව සුරකින්නට මිහිමත දිනුකත මැණිකක් මැයි ඇය දිදුළන මරකත” 2018 මාර්තු 08,ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් Netflix මඟින් විකාශය කරන්න යෙදුන කතා මාලාව නම් ජෙසිකා ජෝන්ස්ය. 2015 නොවැම්බර් මස 20 දින විකාශය ආරම්භ කරමින් නිමා වුන පළමු කතා…

“සොඳුරු තැනක් කළ නිවසන මිහිකත
මවකි, සොයුරියකි, ඇය වෙයි සිරිකත
ලොව සුරකින්නට මිහිමත දිනුකත
මැණිකක් මැයි ඇය දිදුළන මරකත”
2018 මාර්තු 08,ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් Netflix මඟින් විකාශය කරන්න යෙදුන කතා මාලාව නම් ජෙසිකා ජෝන්ස්ය. 2015 නොවැම්බර් මස 20 දින විකාශය ආරම්භ කරමින් නිමා වුන පළමු කතා සමයෙන් පසුව මෙවර කාන්තා දිනය නිමිති කරගනිමින්, ඔවුන් විසින් දෙවන කතා සමය විකාශය කරන්න යෙදුනා. ඒ නිසාම මේ කතා සමයේ සියලු කතාංග අධ්‍යක්ෂණය කිරීම සිද්ධ කරනු ලබා ඇත්තේ කාන්තාවන් විසින්. ඇතැම් කතා මාලා කාන්තාවන් නිසා නැත්තටම නැති වෙලා යන සමයක කාන්තාවක් නිසා ඉස්සරහට එන කතා මාලා අතර ජෙසිකා ජෝන්ස් කතා මාලාව ප්‍රමුඛස්ථානයක් ගන්නවා කිව්වොත් නිවැරදියි.
පළමු කතා මාලාවෙන් ජෙසිකා ජෝන්ස් හා ඒ හා සම්බන්ධ චරිත පිළිබඳව අලගිය තැන්, මුල ගිය තැන් විස්තර කරපු නිසා ඒ පිළිබඳව අංශු මාත්‍රයක දෙයක් නොකියා ඉන්න කල්පනා කළා.ඒ නිසා වැඩි විස්තර දැනගන්න පමණක් නෙවෙයි මේ කතා සමය බලන්න ඕනෙනම් අනිවාර්යෙන් පළමු කතා සමය බලලා එන්න. හෝ…හෝ..හෝව්….පොඩි බබාලා එහෙම ඒ පැත්තේ නොගියට කාරී නෑ. හරිද?මේක වැඩිහිටියන්ගේ කතාවක්… ඒ නිසා ඔයා තාම පොඩිහිටියෙක්නම් මේක නොබලා ඉන්න එකම තමා හොඳ(හොරෙන් බලලා අම්මගෙන් කොසු කැඩෙන්න ගුටි කෑවොත් අපිව අල්ලන්න එහෙම එපා).
නෙට්ෆ්ලික්ස්ලා ගෙඩි පිටින්නේ දෙන්නේ. ඒ නිසා පසුගිය කොටස් ගැන වැඩිය කතා කරන්න දෙයක් නෑ.එක දිගට බැලිල්ලක් තියෙන්නේ. හැබැයි සිංහල උපසිරස නෑ කියලා දුක් වෙන්න එපා. මේ සතිය ඉවර වෙන්න කලින් අපේ ගොයියෝ ටික සේරම දෙනවා ඈ.වෙනදා වගේම සුපිරි සෙට් එකක් මේ සැරෙත් ගේමට බැහැලා ඉන්නේ. වල්පල් නම් සෑහෙන්න කියෙව්වා.ඒ නිසා දැන් කතාව දෙසට හැරෙමු.
සුපුරුදු පරිදි ජෙසිකා තමන්ගේ විමර්ශන කටයුතු කරගෙන යනවා. ඉස්සර කුඩ්ඩෙක් වෙලා හිටපු මැල්කම් දැන් ජෙසිකගේ සහායක විදියට වැඩ කරනවා. මේ අතර තුරේ තරුණ හාදයෙක් ජෙසිකා ගාවට එන්නේ තමන්ව මරන්න කෙනෙක් එනවා.තමන්ව බේරා දෙන්න කියලා ආයාචනය කරමින්. තමන් මරන්න හේතුව තමන්ට සුපිරි වේගයක් තියෙන නිසා බව ඔහු පවසනවා. හැබැයි ජෙසිකා ඔහුව එලවා දමන්නේ එය නොපිළිගන්නා නිසයි. කෙසේමුත් දිනක් නැවත මොහු පැමිණෙන අතර ජෙසිකා සමග සටන් කරමින් සිටිය දී (සටනක්ම නෙවෙයි ඉතින්) පලන්චියක් කඩා වැටි මොහු මිය යනවා.මේ අතර තුරේ ජෙසිකාට දැනගන්න ලැබෙන්නේ මොහු කොස්ලෝව් නොහොත් තමන්ව නිර්මාණය කල දොස්ත්රගේම නිර්මාණයක් කියලයි. ඉන් පසුව ජෙසිකා කොස්ලෝව් සොයා යාමට තීරණය කරනවා…..කොස්ලෝව් සොයා යන ජෙසිකාට ඔහුව මුණ ගැසේවිද? විසර් මැරුනේ සැබෑවට අනතුරක් නිසාද? ට්‍රිෂ් මෙවර කුමන භූමිකාව රංගනය ඉදිරි පත් කරාවිද? ඔය ප්‍රශ්න ටිකත් විසඳගෙන තව ප්‍රශ්න ගොඩක් ඔලුවේ පුරවා ගන්න පුළුවන් කොටසක උපසිරස ඔන්න දැන් භාගත කර ගන්න පුළුවන්.
එහෙනම් කලින් කිව්වා වගේම සියලු කොටස්වල උපසිරස ඉක්මනින්ම ලැබේවි. ඒ වගේ මේක 18+ බව ඉතා වගකීමෙන් කියනවා. ඒ නිසා පොදු ස්ථානවල නැරඹීමෙන් වලකින්න කියලා අනතුරු අඟවමින් චාමර සහෝගේ උපසිරසත් සමග ඊළඟ කොටස බලන්න කියලා ආරාධනා කරමින් සමු ගන්නවා.ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
- #2017
- #Ashlie Atkinson
- #Editor's Pick
- #Eka Darville
- #J.R. Ramirez
- #Janet McTeer
- #Jenny Paul
- #Krysten Ritter
- #Leah Gibson
- #MaxxA
- #Must Watch
- #Narada Campbell
- #Rachael Taylor
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Terry Chen
- #අනුරුද්ධ (ලියෝ)
- #උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
tharindu gunarathna
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට...!
geeganagamage
නියම වැඩක් බොහෝම ස්තුතියි
Hiran Eranda
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
sachintha
Sub ekata thanks sahoo
Elamaවිමා
සබට තුති ලියෝ
ජෙසිකා ජෝන්ස් මේ සීසන් එක පට්ටයිUdara Damith Dissanayaka
...........උපසිරසට බොහොම ස්තුතියි ............
lahiru sadaruvan
thank you so much bro...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
Thanks
Rocky45
Lucifer , i zombie eke sub dennsko plz
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks