ගෝනා සහ ලේනාගේ වීර වෘතාන්තය 🙂 දහවෙනි අදියරත් ඉවරයි ඔන්න. කතාව බලලම දැනගමු මොකද්ද වෙන්නේ කියලා. මං කලින් CW එක නිවේදනය කරපු සතියෙමත් කිව්වනේ. 11 සීසන් එකක් එනවා. ඒ වගේම ඒගොල්ලෝ කතා කරන විදිහට රසිකයෝ ඉල්ලන තාක් කල් සහ නළුවෝ දෙන්නා එකග වෙනතාක් කල් නවත්තන්න අදහසකුත් නෑ වගෙයි පේන්නේ. තවම නිශ්චිතව දිනයක්…

Supernatural-S10-1

ගෝනා සහ ලේනාගේ වීර වෘතාන්තය 🙂 දහවෙනි අදියරත් ඉවරයි ඔන්න. කතාව බලලම දැනගමු මොකද්ද වෙන්නේ කියලා.

මං කලින් CW එක නිවේදනය කරපු සතියෙමත් කිව්වනේ. 11 සීසන් එකක් එනවා. ඒ වගේම ඒගොල්ලෝ කතා කරන විදිහට රසිකයෝ ඉල්ලන තාක් කල් සහ නළුවෝ දෙන්නා එකග වෙනතාක් කල් නවත්තන්න අදහසකුත් නෑ වගෙයි පේන්නේ. තවම නිශ්චිතව දිනයක් කියලා නැති වුණත්, ලබන ඔක්තෝම්බර් මාසේ විතර වෙනකොට ඊළග සීසන් එක එයි.

————————–

අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
ලිව්වේ : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුණේ : 2015 මැයි 20

————————–

ඉතින් සමුගනිමු සුපර්නැචුරල් :

ඉතින්,සීසන් 10ක් එපිසෝඩ් 218ක්! ජයග්‍රාහි දවසක්! හැබැයි මටනං ටිකක් දුකත් හිතෙන දවසක්. මොකද මං මෙතනින් සුපර්නැචුරල් උපසිරැසි හැදිල්ලට සමුදෙන්නයි හදන්නේ. හැබැයි ඉතින් බය වෙන්න එපා. ඊළග සීසන් එකට වෙන සොහොයුරෙක්ගෙන් උපසිරැසිය ලැබෙයි.

කොහොම වුණත්, මේ ආරංචිය ඇහුණාම සමහර අයටනං තරහත් යයි. සීසන් 11ත් මංම කරන්න කියලා සමහර අය ඉල්ලලා තියෙනවා මම නොදැක්කා නෙමේ. ඒ ඉල්ලීම්වලට පිටුපාන එක මටත් කොහොමටවත් සතුටක් නෙමේ. ඒත් ඕගොල්ලන්ටත් දැනෙන්න ඇති අන්තිම හරියේදී ප්‍රාමාද වීම් වැඩි වුණ බව. ඒ මගේ පෞද්ගලික වැඩ වැඩි වෙන නිසයි. ඉතින් දැන් හොදම වෙලාව වෙන කෙනෙක්ට මේක පවරන්න. මේ හදිස්සියේ ගත්ත තීරණයකුත් නෙමේ. මීට කලිනුත් මං අවස්ථා කීපෙකදිම කිව්වා මේ සීසන් එක මම කරන අවසන් එක වෙන්න පුළුවන් කියලා. ඉතින් ටිකක් කල්නං ගත්තා තමයි. ඒත් මං කොහොම හරි අමාරු හරිය ඉවර කළා. ඒ නිසා මාත් එක්ක තරහා වෙන එකක් නෑ කියලා හිතනවා 😉

සාමාන්‍යයෙන් මෙහෙම දීර්ඝ වැඩක් කරනවා කියන්නේ ඒ වැඩේ ගැන බැදීමක් ඇති වෙන එක නවත්තන්න බැහැ. ඉතින් නතර කරන එක ගැන කණගාටුවක් මටත් නැත්තේ නැහැ. ඒ නිසාම සටහනක් නොතියා යන්න හිතෙන්නේ නෑ.

අවුරුදු දහයක් තිස්සේ විකාශනය වුණ මේ වැඩසටහනට මං උපසිරැසි දුන්නා පහුගිය අවුරුද්දයි මාස හයක් පුරාම විතර. ඕගොල්ලොත් එක්ක ආපු මේ සීසන් 10ක ගමන මගේ ජීවිතෙත් අමතක නොවෙන අපූරු අත්දැකීමක් වුණා. එපිසෝඩ් දෙසීය ගාණක්! අහන්න එපා කොහොමද කළේ කියලා. අහන්න එපා පිස්සු නොහැදුණේ කොහොමද කියලා. මොකද මටත් හිතාගන්න බැහැ මං ඒක කළේ කොහොමද කියලා.

මං කයිවාරු ගහන්න කියනවා නෙමේ. ඒත්, මං හිතන්නේ ගොඩක් අය පිළිගනියි සීසන් 10ක ෂෝ එකක් එක දිගට කරලා, තනියම මෙච්චර දුරකට ගේන එක අමාරු වැඩක් බව. මේ වගේ වැඩක් කරත්දී, දරන්න අමාරු දේ ඉවර වෙන්නේ නැති එකයි. පතුලක් නොපෙනන ළිදක් වගෙයි ටික දුරක් යනකොට දැනෙන්නේ. කරලා තියෙන කෙනෙක් විතරයි දන්නේ සමහරවෙලාවට වැඩක කෙළවරක් නොපෙනෙනකොට ඒක මොන තරං පීඩනයක් වෙනවද කියලා. මගේ විවේක කාලෙන් වැඩි වෙලාවක් මේ වැඩේට යට වෙත්දී, මටත් ඇති වෙලා, තිත්ත වෙලා, දමලා ගහලා නිකම් ඉන්න හිතුණ අවස්ථාවල් බොහොමයි. ගෙදරින් බැණුම් අහපු අවස්ථාත් එමටයි. හැබැයි ඔයාලගේ දිරිමත් කිරීම්, ෂෝ එක බලන්න ඕගොල්ලන්ට තිබ්බ නොයිවසිල්ල, උනන්දුව, ඕගොල්ලෝ මං ගැන තිබ්බ විශ්වාසෙ, කොහොම හරි මාව මෙතෙන්ට වෙනකම් තල්ලු කළා.

