Watch Trailer

Kaafir [S01: E01] Sinhala Subtitles | දේශසීමා ඉක්මවූ මනුෂ්‍යත්වය… [සිංහල උපසිරසි]

Kaafir S01 Sinhala Subtitles සුබ දවසක්යා වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියි! අද මම අරගෙන ආවේ ZEE5 හරහා නිකුත් වුනු ඉතාමත් ජනප්‍රිය වගේම හරිම සංවේදී වෙබ් කතා මාලාවක්. නම “Kaafir”. ඇත්තටම මේක හරිම වෙනස් විදියේ කතා තේමාවක් ඔස්සේ නිර්මාණය වුනු ඩ්‍රාමා සහ ත්‍රිලර් ශානරයට අයත් වෙන කතා මාලාවක්. දේශසීම…

Kaafir S01 Sinhala Subtitles

සුබ දවසක්යා වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියි!  අද මම අරගෙන ආවේ ZEE5 හරහා නිකුත් වුනු ඉතාමත් ජනප්‍රිය වගේම හරිම සංවේදී වෙබ් කතා මාලාවක්.  නම “Kaafir”. ඇත්තටම මේක හරිම වෙනස් විදියේ කතා තේමාවක් ඔස්සේ නිර්මාණය වුනු ඩ්‍රාමා සහ ත්‍රිලර් ශානරයට අයත් වෙන කතා මාලාවක්. දේශසීමා අරගල, නීතිය සහ මනුෂ්‍යත්වය අතර දෝලනය වෙන මේ කතාව පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම කුතුහලයෙන් බලන්න පුළුවන් මට්ටමේ තියෙනවා කියල බය නැතුව කියන්න පුළුවන්. ඉතින් වෙනස්ම අත්දැකීමක් විඳගන්න කැමති ඔයාලා හැමෝටම මේ කොටස් අටකින් සමන්විත කතා මාලාවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

මේ කතා මාලාවේ පිටුපස ඉන්න දැවැන්තම චරිත ටික ගැන කතා කලොත්, මේකේ තිර රචනය සිදු කරලා තියෙන්නේ බොලිවුඩයේ එදා මෙදා තුර බිහිවුණු අති විශිෂ්ට චිත්‍රපට වන “Black”, “Guzaarish”, “Lootera” සහ අතිශය ජනප්‍රිය වුණු “Raazi” වගේ චිත්‍රපටවල කතාව ලියපු සම්මානනීය රචිකාවක් වන Bhavani Iyer විසින්. එතකොටම හිතාගන්න පුළුවන්නේ කතාවේ ගැඹුර කොහොමද කියලා. අධ්‍යක්ෂණය කරන්නේ Sonam Nair විසින්. රංගන දායකත්වය ගැන බැලුවොත්, අපි කවුරුත් ආදරය කරන, 90 දශකයේ “Rehnaa Hai Terre Dil Mein” චිත්‍රපටයෙන් කොල්ලන්ගේ හිත් හොරාගත්ත, ළඟදී “Sanju” සහ “Thappad” චිත්‍රපටවලිනුත් දැකගන්න ලැබුණු සුරූපී Dia Mirza තමයි ප්‍රධාන නිළිය විදියට කරළියට එන්නේ. ඒ වගේම ප්‍රධාන නළුවා විදියට එකතු වෙන්නේ අපි කවුරුත් “දේවොන් කේ දේව් මහාදේව්” හරහා ශිව දෙවියන් විදියට ආදරය කරපු, ඒ වගේම “Uri: The Surgical Strike”, “Shiddat” වගේ චිත්‍රපට සහ “Mumbai Diaries 26/11” වගේ සීරීස් හරහා සුපිරි රංගනයක් පෙන්නපු Mohit Raina. ඉතින් මේ දෙන්නගේ රඟපෑම ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

පළමු කොටසේ කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, කතාව පටන් ගන්නේ හමුදා මෙහෙයුමක් ආවරණය කරන්න යන වේදාන්ත් රතෝර් කියන මාධ්‍යවේදියාගෙන්. එයා ලොකු අවදානමක් අරගෙන ත්‍රස්තවාදීන් ඉන්න තැනටම ගිහින් ඔවුන්ගේ නායකයෙක්ව ඉන්ටවීව් කරනවා. මේ සිද්ධියෙන් පස්සේ එයාගේ ප්‍රධානියා එයාට කියනවා මිනිස්සුන්ට දැනෙන විදියේ සංවේදී කතාවක් (Human interest story) හොයාගෙන එන්න කියලා. ඔහොම ඉද්දි වේදාන්ත් අහම්බෙන් වගේ දකිනවා පොඩි ගැහැණු ළමයෙක් හිර ගෙදර ඉඳන් ඉස්කෝලේ යන වීඩියෝ දර්ශනයක්. මේ ගැන හොයද්දි තමයි එයා දැනගන්නේ මේ පොඩි ළමයා ඉපදිලා තියෙන්නෙත් හිර ගෙදරමයි කියලා. එයාගේ අම්මා පකිස්ථාන කාන්තාවක් වගේම ත්‍රස්තවාදිනියක් විදියට චෝදනා ලැබූ කෙනෙක් විදියට තමයි හිරේ ඉන්නේ. ඉතින් වේදාන්ත් තීරණය කරනවා මේ අම්මයි දුවයි මුණගැහෙන්න හිර ගෙදරට යන්න. එතනදි ඔහුට පරණ යාලුවෙක් වෙච්ච නීතිඥවරියක්වත් හම්බවෙනවා. කොහොමහරි අවසර අරගෙන වේදාන්ත් මේ කාන්තාව මුණගැහෙන්න යනවා. ඇත්තටම එයා ත්‍රස්තවාදිනියක්ද? එයා මොකද කියන්නේ? ඒ ටික දැනගන්න නම් මේ කොටස බලන්නම වෙනවා.

එහෙනම් යාලුවනේ, උපසිරැසිය ඩවුන්ලෝඩ් කරගෙන මේ ලස්සන කතාව රසවිඳින්න. මේ වගේ තවත් උපසිරැසියකින් හමුවෙනකම් 

ඔබ සැමට කඳසුරිදු පිහිටයි.

Kaafir S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

654 downloadsDownload Kaafir-S01E01.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kaafir S01 Sinhala Subtitles

All BT1

Next BT1

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

654 downloadsDownload Subtitles16 KB

2 comments

  1. Disa

    සුපිරියක්

  2. Buddhika laKMal

    ස්තූතියි තරිදු අයියේ මේ සීරිස්එකට සබ් දෙන්න පටං ගත්තට