Knuckles [E06] Sinhala Subtitles කොහොමද යාළුවනේ ඔන්න එහෙනම් ඉක්මනටම නකල්ස්ගේ වික්‍රමයන්ගේ අවසාන කොටසත් ගෙනාවා. අවසානය කියලා කිව්වට දෙවන කතා මාලාවේ වැඩකටයුතු ඉක්මනින්ම අරඹනවා කියලා නිෂ්පාදකයෝ දැනටමත් තහවුරු කරලා ඉවරයි. සොනිල් යුනිවර්ස් එක පේස් 4ක් දක්වා දීර්ඝ කරලා කියලා ඔයාලා දන්නවත් ඇති. පේස් 1ට සම…

කොහොමද යාළුවනේ ඔන්න එහෙනම් ඉක්මනටම නකල්ස්ගේ වික්‍රමයන්ගේ අවසාන කොටසත් ගෙනාවා. අවසානය කියලා කිව්වට දෙවන කතා මාලාවේ වැඩකටයුතු ඉක්මනින්ම අරඹනවා කියලා නිෂ්පාදකයෝ දැනටමත් තහවුරු කරලා ඉවරයි. සොනිල් යුනිවර්ස් එක පේස් 4ක් දක්වා දීර්ඝ කරලා කියලා ඔයාලා දන්නවත් ඇති. පේස් 1ට සම්බන්ධ නිර්මාණ ටික සොනික් 3 වෙනි ෆිල්ම් එකෙන් අවසන් වෙනවා. 2වෙනි පේස් එක ආරම්භ වෙන්නේ Tails කතාමාලාවෙන්. ඒක බොහෝ විට මේ අවුරුද්දේ අපිට බලාගන්න හැකි වෙයි. ඒ වගේම Knuckles දෙවෙනි කතාමාලාව 2027 අවුරුද්දේ නිකුත් කරන්න තමයි දින නියම කරලා තියෙන්නේ. ඉතිං 2030 වෙනකොට සොනික් යුනිවර්ස් එකට අයත් චරිත ඇසුරින් තවත් නිර්මාණ 12ක් නිෂ්පාදනය කරන්න පැරමවුන්ට් සමාගම ඇතුලු අනිකුත් අය මේ වෙද්දිත් සැලසුම් කරලා අවසානයි කියලා සතුටින් දැනුම් දෙනවා.
ඉතිං අපි නකල්ස් සහ වේඩ්ගේ වික්‍රම දිහාට ආපහු හැරෙමු. මෙයාලට ඉන්න ලොකුම හතුරව පසුගිය කොටසින් දකින්න ලැබුනනේ. ඒ තමයි “බයර්”. එයා රොබෝටික්කා සහ G.U.N සංවිධානය එක්ක කලින් වැඩ කරලා අයින් කරලා දාපු කෙනෙක්. මිනිහා කරන්නේ රොබෝටික්කගේ නිර්මාණ වැඩි දියුණු කරලා කළු කඩ වලට විකුණන එකයි. ඉතිං බයර්ගේ මේ සමහර නිර්මාණ වලට නකල්ස්ගේ ශක්තිය උවමනා වෙනවා. ඒ අස්සේ වේඩ්ගේ තාත්තාව හම්බෙලා දෙන්නත් එක්ක හොඳ පිස්සු නැටිල්ලකුත් නටනවා. ඒත් තාත්තා හිතපු තරම් හොඳ මිනිහෙක් නෙමෙයි කියලා වේඩ් තේරුම් ගනිද්දි පරක්කු වැඩියි. අන්තිමේදි අපි දැක්කේ වේඩ් තමන්ගේ අම්මගෙයි, අක්කගෙයි ජීවිත බේරගන්න නකල්ස්ව තිළිණ දඩයම්කාරයෝ දෙන්නට භාර දෙන්න උත්සහ කරන විදියයි.
අවසාන කොටස නිසා මම ඔයාලට මුකුත් කියන්නේ නෑ. සොනික් 3 වෙනි ෆිල්ම් එක දැනටමත් නිකුත් වෙලා තියෙන නිසා ඔයාලා ඒක බලන්න කලින් අනිවාර්යෙන්ම මේ කතාමාලාව බලලා ඉන්න කියලා මතක් කරන්න ඕන. එහෙනම් ඉතිං කට්ටිය කොමෙන්ට් එකක් දාගෙන ගියොත් මේ වගේ කතාමාලා ඉස්සරහටත් දෙන්නම්. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් ඉක්මනටම හමුවෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!
කතාංගයේ නම – “What Happens in Reno, Stays in Reno”
කතා රචනය – John Whittington
අධ්‍යක්ෂනය – Carol Banker
විකාශය වූ දිනය – 2024 අප්‍රේල් 26
IMDb අගය – 6.9
Knuckles Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,103 downloadsDownload Knuckles-S01-E06-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Knuckles Sinhala Subtitles
Knuckles Sinhala Subtitles
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2024
- #Editor's Pick
- #Knuckles
- #Offbeat
- #Paramount
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonic
- #Sonic the Hedgehog
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
SACHINTHA
Buddhika laKMal
ස්තූතියි මචං සීරිස්එක කම්ප්ලීට්කරල සබ්දුන්නට.....
ජයවේවා........Kasun
Thank you bro ❤️
Randil Senavirathna
yeh kali kali anekhin season 2 eka dennako
Kasun
Castlevania Nocturne S02 elata sub eka dennako bro ♥️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු