Jujutsu Kaisen [S02 : E16] Sinhala Subtitles 2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 16 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි එකොළොස්වෙනි කො…

Jujutsu Kaisen Sinhala Subtitles

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 16 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි එකොළොස්වෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ.

මීළඟට අද කොටසට යන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු. ගෙතෝගේ කණ්ඩායමේ දගන්ට එරෙහිව නනාමි, මාකි, ෆුෂිගුරෝ සහ නඔබිතො අඇරඹි සටන කෙළවර වුනේ තවත් ආගන්තුකයෙක් ඒ සටනට මැදිහත් වීමත් එක්කයි. පරාජය අභියස හිටපු නනාමි ප්‍රමුඛ කණ්ඩායම මේ ආගන්තුකයාට නිසා දගන්ගෙන් බේරෙන්න පුලුවන් වුනා. මේ ආගන්තුකයා වෙන කවුරුවත් නෙමෙයි ඒ තමයි සෙනින් වංශයේ ඝාතන යන්ත්‍රය “ටෝජි සෙනින්“. ටෝජි අතින් වුනු දගන්ගේ මරණයත් එක්ක, ටෝජි මීළඟට ෆුෂිගුරෝ දිහාවට තමන්ගෙ ඇස් යොමු කරනවා.

එතනින් ෆුෂිගුරෝ සහ ටෝජි අතර සටන ඇරඹෙනවා. අනිත් පැත්තෙන් චෝසෝ අතින් මරණීය තුවාල ලබපු ඉතදොරි යූජිට සුකුනාගේ අඟිලි බලෙන් ගිල්ලවන්න ගෙතෝගේ කණ්ඩායමේ ඉන්න දෙන්නෙක් පෙළබෙනවා. සුකුනාව ආයෙත් ගෙන්නලා සුකුනා ලවා දැන් ඉන්න බොරුකාර ගෙතෝව මරා දැමීමේ අරමුණින් තමයි මේ වැඩේ පටන් ගන්නෙ. ඒත් අන්තිමේදි කිසි කෙනෙක්ගේ අණක් නොපිළිපදින ශාප රජු “රියොමෙන් සුකුනා” අතින් ඒ දෙන්නත් මැරෙනවා.

දැන් සුකුනාගේ මුහුණ ඉදිරියේ ඉන්නෙ ගෙතෝගේ කණ්ඩායමේ ප්‍රමුඛයෙක් වෙන ජෝගෝ. ජෝගෝටත් සුකුනා අභියෝග කරනවා. ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ආයෙත් ආරම්භ වෙන්නෙ හොඳම සටනක් තමයි. ශාප රජුට එරෙහිව ජෝගෝගේ සටන සිද්ධ වෙන්නෙ කොහොමද? ඒ වගේම ෆුෂිගුරෝ සහ ටෝජි අතර සටනට මොකක් වේවිද? ඒ වගේම මේක ප්‍රතිවාදියෙක්ව පවා අවසාන මොහොතෙදිත් අගයපු කොටසක්. ඒ වගේම මේක animation අතින් ඉහළින්ම තියෙන කොටසක්. music ගත්තත් ඒ වගේමයි.

මේ උපසිරැසිය නිකුත් කරන මොහොතේදී දැනට වැඩිම Imdb අගය හිමිවෙලා තියෙන්නෙත් මේ කොටසටයි. මේ ගැන තවත් වර්ණනා ගේන්නෙ නෑ. නරඹන්න මේ අතිශය උද්වේගකට කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි දොළොස්වන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 17 තුළින් මුණ ගැසෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Series Arc : Shibuya Incident
Episode Name : Thunderclap
Air Date : 2023.11.09
Runtime : 24 min.
IMDB Rating : 9.9

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

8,557 downloadsDownload Jujutsu-Kaisen-S02-E16.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

8,557 downloadsDownload Subtitles15 KB

3 comments

  1. Akila Dilhara

    Thanks Brother ....❤❤❤

  2. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P