ඔන්න එහෙනං පොරොන්දු වුනු විදියටම නැවතත් සුපුරුදු කතාවේ අලුත් සමයක නැවුම් ආරම්භයකින් පටන් ගන්නයි සූදානම් වෙන්නේ. නැවුම් ආරම්භයක් කිව්වේ පසුගිය සමයේ අවසානයත් එක්ක. ඩිවිශන් වලින් පැනලා ගියපු නිකීටා ඩිවිශන් වලට එරෙහිව වැඩ කරන්න පටන්ගැනීමත් එක්ක තමයි මේ කතාව ආරම්භ වුනේ. තනියම ඩිවිශන් වලට එරෙහිව වැඩ කරපු…

ඔන්න එහෙනං පොරොන්දු වුනු විදියටම නැවතත් සුපුරුදු කතාවේ අලුත් සමයක නැවුම් ආරම්භයකින් පටන් ගන්නයි සූදානම් වෙන්නේ. නැවුම් ආරම්භයක් කිව්වේ පසුගිය සමයේ අවසානයත් එක්ක.
ඩිවිශන් වලින් පැනලා ගියපු නිකීටා ඩිවිශන් වලට එරෙහිව වැඩ කරන්න පටන්ගැනීමත් එක්ක තමයි මේ කතාව ආරම්භ වුනේ. තනියම ඩිවිශන් වලට එරෙහිව වැඩ කරපු නිකීටා පස්සේ ඇලෙක්ස් කියලා සහායිකාවක් එක්ක එකට වැඩ කරන්න පටන් ගත්තා. පස්සේ ඇයගේ ඉතිහාසය දිහා බලාගෙන ගියාට පස්සේ, ඇය නිකීටා විසින් අහම්බෙන් තෝරගත්තු ගෑණු ළමයෙක් නෙමෙයි කියලා අපිට දැනගන්න ලැබෙනවා. රුසියාවේ තියෙන බලවත්ම සමාගමේ නියම උරුමක්කාරිය තමයි මේ ඇලෙක්ස් කියන්නේ. ඒ වුනාට මෙයාගේ ඇත්ත නම ඇලෙක්සැන්ඩ්‍රා උඩිනොව්. යුදිනොව් කියලත් කතාවේ සමහර තැන් වලදී අපිට දකින්න ලැබුනා. (එහෙම කියන්නේ රුසියානු ඉංග්‍රීසි උච්චාරණය නිසා.) මේ විදියට නිකීටා එක්ක එකතුවුනු ඇලෙක්ස් ඩිවිශන් ඇතුලේ ඔත්තු බැලුවා වගේම තමයි, කතාව අවසාන බාගයේදී ඇලෙක්ස් ඇත්තටම කවුද කියලා ඩිවිශන් වලට හෙලිදරව් වුනා. ඒ වගේම තමයි, කතාවේ අවසාන බාගයේදී මයිකල් නිකීටාට උදව් කරන්න පෙලඹුනා. මේ පෙරලියත් සමග නිකීටාගේ කණ්ඩායමේ එකතුව 5 දෙනෙක් වශයෙන් වැඩි වෙනවා. මේ විදියට පලමු සමය අවසානයත් සමග අමන්දා පර්සිව පර්සිගේම රාජධානියෙන් පහකරලා, හිරකරලා, අමන්දා ඩිවිශන් වල ප්‍රධානත්වය ගන්නවා. ඒ වගේම මයිකල් ඩිවිශන් වලින් පැනගනිද්දී පර්සිගේ කලු පෙට්ටියත් අරගන්නවා. කතාව අවසාන බාගයේදී ඇලෙක්ස් දැනගන්නවා නිකීටා තමයි තමුන්ගේ තාත්තාව මැරුවේ කියලා. මේක වාසියක් කරගත්තු අමන්දා නිකීටා ලඟ තියෙන කලු පෙට්ටිය ඕවර්සයිට් වලට ලබා දෙන්න ඕනේ නිසා, තමුන්ගේ පවුලේ අයව මරන්න මුල්වුනු සෙමාක්ව මරන්න ඇලෙක්ස්ට ඩිවිශන් වල උදව් ලබාදෙනවා කියන ගණුදෙනුව පිට කලු පෙට්ටිය ලබාගන්න නිකීටා පස්සේ ඇලෙක්ස්ව යවනවා.
දෙවනි සමයේදී ගොඩක් අවුල් සිද්ධ වුනා කියලා මතක ඇති. නිකීටා මයිකල් එක්ක එකතුවෙලා කලු පෙට්ටියට අනුව ඩිවිශන් වලින් කරපු වැරදි නිවැරදි කරන්න පෙලඹෙනවා. ඒ වගේම දෙවන සමයේ පලමු කතාවෙන්ම මෙයාලගේ පරණ යාලුවෙක්, ඒ වගේම කම්පියුටර් ජිල්මාට්කාරයෙක් වුනු බර්ක්ඕෆ් සෙට් වෙනවා. ඒ අනුව නිකීටාගේ කණ්ඩායමේ සාමාජිකයින් ගනන 5 තත්වයටම පත්වෙනවා.
1.නිකීටා
2.මයිකල්
3.ඔවන්
4.රයන්
5.බර්ක්ඕෆ්
ඇලෙක්ස් මෙතන නැති හේතුව තමයි, එයා අමන්දා එක්ක ඩිවිශන් ඇතුලේ වැඩ කිරීම. මේ අතරේ මේ කතාවට අලුතෙන් ශෝන් පියර්ස් කියලා චරිතයක් එකතු වෙනවා. මෙයාත් නිකීටාගේ කණ්ඩායම දඩයම් කරන්න ඔවර්සයිට් වලින් දාපු කෙනෙක්. මේ සමය ඇතුලතදී ප්‍රධාන වශයෙන් නිකීටා, මයිකල්, බර්ක්ඕෆ් තුන්දෙනා එකතු වෙලා තමයි මෙහෙයුම් සිදු කරන්නේ. ඒ වගේම පලමු සමයේදී CIA ඇතුලේ සිදුකරපු ප්‍රහාරයත් එක්ක හිරේට ගියපු රයන් බේරාගැනීම්, කලු පෙට්ටි විනාශ කිරීම වගේ දේවල් සිදු කරනවා. ඒ වගේම කතාව මැද බාගයේදී ඇලෙක්ස් නැවතත් නිකීටා සමග එකට එකතු වෙනවා. තවදුරටත් පර්සි අමන්දාගේ ඩිවිශන් ඇතුලේ තියෙන හිරකූඩුවෙන් එලියට පැනගන්නවා. ඒ වගේම තමයි කතාව අවසාන බාගයේදී අමන්දා ආරි සම්බන්ධය හෙලිදරව් වුනා වගේම, එයාලා දෙන්නා එකතු වෙලා සෙට්රොව් වල බලය ලබාගන්න උත්සාහා කලා. ඒ උත්සාහය ව්‍යර්ථ වුනු අවසරයෙන් පර්සි නැවතත් ඩිවිශන් ඇතුලේ බලයට පත්වුනා. මේ වෙද්දී නිකීටා මරන්න පස්සෙන් ආපු ශෝන් පියර්ස් නිකීටා එක්ක එකතු වෙලා අවසානයි. ඔය විදියට ඉදිරියට ගියපු කතාවේදී රයන්ගේ සම්බන්ධයක් ඇතිව CIA ප්‍රධානියා නිකීටාගේ කණ්ඩායමේ අතිජාත මිත්‍රයෙක් බවට පත්වෙනවා. තවත් පර්සි ඩිවිශන් ඇතුලේ ඉඳගෙන පොඩි පොඩි අංචි ඇදලා ජනාධිපති තුමාව අල්ලේ නටවන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇති මේ හැම දෙයක්ම පර්සි කරන්නේ කොහේදෝ අභිරහස් මිනිහෙකුගේ කමිටුවක් ඇතුලට රිංගන්න. ඒ වගේම නිකීටා ඩිවිශන් ඇතුලට රිංගනවා පර්සි කරන මේ සෙල්ලම නවත්වන්න. මේ අතරතුර හමුදාවෙන් ඩිවිශන් වට කරනවා ඒක විනාශ කරලා දාන්න. මේ අතරතුරරේ පර්සි ඇදපු තවත් අංචියක් නිසා නිකීටාට සිද්ධ වෙනවා පර්සිට හානියක් නොවෙන විදියට ඩිවිශන් වලින් පිටතට ගේන්න. නමුත් මතුපිටදී පර්සිට නිකීටා අතින්ම මැරුම් කන්න සිද්ධවුනා. ඒත් නිකීටා ඒකේ ඇතුලේ ඉන්න අය ගැන සැලකිලිමත් වෙන නිසාවෙන් රයන් මූලිකව උප ජනාධීපතිනිය එක්ක කතා කරලා ගණුදෙනුවකට එනවා, ඩිවිශන් වහලා දානවා කියන එකඟතාවය මත. මේ එකඟතාවය මත මෙයාලා හැම නියෝජිතයෙක්ම එකතු කරලා දැනුම්දීමකින් යුතුව සාමකාමී ජීවිත ගත කරන පොරොන්දුව පිට ඩිවිශන් ඇතුලේ ඉන්න හැමෝටම අලුත් ජීවිතයක් ලබා දෙන එක තමයි අරමුණ වෙන්නේ.
අද කතාවේ ඉඳන් ඔයාලාට ඒ සිදුවීම තමයි බලන්න තියෙන්නේ. නිකීටා ඇතුලු කණ්ඩායම තමයි ඩිවිශන් වල භාරකාරත්වය දරන්නේ. රයන් තමයි දැන් ඩිවිශන් වල ප්‍රධානියා. අපි බලමු නේද මේ “අලුත් ඩිවිශන්” එකත් එක්ක කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා.
උපසිරැසි එක්ක කතාව හොඳින් රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම, මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
290 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,138 downloadsDownload Nikita-S03E01-baiscopelk.7z23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
26 comments
djnirmal
djnirmal
ahh menna ada mamai mulinma, sahena kalekata passe mulinma gaththe,
NaDeeRa
අඩේ අදම දුන්නද.....
මම හිතුවේ දවසක් දෙකක් යයි කියලා...
තැන්කු වේවා........
කොල්ලෝ ආයේ කියන්න වචන නැහැAsel
Elaz
thanx machanpasii
aNE tnx kollo
Wathila
Uba nam patta porak machan !!
R.D
පිස්සු පීකුදු කිව්වලු.පට්ට ස්පීඩ් එකෙන් සබ් දාලනේ.තාම සීසන් 3 බාලත් නෑ.අදම බාන්න දාන්ඩ ඕනේ.බොහෝම ස්තුතියි සහෝ.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු......Kulanjana Maduranga
pattai ahhhh...adama dei kyla hithun na...danma banawa...ehenm seaon 3th digatama balatha haki.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
ෂෙරින් සමාධි ගිනිගේ
අප්පා....
මෙන්න සබ් එක දීලා...
සීසන් 3 දෙන්න තව දවස් 2,3 ක් යාවි කියලා හිතලා තාම වීඩියෝ එක බෑවෙත් නෑ... දැන් ඉතින් ආයෙත් 3 සමය බලන්න ගනිමුකෝ...
සීසන් 1 වල රතු පැහැති තේමාව සීසන් 2 දි නිල් පාට උනා...
මං හිතුවා 3 වෙනි සමයේ තවත් පාටක් ඇති කියලා....
අවුලක් නෑ...
බොහොම ස්තූතියි උපසිරැසියට....
ජය!!!nipu
sub eka down kalata open wenne naha ne
Dasun Karunaratna
android download karanna bane.....
viraj
mamath hithuwe na metharam ikmanate dai kiyala ubewanam adehanname watinawa ohoma yan ohoma yan
sadun
thanks machan.
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nuwan
niyama wadak machan agaya karanawa...
Yenu
නූතන ෆ්ලෑෂ් කෙනෙක්නෙ ඔයා ....දිගටම මෙහෙම සබ් දෙනවට බොහොම පින්.....
නවීන් ලක්ෂිත
තෑන්ක්ස් මචං ඉක්මනටම සීසන් 3 එකෙත් සබ් දෙන්න ගත්තට පට්ට.
Dilshan
than'k you
èxit_9.1
කියල වැඩක් නැ ආය සුපිරිම පොරක් උබනම්.
සුපිරිම සුපිරි ආ......බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……ඉසු ඩිපි (Isu DP)
කොල්ලා සබ් ලිස්ට් එකේ 3 නේ. අදයි එක දැක්කෙ.
නියමයි, නියමයි. 3ත් ඉක්මනින්ම පටන් ගත්ත එක එල.
බලමුකො මොකක්ද මේ ප්‍රේම කතාව කියලා.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dlakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…sajeevi
තෑන්ක්ස්.
දැන් තමා මේක ඩවුන්ලෝඩ් කරන්න පටන් ගන්නේ.nuwan
කට්ටියට දන් නම් උබේ අගේ තේරෙනවා ඇති මචන්......lol
madusanka
fatta br.....................................................
thx thx thx...............................................
ethuru tikath ikmanata deyannn..................තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
suranuwan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you bro ikmantama sub dunnata.