Watch Trailer

Jujutsu Kaisen [S03 : E10] Sinhala Subtitles | වංචාවෙන් ඇරඹුණු සටන [සිංහල උපසිරසි]

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles 2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 10 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ. කලින් වගේම තවත් Interesting Techniques කිහිපයක් අපිට මේ කො…

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles

2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 10 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ. කලින් වගේම තවත් Interesting Techniques කිහිපයක් අපිට මේ කොටසින් දකින්න ලැබෙනවා.

ඉතදොරි යූජි සහ හිරෝමි හුගුරුමා අතර සිද්ධ වුනු සටන තමයි පහුගිය කොටසින් අපිට දකින්න ලැබුනේ. ඒක ඇත්තටම සටනකට වඩා සැබෑම උසාවි නඩු විභාගයක ස්වරූපයක් තමයි ගත්තෙ. ෂිබුයා වල වුනු සිදුවීමට ඇත්තටම නොකරපු දේකට යූජි අවංකව දුන්නු පිළිතුරක් නිසා හිගුරුමා යූජි ගැන දැනගෙන, සටන අවසන් කරල යූජිට උදව් කරනවා. ඒ අනුව තරඟයේ ලකුණු එකිනෙකා අතර බෙදාගන්න පුලුවන් වෙන විදිහෙ තවත් අලුත් නීතියක් කලින්ග් ගේම් එකට එකතු උනා.

ඒක ඒ විදිහට වෙද්දි මෙගුමිත් හිතපු නැති විදිහෙ දේකට මැදි වෙලයි ඉන්නෙ. එයාට මුහුණ දෙන්න වෙන්නෙ මොන ජාතියෙ සතුරෙක්ටද? මෙගුමිගේ අරමුණ මෙගුමිට කොහොම හරි ඉටු කරගන්න පුලුවන් වේවිද? බලන්න එහෙනම් මේ කොටස. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name: Tokyo No.1 Colony, Part 4
• Released Date: 2026.03.12
• IMDB Rating: 9.2 (at 2026.03.14)

 

 

 

 

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,249 downloadsDownload Jujutsu-Kaisen-S03-E10-Sinhala-Subtitles.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,249 downloadsDownload Subtitles14 KB

1 comment

  1. Anonymous

    Thank You Bro...