2023 වසරේදී OTT හරහා නිකුත් වෙන පළමු මලයාලම් TV Series එක විදිහට Hotstar හරහා Kerala Crime Files නිකුත් උනා. කේරලයේ සිද්ද වුනු අපරාධ කේරළ පොලිසිය මැදිහත් වෙලා විසදන හැටි පෙන්වන ජනප්‍රිය කථා මාලාවක් තමයි Kerala Crime Files කියලා කියන්නේ. මේ ඒ කතා මාලාවේ දෙවෙනි Season එක. පළවෙනි එක එක්ක ඍජු සම්බන්ධයක…

2023 වසරේදී OTT හරහා නිකුත් වෙන පළමු මලයාලම් TV Series එක විදිහට Hotstar හරහා Kerala Crime Files නිකුත් උනා. කේරලයේ සිද්ද වුනු අපරාධ කේරළ පොලිසිය මැදිහත් වෙලා විසදන හැටි පෙන්වන ජනප්‍රිය කථා මාලාවක් තමයි Kerala Crime Files කියලා කියන්නේ.

මේ ඒ කතා මාලාවේ දෙවෙනි Season එක. පළවෙනි එක එක්ක ඍජු සම්බන්ධයක් නැති නිසා පළවෙනි එක නොබැලුවත් මේ season එක බලන්න පුළුවන්.

Kerala Crime Files Season 2 නිකුත් වෙන්නේ පළවෙනි සීසන් එකෙන් හරියටම අවුරුදු 2 කට පස්සේ 2025 ජුනි 20 වෙනිදා. කොටස් 6ක් විදිහට තමා මේක නිකුත් වෙන්නේ.

මලයාලම් ප්‍රවීණ දක්ෂ නළු ඉන්ද්‍රන් තමා අම්බිලි රාජු විදිහට රඟපාන්නේ. ඊට අමතරව ආජු වර්ගීස් සහ ලාල් මෙහි රංගනයෙන් දායක වෙනවා.

මලයාලම් අපරාධ චිත්‍රපට වලට ආස අයට ගැළපෙනම කතාවක් තමයි Kerala Crime Files කියන්නේ. ඉතින් කොටස් 6ම බලන්න කියලා ආරාධනා කරනවා හැමෝටම.

කතාව බලන්න කලින් ඔයා download කරගෙන තියෙන්නේ Original Malayalam Language WEB කොපියක්ද කියලා බලන්න. Multi Language නම් අනිවාර්යෙන්ම MALAYALAM භාෂාව තෝරාගෙන බලන්න.

පළවෙනි episode එකේදි පොලිස් නිලධාරියෙක් වන අම්බිලි රාජු එක පාරම අතුරුදහන් වෙනවා. මේ අතුරුදහන් වීම සිද්ද වෙන්නේ ඔහු අයිති පොලිස් ස්ථානයේ සියලුම පොලිස් නිලධාරීන් ස්ථාන මාරු ලබලා අලුත් නිලධාරීන් වැඩ බාරගන්න දවසේ. අලුතින් ආපු පොලිස් ස්ථානාධිපතිවරයාට ආපු ගමන් සිද්ද වෙන්නේ මේ අම්බිලි රාජුගේ අතුරුදහන් වීම ගැන හොයන්න. SI නොබෙල් කියන නිලධාරියා තමා මේ ගැන හොයන්න පත් කරන්නේ. මීට වඩා කතාව කිව්වොත් spoiler වෙනවා.

එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. ඊළග episode එකෙන් හම්බවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

974 downloadsDownload Kerala-Crime-Files-S02E01.zip21 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

             

 

Subtitles by

දේශික ජයන්ත

Subtitles

974 downloadsDownload Subtitles21 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ මේ සීරිස්එකට සිංහල සබ් දෙනවට.......