2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 10 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි පස්වන කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ. අද කොටසට යන්න කලින් මීට…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 10 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි පස්වන කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ.
අද කොටසට යන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු. එකපාරටම ටෝකියෝවේ ෂිබුයා නගරයට වැටුනු ආවරණයට හිර වුනු සාමාන්‍ය මිනිස්සු ඉල්ලපු එකම දේ වුනේ ‘ගෝජෝ සතෝරුව ගෙන්නන්න’ කියන එකයි. ඒ අනුව ආපු ගෝජෝ සතෝරුට මුණ ගැහුනේ ගෙතෝ සුගුරුගේ සහචරයින් තුන් දෙනෙක්. ජෝගෝ, හනාමි, චොසෝ කියන මේ තුන් දෙනාගේ අරමුණ වුනේ ගෝජෝ එක්කෙ හැකිතාක් සටන් කරලා ගෙතෝගේ සැලැස්ම ක්‍රියාත්මක කරන එක. ඒ තමයි ගෝජෝ සතෝරුව “ගොකුමොන්ක්යො” (Prison Realm) කියන cursed object එකේ හිර කරන එක. ඒත් ඒක කරන එක කොහෙත්ම ලේසි වෙන්නෙ නෑ. මොකද මේ හිර කරන්න හදන්නෙ ගෝජෝ සතෝරුව… දැනට ඉන්න ශක්තිමත්ම ජුජුට්සු මන්තරකාරයාව. ඉතින් ඒ වෙනුවෙන් තියෙන ක්‍රමය තමයි ගෝජෝව හැකිතාක් මහන්සි කරවලා එයාගෙ සීමාවට අරන් එන එක. ඉතින් මේ සටනෙදි ගෝජෝ අතින් හනාමිගේ මරණයත් සිද්ධ වෙනවා.
ඒ වගේම මීට කලින් අපි නොදැකපු බලයක් වේගයක් එක්ක ගෝජෝ සතෝරු, ගෙතෝ බලාපොරොත්තු වුනු සීමාවට එනවා. අන්තිමට අපිට දැනගන්න ලැබුනේ පුදුම සහගත දෙයක්. ඒ තමයි මේ ඉන්න ගෙතෝ සුගුරු සැබෑ ගෙතෝ සුගුරු නෙමෙයි කියන එක. ගෙතෝගේ ශරීරය හා හැකියාවන් ඒ විදිහටම තියාගෙන ගෙතෝගේ මොළය විතරක් වෙනස් කරගෙන ඉන්නේ වෙනම කෙනෙක්. ඒ කවුද කියලා අපිට හරියටම පස්සෙ දැනගන්න ලැබේවි. ඒත් ගෙතෝ සුගුරු කියන්නෙ ගෝජෝ සතෝරුගේ එකම හොඳම යාළුවා. මේ යාළුකම නිසාම ගෝජෝ ගොකුමොන්ක්යො එකට හිර වෙනවා. බලවත්ම ජුජුට්සු මන්තරකාරයා දැන් භෞතික ලෝකයේ නෑ. මේ සිදුවීම් කිසි දෙයක් කිසි කෙනෙක් දන්නෙත් නෑ. නගරයේ එකම කලබගෑනියක්. දැන් ජුජුට්සු සමාජය ඇතුළු මිනිස් සමාජයට මොකක් වේවිද? ජුජුට්සු හයි හි මන්තරකාරයො මීළඟට මොකක් කරාවිද?
නරඹන්න එහෙනම් මේ කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි හයවන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 11 තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Shibuya Incident
Episode Name : Pandemonium
Air Date : 2023.09.28
Runtime : 24 min.
IMDB Rating : 8.6
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,442 downloadsDownload Jujutsu-Keisen-S02E10.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen [S02 : E10] Sinhala Subtitles
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Anonymous
Anonymous
ලින්ක් වැඩ නැ s2 ep 11 ha nh
Cazper
Site ek wada ne ai, sathutui ithin
thx for subBuddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Alucard
Thanks bro....❤️
Akila Dilhara
Thanks Brother...❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Jujutsu Kaisen [S02 : E10] Sinhala Subtitles | මුදවා ගැනීමේ මෙහෙයුම ඇරඹෙයි. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)



superr