මං මීට ඉස්සරත් කියලා තියෙනවා මං මේ ෂෝ එක දුන්නේ කොහොමත් මහ ගොඩක් අය බලයි කියලා හිතාගෙන නෙමේ. ඇත්තටම මෙච්චරවත් බලයි කියලා මං හිතුවේ නෑ. ඇමරිකාවෙත් මේක බලන්නේ උපරිම මිලියන දෙකක් දෙකහමාරක් තමයි. හැබැයි රැල්ලට බලන ලොකු කථාවලට වඩා මේ වැඩසටහන බලන රසිකයෝ වැඩසටහනට පක්ෂපාතියි, වැඩසටහන ගැන උනන්දුයි. ඕගොල්ලෝ දාන සමහර කමෙන්ට්වලත් ඒ පක්ෂපාතිත්වය, උනන්දුව මං දැක්කා. ඒ වචන මට සහතික කළා මං කරන වැඩේ අසාර්ථක නැති බවත්, අපතේ නොයන බවත්. ගොඩක් කට්ටියක් නොබැලුවාට, කමෙන්ට් මහ ගොඩක් නොවැටුණාට, පුංචි අවංක වචන කීපෙක තියෙන බලය කිව්වට විශ්වාස කරන එකක් නෑ ඕගොල්ලෝ. ඉතින් මගේ උපසිරැසි එක්ක ෂෝ එක බලන්න එකතු වුණ කාටත් ස්තුතියි. වචනෙකින් හරි අදහසක් දක්වලා දිරිමත් කරපු අයට විශේෂයෙන් ස්තුතියි. ඔයාලගේ වචන සැහෙන හයියක් වුණා මේ ගමන එන්න.

2013 අවුරුද්දේ ඔක්තෝම්බර් මාසෙදි විතර මේ වැඩේ මං කරන්නද කියලා බයිස්කෝප් අඩවියෙන් අහත්දී, ඊට කලින් මගේ කියලා එකම එක උපසිරසියක්වත් පල කරලා තිබුණේ නෑ, හැගීමක්වත් තිබුණේ නෑ මේ වැඩේ කොච්චර අමාරුද කියලා. ඒ මදිවට බයිස්කෝප් කණ්ඩායම මෙච්චර ලොකු වැඩක් භාර දෙන්න තරං මං ගැන විශ්වාසෙ තිබ්බේ මං කවුද කියලා නමක් ගමක්වත් නොදැනයි. එදා ඒ තියපු විශ්වාසය ගැනත් බොහොම ස්තුතියි. එයින් පස්සේ අද වෙනතුරු මට දක්වපු සහයෝගයටත් බොහොම ස්තුතියි. තරමක් ප්‍රමාද වීම් ඇති වුණත් මං හිතනවා මේ වෙනකම් මට පුළුවන් වුණා කියලා බයිස්කෝප් අඩවියත් රසිකයෝනුත් මං ගැන තියාපු ඒ විශ්වාසෙ රකින්න.

හැමදාම කියනවා වගේ මං උපරිමයෙන් උත්සහ කළා වැඩසටහනටත් උපසිරැසිය එක්ක වැඩසටහන බලන අයටත් පරිවර්තනය තුළ සාධාරණයක් ඉෂ්ට කරන්න. උපශිරැසි ගැන චෝදනාවක් මට අහන්න නොලැබුණත් මං දන්නවා අනේක වැරදීම් තිබුණ බව. ගොඩක් අයට ඒ වැරදීම්වලට වඩා ඉවසන්න අමාරු වුණේ ප්‍රමාදවීම්නුයි. ඒක මට තේරුම් ගන්න පුළුවන්. මමත් කොහොමටවත් බලාපොරොත්තු වුණේ නෑ මේ වැඩේ අවුරුද්දකටත් වඩා තිස්සේ කරන්න. ඒත් මං උත්සහ කළා ඉක්මනටත් නිවැරදිවත් උපසිරැසි ලබාදෙන්න. කොහොම වුණත් තිබුණ හැම වැරදීමකටම ප්‍රමාද වීමකටම වගේම මොනවා හරි අපහසුතාවක් හිත් රිදීමක් වුණානං, අඩවියෙනුත් රසිකයන්ගේනුත් ඒ ගැන සමාව ඉල්ලනවා.

අවසාන වශයෙන් හැමෝටම නැවත නැවතත් කියන්න තියෙන්නේ දක්වපු හැම ආකාරයේම සහයෝගයන්ට ස්තුතියි කියලයි.

ලබන ඔක්තෝම්බර් මාසේ ඉදලා උපසිරැසි ලබාදෙන සොහොයුරාටත් උපරිම සහයෝගය දක්වලා දිගටම ෂෝ එකත් එක්කත් බයිස්කෝප් අඩවියත් එක්කත් රැදෙන්න කියලා ඉල්ලනවා. වෙන මොකක් හරි උපසිරැසියකින් අපි ආයේ දවසක මුණ ගැහෙමු, එතකම් ආයුබෝවන්!

