Watch Trailer

The Worst of Evil [S01 : E02] Sinhala Subtitles | ටේහෝගෙ ඥාති සහෝදරයා [සිංහල උපසිරසි]

The Worst of Evil කියන්නේ කොරියාවේ හා චීනයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානය වන Gangnam වල ප්‍රධාන මත්ද්‍රව්‍ය මෙහෙයුමක් නවත්වන්න කරන මෙහෙයුමක් ගැන කියවෙන කතාවක්. මේ කතාවේ ප්‍රධාන චරිතයක් වෙන Ji Chang Wok මේ දක්වා කරපු චරිත වලින් තිව්‍රම රංගනය මේ කතාවෙන් පෙන්වන්න අපේක්ෂා කරනව කියලයි ඔහු කිව්වේ.…

 

The Worst of Evil කියන්නේ කොරියාවේ හා චීනයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානය වන Gangnam වල ප්‍රධාන මත්ද්‍රව්‍ය මෙහෙයුමක් නවත්වන්න කරන මෙහෙයුමක් ගැන කියවෙන කතාවක්.  මේ කතාවේ ප්‍රධාන චරිතයක් වෙන Ji Chang Wok මේ දක්වා කරපු චරිත වලින් තිව්‍රම රංගනය මේ කතාවෙන් පෙන්වන්න අපේක්ෂා කරනව කියලයි  ඔහු කිව්වේ.  ලේඛක Jang Min-suk වගේම අධ්‍යක්ෂක Han Dong-wook එකතුවෙන් නිර්මාණය වුන මේ නාට්‍යය මිනිත්තු 50ක් පුරා දිවෙන අපරාධ නාට්‍ය, ක්‍රියාදාම, ත්‍රාසජනක, නොයර් ගණයට අයත් කතාවක්.

2 කොටස –  ටේහෝගෙ ඥාති සහෝදරයා

ජන්ග් කීචොල් ගන්ග්නම් වල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙනවා. ඒත් කරන්නෙ නීති විරෝධී වැඩ නිසා කොයි වෙලාවෙත් හොඳ කල්පනාවෙන් තමයි ඉන්නේ. මේ අතර තමන්නෙ විමර්ශණය කරන්න පාර්ක් ජුන්මෝ, කීචොල්ගෙ මැරුණ හොඳම යාලුවා ටේහෝගෙ ඥාති සහෝදරයා විදිහට කීචොල් හමුවට යනවා. ජුන්මෝගෙ මහන්සිය සාර්ථක කරමින් කීචොල්ගෙ කල්ලියට එකතු වෙන්න ජුන්මෝට පුලුවන් වෙනවා. හැමදේම මෙහෙම වෙද්දි ජුන්මෝ හමුවෙන්න ආපු ජුන්මෝගෙ බිරිඳ යූ ඉයුජොන්ග් ජුන්මෝ එක්ක කෑම කන අතරෙදි කීචොල් එතනට එනවා. එතන කතා බහේදි කියවෙන්නෙ  යූ ඉයුජොන්ග් සහ කීචොල් එකම පාසලේ යාලුවො කියලයි. ඒත් කීචොල්ගෙ ගෝලයන්ගෙ කතාබහෙන් ජුන්මෝ දැනගන්නේ තමන් මෙතෙක් කල් නොදැන හිටපු රහසක්.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,617 downloadsDownload The-Worst-of-Evil-S01-E02.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

3,617 downloadsDownload Subtitles22 KB

2 comments

  1. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P