Watch Trailer

Jessica Jones [S02 : E10] Sinhala Subtitles | සිතු දේ නොමවෙයි, නොසිතු දෙයක් වෙයි..!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් Jessica Jones දෙවැනි කතා සමයේ දහවැනි කොටසත් අරගෙන ආවා… මුලින්ම කියන්න ඕනි මේක මම Marvel කතාමාලාවකට උපසිරසි ලබාදෙන පළමු වතාව. ඉතින් මට මේ අවස්තාව ලබාදුන්නු හසා අයියවත් මතක් කරන්නම ඕනි. ඒ ගැනත් මතක් කරගෙනම අපි යමු කතාව පැත්තට, අද කොටසෙදි ජෙසිකගේ අම්ම, ඇලීසා ජෝන්ස්ව අත්ලන්තික් සාගරයේ පිහිට…

ඔන්න එහෙනම් Jessica Jones දෙවැනි කතා සමයේ දහවැනි කොටසත් අරගෙන ආවා…

මුලින්ම කියන්න ඕනි මේක මම Marvel කතාමාලාවකට උපසිරසි ලබාදෙන පළමු වතාව. ඉතින් මට මේ අවස්තාව ලබාදුන්නු හසා අයියවත් මතක් කරන්නම ඕනි. ඒ ගැනත් මතක් කරගෙනම අපි යමු කතාව පැත්තට, අද කොටසෙදි ජෙසිකගේ අම්ම, ඇලීසා ජෝන්ස්ව අත්ලන්තික් සාගරයේ පිහිටලා තියෙන Raft නමින් හඳුන්වන අධි ආරක්ෂිත බන්ධනාගාරයකට මාරු කරල යවන්න හදනවා. ඉතින් මේ මාරු කිරීම නවත්තන්න නම් ජෙසිකගේ අම්මට යෝජනාවකට කැමතිවෙන්න සිද්දවෙනවා. ජෙසිකයි හොගාර්ත් දෙන්න එක්ක අරගෙන එන යෝජනාව තමයි සම්පූණ පාපෝච්චාරණයක් වගෙම ඩොක්ට මලූස් ඉන්න තැනක් හෙළිකරන්න කියන එක. ඒත් මලූස් ගැන හෙළිකරන්න නම් ඇලීසගේ කිසිම කැමැත්තක් පේන්න නැහැ. මේ දේවල් මෙහෙම වෙන අතරෙ ට්‍රිශ් වෝකර් මේ කේස් එක ගැන වගෙම ඩොක්ට මලූස් IGH එකේ කරපු දේවල් ගැන දිගටම හොයාගෙන යනවා. ඇලීසාගේ මාරු කිරීම නවත්තන්න එයා යෝජනාවට කැමති වෙන්නෙ ඩොක්ට මලූස් ආරක්ෂිතයි කියල දැනගත්තොත් විතරයි, ඒ නිසා ජෙසිකා ඩොක්ට මලූස්ව සිරකරුවන් සිය රටට ආපහු බාර නොදෙන රටකට යවන්න සූදානම් කරනවා. එතකොට මලූස්ට කරදරයකුත් නෑ, ජෙසිකගෙ අම්මා යෝජනාවට කැමතිත් වෙනවනේ. ඒත් ඇලීසට බන්ධනාගාර නිළදාරියෙක් දරුණු විදිහට සලකනව කියල ජෙසිකා දැනගන්නවා. ඉතින් එයා ඒ නිළදාරියාගෙ ගෙදරට හොරෙන් ඇතුළුවෙලා පොර මොන වගේ කෙනෙක්ද කියල හොයන්න හදනවා. ඒත් ඉතින් කරුමෙ කියන්නෙ මෙතනදි ජෙසිකව ඒ හාදයට මාට්ටු වෙනවා. එතනදි සිද්දවෙන රණ්ඩුවෙන් ජෙසිකා අතින් ඒ හාදයා මැරෙනවා. හොගාර්ත්වත් ෂේන් කියල හාදයෙකුට හොඳටම ඇන්දිලයි ඉන්නෙ. ඉතින් තව කියන්න ගියොත් එම වැඩක් නැතිවෙනවනේ. එහෙනම් කතාව බලලම ඉන්නකෝ…

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Isuru-Sampath-Sirisena-2018.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

13 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!

  2. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  3. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. tharindu gunarathna

    thanks

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!

  12. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
    ජය වේවා.!

  13. nilanka_baiscop

    thanks