———————-

ප. ලි

මේක පිස්සුවක් වගේ තමයි, ඒත් සුපර්නැචුරල් එකෙන් සමුගන්න හිතෙන්නේ නෑ මේ වචන ටිකත් නොලියා 😉 😛 😛 😛

Carry on my wayward son
There’ll be peace when you are done
Lay your weary head to rest
Don’t you cry no more

Once I rose above the noise and confusion
Just to get a glimpse beyond this illusion
I was soaring ever higher, but I flew too high

Though my eyes could see I still was a blind man
Though my mind could think I still was a mad man
I hear the voices when I’m dreaming,
I can hear them say

Carry on my wayward son,
There’ll be peace when you are done
Lay your weary head to rest
Don’t you cry no more

Masquerading as a man with a reason
My charade is the event of the season
And if I claim to be a wise man,
Well, it surely means that I don’t know

On a stormy sea of moving emotion
Tossed about, I’m like a ship on the ocean
I set a course for winds of fortune,
But I hear the voices say

Carry on my wayward son
There’ll be peace when you are done
Lay your weary head to rest
Don’t you cry no more no!

Carry on, You will always remember
Carry on, Nothing equals the splendor
Now your life’s no longer empty
Surely heaven waits for you

Carry on my wayward son
There’ll be peace when you are done
Lay your weary head to rest
Don’t you cry,
Don’t you cry no more,

No more!

ඔබ සැමටත් බයිස්කෝප් අඩවියටත් ජය!

Supernatural (2005) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Supernatural.S10E23.HDTV.x264-ChameE

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,281 downloadsDownload 201505212012baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                     All Episodes                        Next Season >>

Subtitles by

MDG

Subtitles

5,281 downloadsDownload Subtitles24 KB

153 comments

  1. sajeevi

    අම්මෝ...... මොනවා කියන්නද මන්දා.
    සීසන් 10 ටම සබ් දුන්නට ගොඩාාාාාාාක් ස්තූතියි.
    සිංහල සබ් නැතුව මේක බලන්නේ නම් නෑ කියලා හිටියේ.
    ඉතින් ඔයා සිංහල සබ් දෙන්න පටන් ගත්තට පසසේ පුදුම සතුටක් තිබුනේ.
    සබ් ලැබෙයි කියලා සීසන් ඔක්කොම ඩවුන්ලෝඩ් කරා.
    ඒ වගේම දිගටම සබ් ලැබුනා. ආපහු සැරයක් ස්තූතියි.
    ඔයාගේ ඉදිරි ජීවිතයේ කටයුතු සාර්ථක වෙන්න සුභ පැතුම්!!!!

    1. හර්ෂණ

      සහෝ කිසිම ලාබයක් නැතුව ඔයා නිකන් මේ වැඩේ කරේ. ඔයා කරපු හරිය හොදටම ඇති. උබට තව කරන්න කියන්න අපිට අයිතියක් නැහැ.

    2. dilshan

      thanks saho,onna bewa.sahoge supernatural pilot episode eka dapau dawaseth comment ekak kara mata ada wage matakai.tawa 100-200 tath comment kara.itin onna sahoge antima ekatath comment karanawa

    3. Dilum Weerasinghe

      super nature කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. දිගටම sub දෙන්න

  2. Kasun Widusha

    ආදරනිය MDG සහො.......season 10 ක් තරම් ලොකු කතාවකට sub දුන්නට මුලිමන්ම පින් දෙනවා...............මොනා කියන්ඩඩ්ග කියල හිතාගන්න බැ..............ඔයා කරන කියන වැඩ කටයුතු සාර්තක වෙන්න කියල සුබ පතනවා.............sub කරන එක නවත්තන්න එපා කියල පුන්චි ඉල්ලීමක් කරනවා....................ජය වෙවා සහො...............My sub Hero..................

  3. Kasun Widusha

    අනේ සහො ඔයාගෙන්මයි supernatural එකට sub ඔනෙ............plz...............supernatural එකට sub දෙන එක නවත්තන්න එපා.........plz......plz...............plz...................

  4. R.D

    අනේ මන්ද මට නම් ඇඩේන්න වගේ.මොනවා කරන්ඩ ද ඉතින්.මෙච්චර ලොකු ගමනක් අපිව අරන් අවට MDG සහෝ,ඔබට බොහෝම ස්තුතියි.සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සුබ අනාගතයක්...................

    We will miss you !!!!!!!!!!

  5. nuwan

    මන් හැමදාම කියනව වගේ උබ නම් මාර පොරක් මචන්...වෙන කව්රුවත් නොකරන තරම් අමාරු වැඩක් උබ මේ කලේ...අපිත් විශ්වාස කලේ නෑ මේක ඉවර කරාවි කියල.....අපිත් නිකන් හොල්මන් වෙලා හිටියේ එත් කරන්න බැරි දෙයක් නෑ කියල උබ ඔප්පු කරලා ඉවරයි......මේ තාරක කැපවීමෙන් සබ් දෙන සහෝදරවරු දෙන්නෙක් මන් දන්නවා එක්කෙනෙක් ප්‍රවීන් අනික උබ ....අනිත් හැමෝගෙම සතුට වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න හැමෝටම බෑ....කරපු සේවයට ස්තුතියි....නමුත් සීසන් 11 ආවම සතියට 1 එපියක් වගේ තමා වැටෙන්නේ මෙච්චර යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් පුළුන් මල්ල ගැන කවර කතාද...ඒ හින්ද පුලුවන්නම් 11ථ් දෙන්න කියල ඉල්ලා හිටිනවා හැමදෙනා වෙනුවෙන්ම...එහෙම නොකලත් කරපු සේවය කවදාවත් අමතක කරන නෑ....හැම බලාපොරොත්තුවක්ම සපල වෙන්න ඕනේ...ඔබට බුදු සරණයි.....

  6. achintha

    සුපිරි වැඩක් මචෝ.once upon a time ටීවී සීරියස් එකටත් සබ් දාන්නකෝ.ඒක පට්ට සීරියස් එකක්.

  7. kanushka

    digatama sub denna saho.sub ekta thank u.

  8. Era

    බොහොම ස්තුති මචන් SUPERNATURAL වලට SUB දුන්නට ....

