හැමෝටම සුබ දවසක් කියලා පිලිගන්නවා අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ව. අද දවසේ මම අත ගහන්න හදන්නේ මාවල්, නෙට්ෆිලික්ස් හවුලේ අන්තිම සීරිස් එකටයි. දැනටමත් මේකේ සියලුම කොටස් ඇවිල්ලා තියෙන නිසා පුලුවන් ඉක්මනින් ඔයාලට අරගෙන එන්න උත්සාහ කරන්නම්. අපි පොඩ්ඩක් කලින් සීසන් වලදි මොකද උනේ කියලා මතක් කරගෙන ඉමු. SEAS…

හැමෝටම සුබ දවසක් කියලා පිලිගන්නවා අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ව. අද දවසේ මම අත ගහන්න හදන්නේ මාවල්, නෙට්ෆිලික්ස් හවුලේ අන්තිම සීරිස් එකටයි. දැනටමත් මේකේ සියලුම කොටස් ඇවිල්ලා තියෙන නිසා පුලුවන් ඉක්මනින් ඔයාලට අරගෙන එන්න උත්සාහ කරන්නම්. අපි පොඩ්ඩක් කලින් සීසන් වලදි මොකද උනේ කියලා මතක් කරගෙන ඉමු.
SEASON 1 – කිල්ග්‍රේව්ගේ හපන්කම්…
පලවෙනි කතා මාලාවේ ඉදන් බලපු අයට මතක ඇති සීසන් 1 එකේ ප්‍රධාන සතුරා බවට පත්වෙන්නේ කිල්ග්‍රේව් කියලා ඩයල් එකක්. ඌගේ මොලේ පොඩ්ඩක් හොද නෑ. හැබැයි එයාට මිනිස්සුන්ව පාලනය කරන්න පුලුවන් බලයක් තියෙනවා. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ගේ මනස පාලනය කරන්න පුලුවන්. කිල්ග්‍රේව් ජෙසිකගේ මනස පාලනය කරලා එයාව තමන්ගේ පෙම්වතිය බවට පත් කර ගන්නවා. සීසන් එකේ අන්තිම හරියට යනකොට කිල්ග්‍රේව්ට ජෙසිකගේ මනස පාලනය කරන්න බැරි වෙනවා. එතන ඉදන් තමයි කිල්ග්‍රේව්ට කෙලවෙන්න පටං ගන්නේ. ලූක් කේජ් අයියත් කතාවේ අන්තිම හරියට යනකං ඉන්නවා. ලූක් කේජ්, මැල්කම් , ට්‍රිශ් කියන ඈයෝ අන්තිමට කිල්ග්‍රේව්ගේ අතකොලු බවට පත් වෙනවා. අන්තිමේදී සිද්ද උන සටනෙන් ජෙසිකගේ අතින් කිල්ග්‍රේව්ට මැරුම් කන්න සිද්ද උනා. එහෙම තමයි පලවෙනි සීසන් එක ඉවර උනේ.
SEASON 2 – මලවුන්ගේ පිබිදීම….
දෙවෙනි කතා මාලාවෙදී ලූක් කේජ් දකින්න ලැබෙන්නේ නෑ. ඒ වගේම හිතපු නැති විදිහට ජෙසිකට වඩා ශක්තිමත් කෙනෙක් කතාවට පිවිසෙන්න පටං ගත්තට පස්සේ තමයි ආයේ යුද්දේ පටං ගත්තේ.මේ සීසන් එකේදී ට්‍රිශ්ගේ සුපිරි බල තණ්හාව හොදින්ම පෙන්නුම් කරනවා. ඒ වගේම ජෙසිකා එයාගේ බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට උදව් කරනවා මදි කියලා ට්‍රිශ් ජෙසිකට දොස් පවරනවා. මේ කතාමාලාවෙදි ජෙසිකට තමන්ගේ බලය ලැබුන හැටි පෙන්නනවා. ඒක සිද්ද වෙන්නේ කාර්ල් කියන දොස්තරගේ පරීක්ශනයක ප්‍රතිපලයක් විදිහටයි. හැබැයි ජෙසිකට සිද්ද වෙච්ච අනතුරෙන් ජෙසිකා වගේම එයාගේ අම්මත් බේරෙනවා. ජෙසිකගේ අම්මට ජෙසිකාට වඩා ශක්තියක් තියෙනවා වගේම කේන්තිය පාලනය කර ගැනීමේ ගැටලුවකුත් තියෙනවා. ඒ හේතුව නිසා කාර්ල් ජෙසිකගේ අම්මව හංගගෙන ඉන්නවා. අන්තිමට ඒ සේරම එලි වෙනවා. ට්‍රිශ්ගේ තියෙන බල තණ්හාව නිසා ට්‍රිශ් කාර්ල්ට කියවලා බලෙන්ම පරීක්ශනයක් සිද්ද කර ගන්නවා. නමුත් ඒ වැඩේ ජෙසිකාගේ උත්සාහයෙන් අසාර්තක වෙනවා වගේම කාර්ල්ට තමන්ගේ ජීවිතය අහිමි වෙනවා. පරීක්ශනයේ බලපෑමකින් ට්‍රිශ්ට අමුතු බලයක් ලැබුනත් ඒක මොන වගේද කියලා පෙන්නන්නේ නෑ. අන්තිමට ට්‍රිශ් එල්ල කරන වෙඩි පහරකින් ජෙසිකාගේ අම්මා මරු තුරුලට යනවා. එතනින් තමයි දෙවෙනි සීසන් එක ඉවර උනේ.
අද කොටසින්..
අද කතාවෙදී එක්තරා උදේක ට්‍රිශ්ගේ අම්මා ඇවිල්ලා ජෙසිකට කියනවා ට්‍රිශ් අතුරුදහන් කියලා. ජෙසිකාත් අකමැත්තෙන්ම ට්‍රිශ්ව හොයන්න යනවා. මැල්කම් ජෙරී හෝගාර්ත් ලග වැඩට යනවා. ඒකෙන් එයා සාර්තක ජීවිතයක් ගත කරනවා. අනික් කතාවලිදී වගේ අද කතාවත් මූලාරම්භ වෙන්නේ අනතුරකින්. ඒ ගැන මම මුකුත් නොකියා ඉන්නම්.
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…😎
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,797 downloadsDownload Jessica-Jones-S03-E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
- #2017
- #Ashlie Atkinson
- #Editor's Pick
- #Eka Darville
- #J.R. Ramirez
- #Janet McTeer
- #Jenny Paul
- #Krysten Ritter
- #Leah Gibson
- #MaxxA
- #Must Watch
- #Narada Campbell
- #Rachael Taylor
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Terry Chen
- #උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #හිරාන් එරන්ද ගනේපල්ල
11 comments
තිසර නියෝ
Rasindu Perera
අම්මෝ...සබ් දෙන්න අරගෙන මේකට....
සුපිරි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...
සුපිරි කතාවක්....
Runaways Season 3 එකටත් සබ් දෙමු....Hashan M. Priyadarshana
හම්මෝ Jessica Jones season 3වලට සබ් දෙනකන් බලන් හිටපු කාලයක්...
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) දිගටම සබ් දෙන්න මේකට..
ජය වේවා.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයgeeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Suranjan
Thanks jayawewa.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahan malinga
bokka elaaaaaaaaaaaaaaaaaaaaa thanks
dush135
ela
Navidu2019
Thanks bro
nilanka_baiscop
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra