Watch Trailer

Kaiju No. 8 [S02 : E07] Sinhala Subtitles | කයිජු ඇඳුම [සිංහල උපසිරසි]

Kaiju No. 8 [S02 : E07] Sinhala Subtitles එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 7 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඉතින් කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මෙතෙක් කතාව නරඹපු ඔයාට දකින්න ලැබෙන…

Kaiju No. 8 Sinhala Subtitles

එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 7 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඉතින් කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මෙතෙක් කතාව නරඹපු ඔයාට දකින්න ලැබෙන්න ඇති. එහෙනම් මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම කෙටියෙන් මතක් කර ගනිමු.

ආරක්ෂක බලකා සිරභාරයේ ඉන්න දරුණු තුවාල ලබපු කයිජු අංක 10 වයිස් කැප්ටන් හොෂිනා ඉස්සර කතා කරන්න පටන් ගන්නවා. මේ වෙද්දි බරපතල තර්ජනයක් වෙලා හිටපු කයිජු අංක 9 ගැන තොරතුරු දැනගැනීමේ අරමුණින් කයිජු අංක 10 ව කතා කරන තැනට ගේන එක තමයි හොෂිනාගෙ අරමුණ වෙලා තිබුනෙ. එතකොට කයිජු අංක 10 හෙළි කරනවා කයිජු අංක 9 කියල කියන්නෙ තමන්ගෙ නිර්මාපකයා කියල. මේක මුළු බලකායටම මෙතෙක් අහපු පුදුම සහගතම කතාව උනා. ඒ වගේම අංකිත ආයුධයක් බවට පත් වෙලා හොෂිනා එක්ක සටන් කරන්න තියෙන  වුවමනාවකුත් කයිජු අංක 10 හෙළි කරනවා.

හදිස්සියේම පවත්වන බලකා නායකයින්ගේ හමුවෙදි කයිජු අංක 10 හෙළි කරපු මේ පුදුම සහගත කරුණු ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම ඒ වෙද්දි තාමත් පාවිච්චියට ගත්තෙ නැති කයිජු අංක 6 ගෙන් නිපදවපු අංකිත ආයුධය පාවිච්චි කරන්න සුදුස්සෙක් ගැනත් තොරතුරු එලියට එනවා. ඒ තෝරා ගත්තු සුදුස්සා තමයි තුන්වෙනි හමුදාංශයේ කැපී පේන සාමාජිකයෙක් වුනු ඉචිකවා රෙනෝ. ඉතින් රෙනෝත් තමන්ගේ වගේම අනිත් අයගේත් අනාගතය ගැන හිතල මේ ආයුධයේ හිමිකරු වීම් තීරණය අරගන්නවා. රෙනෝට මේ බලවත් 6 වෙනි ඩයිකයිජුගෙන් නිපදවපු ආයුධයේ හිමිකරු වෙන්න පුලුවන් වේවිද? නරඹන්න මේ කොටස. රූප රටා වලටම අනූන නාද රටා සමඟින් මේ කතාව ඔබට උපරිම විනෝදාස්වාදයක් ලබා දෙන්නක් වේවි. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : Wall
Released Date : 2025.08.30
IMDB Rating : 7.6

Kaiju No. 8, Kaiju No. 8 [ Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,446 downloadsDownload Kaiju-No.08-S02E07-Sinhala-Subtitles.zip18 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

All BT1

Next BT1

Subtitles

1,446 downloadsDownload Subtitles18 KB

1 comment

  1. Anonymous

    Thanks for Sub….❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.