  9. Yenu

    ගොඩක් අගය කරනවා මේ මුළු කතාවටම උපසිරසි දුන්නට..ඒ වගේම දෙවෙනි සීසන් 11 ආපු ගමන්ම එකටත් සබ් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා……බොහොමත්ම ස්තුතියි!!!

    1. Yenu

      ගොඩක් අගය කරනවා මේ මුළු කතාවටම උපසිරසි දුන්නට..ඒ වගේම සීසන් 11 ආපු ගමන්ම එකටත් සබ් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා……බොහොමත්ම ස්තුතියි!!!

  10. sameera

    මොනව කියන්නද ඉතින් පිස්සුවෙන් වගේ බැලුව.සබ් 1 දානකන් මග බලාගෙන හිටිය.දවසට කීපරක් ලොග් වෙලා බැලුවද මේක දාලද කියල
    Carry on my wayward son
    There’ll be peace when you are done
    Lay your weary head to rest
    Don’t you cry no more
    දැන් අමරු ටික ඉවර නිසා ඉතුරු ටිකත් උබට gගේමක් නැතුවම කරල දාන්න පුලුවන්නෙ මචන්
    සතියට එකයිනෙ තියෙන්නෙ

  11. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    අනේ හම්මේ, අතිශයින්ම සුපිරි වැඩක් MDG සහෝ.
    කියලා වැඩක් නෑ, සුපිරි වැඩක්.
    මට ඔයා සබ් දෙන්න කලින් යාලුවෙක් විසින් සීසන් 3ක් දුන්නා මේ කතාවේ.
    ඊට පස්සේ බලන්න කියලා ගත්තා, බට් මට තේරුනා කතාව නොතේරෙන හැඩයි කියලා සිංහල සබ් නොමැතිව.
    පස්සේ අත හැරලා දැම්මා.
    ඊට පස්සේ තමා ඔයා සබ් දෙන්න ගත්තේ.
    බට් ඒත් මං කතාව බලන්න ගත්තේ නෑ, ඔයා සීසන් 4ක් හෝ 5 වෙනි එක දෙද්දී තමා ඔයාගේ සබ් එක්ක බලන්න ගත්තේ.
    කතාව සුපිරියට වැදුනා.
    ඔයාගේ සබ් ක්‍රමයට ආස හිතුනා. අර වරහන් තුළ නොතේරෙන ඒවා මෙන්ම පැරනි කතා වලට තියෙන සම්බන්ධය ගැන දාන එක සුපිරිම වැඩක්.
    පස්සෙ එක දිගටම සීසන් 6ක් බලලා නවත්වන්න උනා අධ්‍යාපන කටයුතු නිසා.
    තාම එතැන් සිට නොබැලුවේමි.
    විශේෂ දෙයක් නම් ඔයාගේ ලිපි සුපිරිම සුපිරි.
    අද ලිපිය කියෙව්වා, ඔයා මේ කාර්ය නොනවත්වා කරගෙන යන එක හොදයි කියන එකයි මගේ අදහස. නමුත් ඔයාටත් පෞද්ගලික කටයුතු තියෙනවා නේ.
    මෙතෙක් කාලයක් සීසන් 10කට සුපිරි සිංහල උපසිරැසි ගෙනාවට හදවතින්ම ගෞරවනීය ස්තූතිය පුද කරනවා.
    ඉදිරි කටයුතු සාර්ථක වේවා!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!
    ලිපියේ අවසානයට සුපර්නැචුරල් ගීතය දාලා තියෙන එක සුපිරි අදහසක්.

  12. ඉසු ඩිපි (Isu DP)

    මුලින්ම කියන්න තියෙන්නෙ මචන්, "බොහොම ස්තුතියි, බෝහොම පින්" කියලයි.
    ඇත්තටම එකක එපි 20 ගානක් තියෙන සීසන් 10ක කතාවක සබ් කරන එක, සබ් වැඩේ අමාරුව දන්න කෙනෙක් තනියම කරනවා තියා හිතන්නෙවත් නැති දෙයක්. ඒත් අද එක කරන්න බැරි වැඩක් නෙමෙයි කියලා MDG පෙන්නුවා.
    මම දන්න හැටියට මේ වගේ දීර්ඝ කතාවක් තනියම කරලා සාර්ථකව අවසන් කරපු එකම කෙනා MDG වෙන්න ඔනේ.
    මට මතක හැටියට s01e01 ඉදන්ම මේ දාපු හැම ලිපියක්ම කියවලා ඇති. බොහොමයකට පොඩි හරි කමෙන්ට් එකක් දාලත් ඇති. එත් නොදාපු එවා තියෙනවනම් සමා වෙන්න.
    කියන්නම ඔනේ මේ වැඩෙන් සබ් කරන්න පටන් ගත්තත් කාලයක් සබ් කරපු කෙනෙකුගේ වගේ සබ් තිබුනා. විශේෂයෙන් දැනුමට කියලා දාපු කොටසත්, සබ් එකේ විශේෂ වචන වල කරපු පැහැදිලි කිරිමත් අගය කරන්න ඔනේ දෙයක්.
    අද පොඩි දුකක් නැතුවමත් නෙමෙයි මොකද ආයිත් Supernatural වලට MDGගේ සබ් නොලැබෙන හින්දා.
    ගොඩක් කට්ටිය කැමති වේවී MDGගේ ඇත්ත නම දැන ගන්න, එක නොකිව්වත් MDG කියන අකුරු 3 Supernatural බයිස්කොප් එකෙන් බලපු, බලන්න පුරුදු උන හැමෝටම හැමදාටම මතක තියේවී.
    අන්තිමට කියන්න තියෙන්නෙ 'ආයිත් මේ වගේ කතාවකින් මුන ගැහෙමු.''
    (කමෙන්ට් එක නිකම් පිස්සුවක් වගේද කියලා මම දන්නෑ, මොකද මෙච්චර ලොකු කමෙන්ට් එකක් දාපු මුල්ම පාර.)
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

    1. ඉසු ඩිපි (Isu DP)

      තව එක දෙයක් කියන්න අමතක උනා. :-P
      ජිවිතේ සියලුම වැඩ කටයුතු සර්වප්ප්‍රකාරයෙන් සාර්ථක වේවා. !
      මේක කිව්වත් නොකිව්වත් උඹගේ සබ් බලපු හැම කෙනාගෙම හිතේ තියෙනවා මචන්.

