Watch Trailer

Jessica Jones [S02 : E07] Sinhala Subtitles | හැමෝගෙම ජීවිතවල කවුරුවත් නොදන්න අමිහිරි කතාවක් තියෙනවා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හත්වැනි කොටසත් අරන් ආවා. ඔස්කර්ට ජෙසිකාව පෙන්නන්න බැරි කමත්, ජෙසිකව ඔස්කර්ව පෙන්නන්න බැරි කමත් මුලින් එකිනෙකා අතර තිබුණු තරහව නැතුව ගියා ජෙසිකා වීඩොව බේරගත්ත නිසා. අන්තිමට මේ දෙන්නගේ පලහිලව්ව කෙළවර වුණේ දම්පාට තීන්ත ගොඩක් මැද්දේ.(මේ අවුරුද්දේ ඇමරිකානු ටෙලිවිෂන් කලාවේ තීන්ත එකක් සෙල්ලම්…

ඔන්න එහෙනම් හත්වැනි කොටසත් අරන් ආවා. ඔස්කර්ට ජෙසිකාව පෙන්නන්න බැරි කමත්, ජෙසිකව ඔස්කර්ව පෙන්නන්න බැරි කමත් මුලින් එකිනෙකා අතර තිබුණු තරහව නැතුව ගියා ජෙසිකා වීඩොව බේරගත්ත නිසා. අන්තිමට මේ දෙන්නගේ පලහිලව්ව කෙළවර වුණේ දම්පාට තීන්ත ගොඩක් මැද්දේ.(මේ අවුරුද්දේ ඇමරිකානු ටෙලිවිෂන් කලාවේ තීන්ත එකක් සෙල්ලම් කරපු දෙවැනි සිදුවීම තමයි ජෙසිකා ජෝන්ස් කතාවේ සිදුවීම කියන්නේ. අනේමන්දා ඒක දැන් කලාවක්ද කියලා. 😁) ඩොක්ටර් කාර්ල් ගැන හොයාගෙන යද්දී මේ අයට හම්බවෙනවා ඇම්බ්‍රෝස් කියලා මිනිහෙක්ව. එයා මුලින් කැමති වුණේම නැහැ ඩොක්ටර් කාර්ල් ඉන්න තැනක් කියන්න. ඒත් පස්සේ ජෙසිකා ඇම්බ්‍රෝස්ගෙ පුතාව ඇපේට තියාගෙන හැමදේම දැනගත්තා. මේ අතරෙදි ත්‍රිෂ්ට අර ඉන්හේලර් එකකට ඇබ්බැහි වෙලා. වැඩේ කියන්නේ මේක නිකන්ම නිකන් ඉන්හෙලර් එකක් නෙවෙයි. අසීමිත ශක්තියක් සීමිත වෙලාවක් යනකන් ලබාදෙන්නෙක්. ත්‍රිෂ් නම් දැන් ඒකට හොදටම ඇබ්බැහි වෙලා වගෙ.මේ ඉන්හෙලර් එකක් මොකක් වෙන්න ඇතිද කියලා මම කියන්න යන්නේ නැහැ. මොකද දහවැනි කොටස වගේ බලද්දී ඔයාලට හොද තොරතුරු ටිකක් දැනගන්න ලැබෙයි. කොහොම කාර්ල් ඉන්න ගෙදරටත් ගියා. එතනදී අන්තිමට ජෙසිකට ජෙසිකගේ අම්මගේ බඩුමුට්ටු ටිකත් හොයාගන්න ලැබුනා. ඊටපස්සේ තමයි ඩොක්ටර් කාර්ල් වගේම ජෙසිකාගෙ අම්මා මුහුණුවරට ආවේ. ඔන්න ඕකනේ කලින් කොටසෙදි වුණේ.

ඇත්තටම කියනවනම් ඔයාලා හුග දෙනෙක් ජෙසිකාට බනින හේතුව තමයි එයා හුගක් බොනවා, එතකොට දකින දකින කොල්ලා එක්ක ඩිස්ඩි ඩිඩිංං කරන නිසානෙ. ඒ ජෙසිකා ඒ තරමටම දරදඩු ඇයි කියලා කවදාහරි නිකමට හිතිලා තියෙනවද? එයාටත් සෑහෙන කාලෙකට කලින් එයාගේ ජීවිතේ එපාම කරපු කාලයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ කිව්වේ කොලේජ් යන කාලෙ. ඒ කාලෙදි තමයි ත්‍රිෂ් ගායන ක්ෂේත්‍රයට එන්නේ. හරියටම මේ ත්‍රිෂ් වගේම ජෙසිකා ඉගෙන ගන්න කාලෙ. ජෙසිකා කියන්නේ ඉතින් තමනගේම කියලා තිබුණු පවුල නැතිවුනු පැට්සි වෝකර් පවුලෙන් දරු කමට හදාගත්ත කෙනෙක්නෙ. ඒ කියන්නේ එජෙසිකාට ඒ පවුලෙන් යැපෙන්න වෙලා තිබුණු කාලයක්. ඔයාලා දැන් ජෙසිකට හොද නැති කෙනෙක් කියලා කියනවනම් අද කොටස බැලුවම තේරුම් යාවි ජෙසිකා නෙවෙයි හොද නැති කෙනා ත්‍රිෂ් කියලා. මොකද ත්‍රිෂ් දැන් කොච්චර හොද උනත් ඒ දවස්වල එයාට ලැබුණු ප්‍රසිද්ධියත් එක්ක එයා ඔලුව උදුම්මාගත්ත චරිතයක් විතරයි. මේ නිසා යම් යම් ප්‍රශ්ණ නිසා ජෙසිකගෙන් එයා ඈත් වෙලා යනවා යාලුවෝ කියලා හිතාගෙන ඉන්න අය ලගට. ඇත්තටම අය යාලුවෝ නෙවෙයි කියලා තේරුම් ගන්නවත් බැරි තරමට බිලා බිලා මත්වෙලා, කුඩු ගහලා ඇබ්බැහි වෙලා කාලකන්ණි වැඩ කරලා ජීවිතේ වැඩ වරද්දගන්නත් ඒ බේරගන්න මැදිහත් වෙන්නෙත් ජෙසිකම තමයි. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!! සුභ සතිඅන්තයක් වේවා හැමෝටම !


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

15 comments

  1. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  4. sachintha

    Sub Ekata Thanks Chamara Sahoo

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    තව එපි 6යි....

  6. hashanandhashan

    new episode 6 sub akata thanks bro $$$$

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි
    සුබ සති අන්තයක්

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  10. futureomega

    thax for the sub

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!

  14. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
    ජය වේවා.!

  15. nilanka_baiscop

    thanks