Watch Trailer

Kill Me, Heal Me [EP 01] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා කැමතියි නේද විවිධ තේමාවන් වල කතාංග වලට. ඔන්න එහෙනම් මම තවත් අමුතුම මාතෘකාවක කතාවක් අරන් ආවා ඔයාලට. මේ කතාවෙන් කියවෙන්නෙ අමුතු රෝගයකින් පෙලෙන කෙනෙක් ගැන. බලමුද ඒ මොක්කද කියල, ඔන්න එක අහිංසක කාටවත් කරදරයක් හිරිහැරයක් නැති පිරිමි ළමයෙක් ඉන්නව(ඩූ හයින්). හැමෝම කියනව එයා හරිම හොඳ, අවංක කෙනෙක් කියල…

Kill Me, Heal Me

ඔයාලා කැමතියි නේද විවිධ තේමාවන් වල කතාංග වලට. ඔන්න එහෙනම් මම තවත් අමුතුම මාතෘකාවක කතාවක් අරන් ආවා ඔයාලට. මේ කතාවෙන් කියවෙන්නෙ අමුතු රෝගයකින් පෙලෙන කෙනෙක් ගැන. බලමුද ඒ මොක්කද කියල, ඔන්න එක අහිංසක කාටවත් කරදරයක් හිරිහැරයක් නැති පිරිමි ළමයෙක් ඉන්නව(ඩූ හයින්). හැමෝම කියනව එයා හරිම හොඳ, අවංක කෙනෙක් කියල.ඒත් එයාට හරිම අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙනව. ඒව මොන වගේද කිව්වොත් හරිම භයානකයි. වෙලාවකට එයා නින්දෙන් ඇහැරෙනව එයා කවදාවත්ම ගිහින් නැති තැනක ඉඳල, නැත්නම් එයා කවදාවත් නොදැක්ක කෙනෙක් ඇවිත් එයාව හොඳට දන්නව වගේ කතා කරනව. ඒකට හේතුවක් තියෙනව. ඒක කවුරුත් මෙයා ගැන නොදන්න රහසක්.. ඒක තමයි එයාට තියෙනව බහු පෞරුෂ ආබාධයක්. ඒ කියන්නේ එයාගෙ මනසෙ, යටි හිතේ ජීවත් වෙනව තව ගොඩක් පෞරුෂ. ඒවා මෙයා නොහිතන වෙලාවක එලියට එනව. එහෙම වුනාම වෙන දේවල් තමයි ඒ. මේ පිරිමි ළමය හරියටම දන්නෙත් නෑ එහෙම කී දෙනෙක් තමන්ගෙ තුල ජීවත් වෙනවද කියල. දැනට එයා හොඳටම දන්නව සේ ගී කියල බොහොම මුරණ්ඩු කෙනෙක් එයා තුල ඉන්නව කියල.

අවුරුදු ගානක් පවුලෙන් ඈත් කරල තිබ්බ ඩූ හයින්ව එයාගෙ ආච්චි අම්ම ආයෙත් කොරියාවට ගෙන්වනව. එයා එහෙම එන්න අකමැති වුනත් එයාතුල ඉන්න සේ ගී එයාව කොරියාවට ගේනව වගේම එයාව පවුලේ ව්‍යාපාර වලටත් සම්බන්ධ කරවනව. මේ රෝගය ගැන දන්නෙ ලේකම් ආහ්න් විතරයි. ඉතින් ඩූ හයින් පාටි එකකට ගිය වෙලාවෙ සිදුවන යම් වැරදීමක් නිසා එලියට එන සේගී මනෝචිකිත්සක ගෑණුළෙමයෙක්ට ආදරය කරන්න ගන්නව. ඒත් ඩූ හයින් නම් එයා ගැන එහෙම හිතන්නෙ නෑ. ඩූ හයින් හිතන්නේ ඒ ගෑණූ ළමය මානසික ලෙඩෙක් කියලයි. ඒ වගේම මේ ව්‍යාපාරික පවුල ඇතුලෙ ඩූ හයින්ට විරුද්ධව කුමන්ත්‍රණයක සෙවනැලිත් තියෙනව වගේ. බලමු නේද අපි එහෙනම් ඉස්සරහට ඩූ හයින් මේ දේවල් වලට මූණදෙන්නෙ කොහොමද කියල………

Kill Me, Heal Me (2015– )  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

548 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න

8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,468 downloadsDownload Kill-Me-Heal-Me-EP-01.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                        All Episodes                      Next Episode>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,468 downloadsDownload Subtitles30 KB

21 comments

  1. Dinesh

    නියමයි සහෝ.... ආසාවෙන් බලන් ඉදියේ කොßයන් කතාවක් බලන්න..... ගොඩක් ස්තුතියි...

  2. supun

    thanks for sub , sis

  3. dilan

    me korian tv serias ekak denne nathuwada narakada wenath tv series ekakta sub kalanam..smallvile wage tv series ekakata.

    1. Darshana

      Korean ewa balana ayath innawa ne please mchng dunna sub ekata eka eka ewa kiyanna epa...

    2. nalin serasinha

      tho beluwe nethi unata Korean ewa balana ayath innawa katawan hitapan

    3. Anonymous

      Ane mata meka downld karanna denne na ne

  4. Tharaka

    Thanks

  5. එල්.සී. දමැල්

    නියමයි සහෝදරී...
    තවත් අළුත් කථා මාලාවක්...
    තුති...
    ජය...

  6. Bacha

    machan sub dena ekata godak sthuthui.a unath godak ayata loku size tv series baanna tharam watha na,eka nisa small size torrent ekakuth poddak hoyala daanawa nam loku deyak

  7. Ravindu

    ela..digatama demu anik tikat ikmanta..

  8. Kulanjana Maduranga

    niayamai.thawath aluth korean 1k ne...thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa......

  9. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

  10. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Yenu

    දිගටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.......බොහොම ස්තුතියි උපසිරසියට...............

  12. Bhagya

    healer korien tv series eke sub danna

  13. Thisal

    Meke sub line wenasne...hugak issella sub eka yanne...plz ffixx it.

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. mihipal

    thanks... torrent 1a tawa tikak podi unanam niyamai

  16. Hashani

    Ane plzz akke me denna inna secret love tv series eka dnnko..ane plzzzzzz