  13. ධනංජය

    oll the best bro. සීසන් 11ටත් ඔයා ගේ sub ඕනේ....................

  14. Haashi

    ඇත්කටම ගොඩක් ස්තුතියි. ඔයාගේ sub හරිම පැහැදිලියි, හොදටම කථාව තේරැම් ගන්න පුලුවන් විදියට විස්තර කරන නිසා. පුලුවන් නම් season 11ත් දෙන්න. ඔයාගෙ sub වලට අනුව කථාව අපි හුගක් රස වින්දා. ගොඩක් ස්තුතියි.

  15. Jay

    Thank you saho....
    All da best...........

  16. kasun

    Thnkx machn !

    Parkku unata ube sub elakiri

    ඉදිරි කටයුතු සාර්ථක වේවා!!

  17. ඇලන් වීක්

    මෙකනම් නවත්තන්න එප කියල තමයි කියන්න තියෙන්නෙ පරක්කු වෙල හරි ස්බ් දෙනව කියන්නෙ එකත් අපිට ලොකු හයියක් මෙ තරම් බබලපු එකම සිසන් එක ඉතින් 11 එනකන් නවත්තන්නත් දුකයි අපහු මුල ඉදන් බලන එක තමයි කරන්න තියෙන්නෙ මෙ තරම් කාලයක් සබ් දිපු එකට ගොඩාක් පින් සහෝ කොමන්ට් දාන්නෙ නැති උනට මෙක ගොඩාක් කට්ටිය බලනවා එක තමඉ ඇත්ත ඉතින් 11ටත් ඔයගෙන්ම පුලුවන්නම් සබ් බලපොරොත්තු වෙනවා ඉතින් ඉදිරි ජිවිතේට සදා ජය!

  18. SHEHAN

    oya nam supirima mgd saho kohoma thanks karannada manda....... sub dena aka natharakaranna apaaa digatama karagena yanna ///////// oyage idiri katauthu sarthaka vevaa.... goood luck....

  19. niru

    Carry on my wayward son,
    There’ll be peace when you are done
    Lay your weary head to rest
    Don’t you cry no more..........

    Carry On MDG...Carry On..............

  20. kelum

    ගොඩාක් ස්තුති සහෝ ඔයාට... සීසන් ඔක්කොම පට්ට විදිහට උපසිරසි ටික කරලා තියෙනවා .... නමුත් හරිම දුකය් මොනවා කරන්නද ඉතින් ....... ... ඔබට ජය .....

  21. KH7

    Thanks Bro..

  22. Sadis M.

    සීසන් 10ටම සබ් දුන්නට ගොඩාාාාාාාක් ස්තූතියි.

  23. Mah Esh

    Thanks bro good luck
    All the best

  24. Jamson

    You are the best MDG (SubHero)...and you are the my favorite sub provider at bisecope.. you have done amazing job.. Thanks a lot for the everything.

  25. තිසර නියෝ

    සීසන් 10ක් එකදිගටම දුන්න කියන්නේ ලේසි වැඩක්ද ඇත්තටම. ඒ වගේම මෙච්චර කෙටි කාලයක් ඇතුලත. ඇත්තම කියනවනම් ඔයා සබ දුන්නු මුල් දවස්වල මේක නොබලා හිටියේ මේ තරම් දිග ෂෝ එකක් එක දිගට සබ් නොදේවි කියල හිතලමයි. ඒත් කාලයක් යද්දී සබ දුන්නු වේගේ දැකල තමා මේ කතාව බලන්න පටන් ගත්තේ. ඒ වගේම පලවෙනි එපියෙන්ම ඔයාගේ සබ් වලට වහ වැටුනා කිව්වොත් නිවැරදියි.
    ඔයාගේ උපසිරසිත් එක්ක suparnatural බලපු හැමෝම වගේ මමත් අවංකවම කැමතියි S11 ටත් ඔයාම සබ දෙනවනම්. මොකද වෙන දක්ෂ අය ඕනි තරම් අඩවියේ හිටියත් සීසන් 10ක් දුර අපි වැළඳගත්තු ඔයාටම අවේණික උපසිරසි රටාව වෙන කෙනෙක්ගෙන් ලබාගන්න බැරි නිසා. ඒ වගේන කව්රුවත් ඔයා වගේ අර අමතර කරුණු විස්තර කරයි කියල හිතන බැහැ. suparnatural එකටම අවේණික ග්‍රාමීය සරල බාශාව ඔයාගේ සබ් එක්ක තවත් රසවත් උනා....
    එත් ඉතින් පුද්ගලික ජීවිතේ ගැනත් හිතන්න එපැයි. එත් ඉතින් අපි ගැනත් හිතල S11 ගැනත් හිතන්න. සතියකට එකයිනේ. පරක්කු උනාටනම් මොකෝ.
    බොහෝම ස්තූතියි සහෝ අපි වෙනුවෙන් මේතරම් දිග කතාවක් සම්පූර්ණයෙන්ම සිංහලෙන් බලන්න සැලස්වුවාට...
    ඔයාගේ ඉදිරි ජීවිතේ සාර්ථක වෙන්න කියලා පතනවා....

