Watch Trailer

Kaafir [S01: E02] Sinhala Subtitles | දේශසීමා ඉක්මවූ මනුෂ්‍යත්වය… [සිංහල උපසිරසි]

Kaafir S01 Sinhala Subtitles ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා ගොඩක් ආසාවෙන් බලන් හිටපු Kaafir කතා මාලාවේ දෙවැනි කොටසත් අරගෙනයි ආවේ. ඔයාලට මතකනේ පහුගිය කොටසේ අපි දැක්කා කයිනාස් අක්තාර් කියලා පාකිස්තාන කාන්තාවක් එයාගේ පොඩි දුවත් එක්ක ඉන්දියාවේ හිරගෙදරක අවුරුදු 7ක් තිස්සේ දුක් විඳිනවා. මේ දුව ඉපදිලා තියෙන්නෙ…

Kaafir S01 Sinhala Subtitles

ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා ගොඩක් ආසාවෙන් බලන් හිටපු Kaafir කතා මාලාවේ දෙවැනි කොටසත් අරගෙනයි ආවේ. ඔයාලට මතකනේ පහුගිය කොටසේ අපි දැක්කා කයිනාස් අක්තාර් කියලා පාකිස්තාන කාන්තාවක් එයාගේ පොඩි දුවත් එක්ක ඉන්දියාවේ හිරගෙදරක අවුරුදු 7ක් තිස්සේ දුක් විඳිනවා. මේ දුව ඉපදිලා තියෙන්නෙත් හිරගෙදරමයි. ඉතින් මේ ගැන ආරංචි වෙන වේදාන්ත් කියන මාධ්‍යවේදියා මේ ගැන හොයන්න පටන් ගන්නවා. එයාට ඕන වෙන්නේ මේ අහිංසක ගැහැනියට සාධාරණයක් කරන්න.

මේ කතාවේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ අපි කවුරුත් ආදරේ කරන දියා මිර්සා සහ මෝහිත් රයිනා කියන දක්ෂ නළු නිළියන් දෙපළයි. එයාලගේ තාත්වික රංගනය නිසාම තමයි මේ කතාව මේ තරම් අපේ හිත් වලට දැනෙන්නේ කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

අද කොටස ගැන කියනවා නම්, අද අපිට බලාගන්න පුළුවන් කයිනාස්ගේ අතීත කතාව. එයා කොහොමද පාකිස්තානයේ ඉඳන් මෙහෙට ආවේ? ඇත්තටම එයාට එහෙ ගොඩක් ලස්සන ජීවිතයක් තිබුණා. එයාගේ විවාහය සිද්ධ වුණ හැටි, එයාගේ මහත්තයා කවුද කියන දේවල් අද කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම වේදාන් ලොකු උත්සාහයක් ගන්නවා කයිනාස් ලවා එයාගේ කතාව කියවගන්න. වේදාන්ට ඕන කරන්නේ එයාගේ නීතිඥයා විදිහට උසාවියේ පෙනී ඉන්න. හැබැයි කයිනාස් ලේසියෙන් ඒකට කැමති වෙයිද? ඇයි එයා එච්චරටම බය වෙලා ඉන්නේ? මේ දේවල් දැනගන්න නම් අද කොටස බලන්නම වෙනවා.

එහෙනම් යාලුවනේ, මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. මේ ලස්සන කතාවත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්. 

ඔබ සැමට කඳසුරිදු පිහිටයි.

Kaafir S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

193 downloadsDownload Kaafir-S01E02.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kaafir S01 Sinhala Subtitles

Next BT1All BT1

Next BT1

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

193 downloadsDownload Subtitles17 KB

1 comment

  1. Buddhika laKMal

    සබ් එකට ස්තුතියි තරිදු අයියේ