Kaiju No. 8 [S02 : E08] Sinhala Subtitles එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 8 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඉතින් කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මෙතෙක් කතාව නරඹපු ඔයාට දකින්න ලැබෙන…

Kaiju No. 8 Sinhala Subtitles
එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 8 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඉතින් කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මෙතෙක් කතාව නරඹපු ඔයාට දකින්න ලැබෙන්න ඇති. එහෙනම් මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම කෙටියෙන් මතක් කර ගනිමු.
තාමත් කිසිම කෙනෙක් පාවිච්චි නොකරන කයිජු අංක 6 ඇසුරෙන් නිපදවපු ඇඳුම පළඳින්න සුදුසු එකම කෙනා විදිහට ඉචිකවා රෙනෝ යෝජනා වෙනවා. අධ්‍යක්ෂකතුමාගේ මරණයෙන් පසුව එක්රැස් වුනු හමුදාංශ නායකයින්ගේ තීරණයක් වුනු මේකෙ බලාපොරොත්තුව උනේ දැනට ඉන්න තරුණ පරම්පරාව බලගන්වන එක. ඉතින් හැමෝගේම අනතුරු ඇඟවීම් මැදම ඉචිකවා මේ ඇඳුම පළදින්න තීරණය කරනවා. ඒ වගේම ඒ ඇඳුම එක්ක පරික්ෂණාත්මක සටනක් පවත්වනවා. ඒ සටනට රෙනෝගේ යාළුවා වෙන ෆුරුහෂිත් උදව් කරනවා. වේගවත් සටන් ආරම්භයක් ගත්තු රෙනෝ ටික වෙලාවක් යද්දි දරුණු මාංශ පේෂි ඉරීයාම් වගේම අස්ථි බිඳීයාම් වලට මුහුණ දෙනවා.
මේ සටන නිරීක්ෂණය කරලා රෙනෝ මේ ඇඳුමට සුදුසුද කියල බලන් ඉන්න තවත් හමුදාංශ නායකයෙකුත් ඉන්නවා. මේ ශාරීරික බිඳ වැටීම් හමුවේ රෙනෝ සටන දිනන්නෙ කොහොමද? යාළුවගෙ උදව් එක්කත් මේ සටන දිනල ඇඳුමේ සුදුස්සා වෙන්න රෙනෝට පුලුවන් වෙයිද? නිරීක්ෂකයා බලාපොරොත්තු වෙන අනාගත පරම්පරාවේ බලාපොරොත්තු කොහොමද වේවිද? නරඹන්න මේ කොටස. රූප රටා වලටම අනූන නාද රටා සමඟින් මේ කතාව ඔබට උපරිම විනෝදාස්වාදයක් ලබා දෙන්නක් වේවි. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Destiny
Released Date : 2025.09.06
IMDB Rating : 7.6
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,344 downloadsDownload Kaiju.No_.8.S02E08.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Akila Dilhara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for Sub...❤️