    Carry on my wayward son
    There’ll be peace when you are done
    Lay your weary head to rest
    Don’t you cry no more

    ප.ලි
    එන්ෂන් ඒලියන් ගැනත් බලන්න

  26. Lakshi

    mulinma thnxx ayya oya season okkatama sub dnna ekata... elaga season ekakath oya sub dei kiyla hithanawa... goodluck brooo..... :)

  27. DDT

    බොහෝම ස්තූතියි MDG සහෝදරයා. සීසන් එකක එපි විසිගානක කතාවක සීසන් 10 ක් කියන්නෙ සුළුපටු වැඩක් නෙවි. ඒ වගේ ලොකු වැඩක් තනියම ඇදගෙන ගියපු ඔයාට අපි කොහොම ස්තූති කරත් මදි කියලයි මට හිතෙන්නෙ.

    සීසන් 11 ට ඔයා සබ් දෙන්නෙ නෑ කිව්වම පොඩි දුකකුත් ආවා. ඒත් ඉතින් මෙච්චර කාලයක් මේ කතාවත් එක්ක හිටපු ඔයාටත් ඒ ටික කාලෙ ගතවෙනකොට නිකන් ඇඟට හරි නෑ වගේ හිතිල සීසන් 11 ටත් සබ් දෙන්න පටන් ගනියි කියලත් මට නිකමට හිතෙනවා. :)

  28. VINDY

    Godaak Thanks oyage sub walata,SUPERNATURAL ekata galapenne oyage sub thamai,plzzzzzz...........season 11 ekath oyama denna try karanna,late unath kamak naha,

    Plzzz... don't giveup................//carry...on//.....................!!!

  29. Ama

    ගෝනා සහ ලේනාගේ වීර වෘතාන්තය 11වෙනි අදියරත් පුලුවන් නම් දෙන්න සහෝ. ඔයාගේ sub හරිම පැහැදිලියි, ,,
    නොනවත්වාම උපසිරසි දුන්නට ඇත්කටම හදවතින්ම ස්තුති,,,!!!!!!!!!
    ඉදිරි කටයුතු සාර්ථක වෙන්න ඔබට ජයෙන් ජයම වේවා!!!

  30. mahima

    වචන නෑ සහෝ ස්තුති කරන්න සීසන් 10 ක් කියන්නේ සුළු පටු ගානක්ද :O :O :O
    බොහෝම ස්තූතියි සහෝ අපි වෙනුවෙන් මේතරම් දිර්ග කතාවක් කථා මලාවකට සබ් දුන්නාට
    ජිවිතේ සියලුම වැඩ කටයුතු සර්වප්ප්‍රකාරයෙන් සාර්ථක වේවා :) :)

  31. Lahiru Weerasingha

    Patta machan. Godak thanks subtitles dunnata season 10 wala. ;) Ube subtitles wala waradi adui. Hoyagannama baritaram :) Season 11th ubama karanna try karapan machan. MDG MDG kiwwata ube atta name eka mokadda machan? Eka danaganne natuwa mokadda wage :)

  32. සුපුන් බුදිධික

    පළමුවෙන්ම කියන්න ඕනා 'බොහෝම පින් ' මේ කරපු වැඩේට..
    මං ලග සීසන් නමයම තිබ්බා ඔයා සබ් දෙන්න කලින...ඊට පස්සේ ඔයා සබ් දෙන්න ගත්තු
    පළවෙනි දවසේ ඉදලා අද වෙනකම් බැලුවා..කියන්නම ඕනා ඔයා මේකට සබ් නොදුන්නනම් සීසන් ටික තිබ්බ නිසා බලයි..එත් 'ඇටි කෙහෙල් කපු උගුඩුවා වගේ බලගෙන ඉදියි' :-D
    කොහොම හරි මචන් පිස්සුවෙන් වගේ බලපු මේ කතාව දිගටම කරගෙන ගියා..
    අද ඔයා මේ කතවට සමු දෙනවා මචන්..ඒත් කවදාහරි අයෙත් වේලවක් හොයගත්ත දවසට සබ් එකක් අරන් එමු..
    ජිවිතේ සියලුම වැඩ කටයුතු සර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...

    ඒ වගේම අපේ මේ කතාව බලපු යළුවන්ගෙන් පොඩි ඉල්ලිමක් කරනවා
    ඔයාලගේ හිතට අපු දේ මෙතන පොඩි කමේට් එකකින් හරි කියලා යන්න..
    මොකද එකයි අපිට කරන්න පුලුවන්..

    ජයෙන් ජයම වේවා !!!

  33. devinda

    hithe tyena duka nisa cmnt ekak damme na bro.eth danne nathuwa innath ba.math SN blana antima dawasa ada.mage jeewithe blapu hondama hithata waduna show eka SN.ekata two reason tyenawa.ekak sam &amp; dean.anika MDG.me deken kauru SN walin wen unath mn ayeth SN blanne na.gdk dukai sahodaraya.eth podi sathutakuth hv.Epi 218k balala gdk sathutu una.SN sub eka MDG gen nathi una kynne gdara kenek nathi una wage.bt hmadetma thankz.kynna words na.so hmadama mage cmnt walin mama kiuwa wage MDG naththan SN epa epa epa.oya me karagaththa pina athi jeewitha kaletama.hamadetama hadawathinma wish krnwa.ehenam oyatath Super Natural Series Ekatath bye bye bye.......................(antima tika type krddi anduna wage bro.jeewitheta loku aduwak danenawa.again thankz of lot....)

  34. devinda

    ane hamogenma illanawa.plz kello kollo hamoma nikan sub eka dwn krgena ynne nathuwa ape sahodaraya wenuwen cmnt ekak danna.eyage life ekta wish krnna.eka eyage life ekta loku ashirwadayak wei.umbala api nokrpu loku kapakirimak MDG bro kala English bari api wenuwen.api apita puluwan podi de wath eya wenuwen karamu.aluthen sub dana bro oyatah wish krnwa.mn stop kalath hamoma SN balanna kyla illanawa.byeeeee....

  35. Bhanuka Nadeeshan

    පලවෙනි ට්වී සීරියස් එක මම බලපු. මේක බලන්න කලින් මන් ට්වී සීරියස් බලන්න කැමැත්තක් තිබුණ නෑ. එත් මේක බයිස්කෝප් එකේ දැම්ම පලවෙනි දවසේ ඉදන්ම බලන්න ඇබ්බැහි උන එකක්. එකට ස්තුති MDG සහෝ ඔයාට. මොකද ඔයා දැම්ම නිසයි මේක බලන්න පටන් ගත්තේ, ඊට පස්සේ මේක එපිසොයිඩ් එනකන් ඉවසිල්ලක් නෑ බයිස්කෝප් එකෙන්. මොන උනත් සීසන් 11 ට තව කල් තියෙන නිසා එකටත් සබ දෙන්න කියල ඉල්ලනවා. Thanx a lot bro..

  36. Tharaka

    Thanks bro sub walata. Supernatural tiyana thak kal mama nam aka balana aka nawattanne na.

  37. chamini

    thanks bro man thama 10 /11 balanne mekathawa thiyana kan math balanawa aniwa godak godak thanks sub walata bro 11 ta thawa kal thiyana nisa akath oyatama denna barida plzzzz week akata akaine plzz

  38. Sasanka

    mechchra kalayak uba kohoma hari sub eka dunna eka gana api ubata hugak sthuthi krnawa,, ubata jaya,

  39. Chamara Sampath

    එල එල සහො නියමයි සීසන් 10 ක් දුන්නා.ඒක ඉතින් නිකන් කියනවා වගේ ලේසි වැඩක් නෙවේ කියලා දන්නවා.සුභ පතනවා ඔයාගේ කරන කියන හැම වැඩක් ම සාර්ථක වෙන්න කියලා.ජය වේවා.

    1. Chamara Sampath

      මම නම් කියන්නේ සීසන් 11 me කට්ටිය කියනවා වගේ ඔයාම කරන්න,සතියට එකයි.ඔයා උපසිරැසිය දෙන්න පරක්කු උනා කියලා කවුරුත් ඔයාට බන්නේ නැහැ.අනික ප්‍රමාද උනා කියන්නේ සති ගණන් නෙවේ.දවස් දෙක තුනක්. ඒ හන්දා ඔයාම දෙන්න කියලා මම කියනවා.

    2. ප්‍රදීප් මධුසංඛ

      ඇත්තටම කියන්න ඕනි දෙයක් තමයි
      සුපර්නැචුරල් සීසන් 10ක් කරනවා කියන්නේ
      හිතන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි කියන එක.
      ඒක් අපි හැමෝම දන්න කාරණයක්.
      මොකද එක උපසිරසියක් කරන්න තමන්ගේ
      කාලය, ධනය, ශ්‍රමය, ඉවසීම වගේම හැකියාව
      මේ හැම දේම තියෙන්න ඕනේ.
      ඉතින් සීසන් 10ක කතාංගයන් "218"
      කරන්න ඒ ඉවසීම, හැකියාව මේ
      හැම දේම "MDG" සහෝ ළඟ නොඅඩුව
      තියෙන්න ඕනේ.
      ඔයාලට මතක ඇති සමහර අයගේ කමෙන්ට් එහෙමත්
      හරිම කැත විදියට ලැබුණා,
      ඒත් ඒ කිසිම දේකින් සහෝ සැලුනේ නෑ.
      ඒවගේම තමයි සහෝගේ උපසිරසි නිකන්ම උපසිරසියක්
      නොවෙන වග, මොකද අපිට ඒකෙන් කතාව ගැන විතරක්ම ගන්න
      අවබෝධයකට වඩා වැඩි අන්තර්ගතයක්, වැඩි වටිනාකමක් තිබුණා.
      නොදන්න දේවල් වඩා විස්තරාත්මකව පෙන්නලා දීලා තිබුණා.
      අනිත් කාරණාව තමයි සහෝගේ ලිපි ලිවීමේ හැකියාව.
      ලිපි වලිනුත් සහෝ නොදන්න කරුණු කාරණා ගොඩාක්
      අපි හැමෝටම කියලා දුන්නා.
      කතාව ගැන නොදන්න කෙනෙක්ට වුනත් සහෝගේ ලිපියක් බැලුවම
      දිගටම කතාවත් එක්ක එකතු වෙන්න හිතෙන තරමටම ලිපි ගැළපිලා තිබුණා.
      මමත් පෞද්ගලිකවම සහෝගේ උපසිරසි වලින් යමක් ඉගෙනගෙන තියනවා.
      ඉතින්...
      මෙච්චර කාලයක් පුරාවටම මේ කරපු සේවාවට මගේ අවංක නිහතමානී
      ස්තූතිය "MDG" සහෝ වෙනුවෙන් පුදකරන්න කැමති. ඒවගේම ගොඩාක් පිං.
      ඒවගේම "supernatural" සීසන් 11ටත් සහෝගේ උපසිරසියම අපි හැමෝම
      බලාපොරොත්තු වෙනවා.
      සහෝගේ වැඩකටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
      මේ වෙලාවේ ප්‍රාර්ථනා කරන ගමන්ම සහෝගේ
      තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
      ජයම වේවා...

      "Carry on my wayward son
      There’ll be peace when you are done
      Lay your weary head to rest
      Don’t you cry no more...."

      :D

  40. nuwan kanchana

    මචෝ කියන්න වචන නෑ... මම පිස්සුවෙන් වගේ බලපු මගේ ආසම tv seris එක තමයි සුපර් නැචුරල් .. ඒ උබේ සබ් වලට පින්සිද්ද වෙන්න ... seris එක ඉවර උනාට දුකයි..ඊටත් වඩා දුකයි උබ සුපර් නැචුරල් එකෙන් සමු ගන්න එකට.. කොහොම නමුත් ගොඩාක් පින් සබ දුන්නට.. කවදා හරි mobile network (free sim, free call, free data) සම්බන්දයෙන් උවමනාවක් අවොත් මට කියපං..
    මගේ face book name එක nuwan kanchana.

    episode දෙසිය ගානකට සබ දෙන එක කොච්චර අමාරු වැඩක්ද කියලා මට හොදටම තේරුම් ගන්න පුළුවන්.. මොකද මමත් ෆිල්ම් හත අටකට සබ් කරලා තියන නිසා,,

    කොහොම උනත් ඉල්ලා සිටිනවා season 11 එකෙත් පුළුවන් කමක් තියනවා නම් අපිට සබ දෙන්න කියල.

    ගොඩාක් ස්තුත්යි....

    ඔබට ජය..........

  41. ජගත් පතිරණ

    ඔබ නම් පුරුෂයෙක් නෙමෙයි!

  42. pramuk

    thanx lot macho wish you all the best

  43. lakshan

    thanks mchan.oya nam bro pattama wadak kre.niyamai super,,,,,,,,,kyanna wachana naha.oya natnam apita SN balanna bri wenawa.mn balapu hdama tv series eka tamai meka.once again thanks bro.oyai SN hriyata gahai pottai wage.issarahatath api oyawa balaporottu wenawa.

  44. kevin

    mechchara kal api gana hithala kaagena sub dunnata bohoma pin..
    supiriyatama supernatural season 10tama sub dunna..
    idiri katayuthu sarthaka wenna kiyala prarthana karanawa..
    me karana pin athe wada nawaththanna epa pulu puluwan welawata ekak dekak denna kiyala illeemakuth karanawa..
    jaya shrii..

  45. දුලිත රාජපක්ෂ

    මචං උබ නියම වැඩක් කරේ. බොක්කෙන්ම ආතල් එකේ බලමු එකම ටීවී සීරිස් එක මේක තමයි. සබ නං සුපිරි. නියමෙටම වැඩේ කරලා තියෙනවා. බොහොම ස්තුතියි මෙච්චරකල් අපිට සබ දුන්න එකට. මාර අසාවෙන් බැලුවේ. එළකිරි. හැම වැඩක්ම සාර්ථක වේවා කියල පතනවා. ජය වේවා. :) :)

  46. Keshan Wasala

    කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරගන්නද කියලා හිතාගන්න බෑ :D
    මෙච්චර කාලයක් අපි වෙනුවෙන් සුපර්නැචුරල් කතාව ගෙනාවට බොහොම පිං දහසක් වැඩ මැද්දේ අපි වෙනුවෙන් මේ දේ කරාට අපි හැමෝම ණයගැතියි..අනේ කොල්ලෝ අනිත් හැමෝම කියනවා වගේ සීසන් 11 ට ඔයාගෙන්ම සබ් එක දකින්න ගොඩක් ආසයි අපි.
    එහෙම නැතත් හිතේ කහටක් නෑ ..උපසිරැසි 218 ක් කිව්වමත් කනෙන් දුන් දානව :D
    ඔයාගේ උපසිරැසි ගැනත් කියන්නම ඕනේ ..
    කතාවේ සමහර තැන් වල මට හිනා නොගියට ඔයා ඒ වෙලාවේ පාවිච්චි කරපු වචන වලට හිනා ගිය තැන් අනන්තවත් තිබ්බා සහෝ :D ඒ වගේම නොදන්නා තැන් ගැනත් ඔයා යටින් අපිව දැනුවත් කරා ඒවගෙනුත් හිනා ගිය එකක් තිබ්බා මට අද වගේ මතකයි
    සෑම් ක්‍රිකට් පොල්ලක් කියලා කිව්වා තැනක් ;)
    ඔයා යටින් දාලා තිබ්බා ඇමරිකන් කාරයෝ ක්‍රිකට් ගැන දන්න තරම තමා කියලා :D :D :D
    ඇත්තටම අපි කතා කරන බාෂාවෙන්ම සබ් එක කරාම බලන කෙනාට පුදුම හැගීමත් ඇති වෙනවා එක වචනයෙන් කියන්න ආමාරුයි ඔයාගේ සබ් වල ඒක නොඅඩුව තිබ්බ බව කියන්නම ඕනා :)
    ඒ වගේම ඔයාගේ ජිවිතේ සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න මන් ප්‍රර්ථනා කරනවා..එහෙනම් සහෝ මේක ඔයාගෙන් සමුගැනීමක් නම් නෙමේ :D මට මේ වචන ගලපගන්න බැරිව ඉන්නේ මේ වෙලාවේ ඔන්න සීසන් 11 ආවම මන් ඇවිල්ලා බලන්නේ යටින් MDG කියලා නමක් තියේද කියලා එහෙනම් බොහොම ස්තුතියි නැවත වරක් මේ කරපු විශිෂ්ට කාර්යට..

    සහෝට ජය වේවා !!

    ෴෴බුදු සරණයි !!෴෴

  47. sachin

    jaya wewa goood luck godaaaaak pin bro
    thank you v much

  48. sachintha

    patta sahooo s10 kata sub dena eka sellamak nemei...
    podi podi pramada dosha thibunata uba sub dipu nisamai supernatural balanna gaththe....
    s11 tath sub danna puluwannam loku deyak sahooo.....
    idiri wadakatayuthu sarthaka wewa yai pathamii...
    sub ekata tnx sahooo.....

  49. Bhanuka

    kiyanna wachana na sahodaraya.... bohooma sthuthi.. jiwithee hama wadakma sarthaka wewa kiyala prarthana karanawa.... anika supernatural=MDG wage nisa 11 weni ekath karanna kiyana illanawa.... mechchara kal karapu deta godak sththi.... obata jaya.... :-)

  50. asitha

    ඔබට තුති.
    සුභපැතුම්.
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.