Watch Trailer

Krypton [S02 : E07] Sinhala Subtitles | එල් වංශයේ රුධිරය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්…! සමාවෙන්න ඕනෙ හිතුවට වඩා ටිකක් ප්‍රමාද වුණා සබ් එක අරගෙන එන්න. වැඩ රාජකාරි එක්ක ටිකක් අමාරු වුණා වෙලාව වෙන් කර ගන්න. කොහොමහරි ඔන්න ඉතිං අරගෙන ආව,ක්‍රිප්ටොන් හත්වැනි කතාංගයත්. කොහොමහරි පහුගිය කතාංගයේදි අපි දැක්ක වැල් එල් අසීරු තීරණයක් ගන්නව, ජන සංහාරයක් නතර කරන්න, ජීවිත කීපයක් බිලි දෙන්න.…

ආයුබෝවන්…!

සමාවෙන්න ඕනෙ හිතුවට වඩා ටිකක් ප්‍රමාද වුණා සබ් එක අරගෙන එන්න. වැඩ රාජකාරි එක්ක ටිකක් අමාරු වුණා වෙලාව වෙන් කර ගන්න. කොහොමහරි ඔන්න ඉතිං අරගෙන ආව,ක්‍රිප්ටොන් හත්වැනි කතාංගයත්. කොහොමහරි පහුගිය කතාංගයේදි අපි දැක්ක වැල් එල් අසීරු තීරණයක් ගන්නව, ජන සංහාරයක් නතර කරන්න, ජීවිත කීපයක් බිලි දෙන්න. ඒ කරල සෝපාන පාදම් මධ්‍යස්ථාය විනාශ කරල දානව. මේ අතරෙ නීසා කෝඩෙක්ස් එක අරගෙන කැන්ඩෝර් වලට ආපහු එනව, ඇවිල්ල සෙග් එක්ක එකතු වෙලා කෝර් වෙක්ස් බේර ගන්න සෙට් එකට පුළුවන් වුණා. මේ අතරෙ සොඩ් ගියා ඩූම්ස්ඩේ හොයාගෙන. අලුත් ගැජමැටික් එකත් එක්ක හෙන ලොකු පෙරලියක් කරයි කියල හිතපු, ඩූම්ස්ඩේ දණ ගස්සන්න සොඩ් සමත් වුණා.

ඉතිං ඔන්න අද බලාගන්න පුළුවන් ඩූම්ස්ඩේ හැදුණෙ කොහොමද කියල. ඉස්සර ඉඳලම ක්‍රිප්ටොන් ඇති වෙන්න වගේම, නැති වෙන්නත් සොඩ් වංශය සහ එල් වංශය බලපාල තියෙනව කියල අද කතාංගය හරහා දැකගන්න පුළුවන්. ඩූම්ස්ඩේගෙ කතාව එක පැත්තකින් හරිම සංවේදීයි. ඒ ඇයි කියල තේරෙවි බලනකොට. ඇත්තටම රාක්ෂයින් කවුද කියලත් ඔන්න බලාගන්න පුළුවන්. මේ අතරෙ වෙග්තෝර් වල හැංගිලා ඉන්න සජටාරායිල ගැන හොයන්න වැල්ගෙ උපදෙස් අරගෙන කෙම් සහ ඇඩම් පිටත් වෙනව. ඒව මේව එහෙම වෙනකොට, සෙග්, නීස එක්ක වැල්ගෙ බලකොටුවට ගිහින් බ්‍රෙනියැක් එයාගෙ ඔළුවෙන් අයින් කරන වැඩේ කරගෙන යනව. වැඩේ නම් ගාණට යනව. හැබැයි සෙග් එල් කියන්නෙත් එල් වංශයේ කෙනෙක් නිසා, මේ බ්‍රෙනියැක් ඉවත් කිරීමෙන් ඔහුට වන්දියක් ගෙවන්න වෙනව. අවාසනාවට ඒ වන්දිය, නීසා මෙතෙක් පණ දෙවැනි කරල රැකගත්ත වස්තුවකින් ගෙවන්න වීම තමයි කණගාටුවට කාරණාව. එහෙනම් ඊලඟ කොටස එක්ක හමුවෙමු. ජය වේවා..!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

2,398 downloadsDownload Krypton.S02E07.Baiscopelk.com_-1.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

2,398 downloadsDownload Subtitles27 KB

19 comments

  1. Soori

    සබට ස්තුතියි උදයංග සහෝ...
    ජය...!!!

  2. dx12

    Thanks bro
    Godk pin bro
    Good luck
    Bro the boys tv series ekta sub dennako.
    Plzzzzz.........

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. dsdkavishka

    Thenks bro

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. Pasindu16022

    Thanks aiye....

  7. Ayesh Prashan

    Thank You

  8. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  9. Cavil

    ස්තුතියි සහෝ සබ් එකට. සුපර්ගර්ල් එකෙත් සබ් ටික ඉක්මනට ගේන්න.
    ජය වේවා.

  10. wajira

    Thanks for sub

  11. Darshana89

    උපසිරසට ගොඩක් ස්තුතියි
    Heroes TV Series (2006–2010) එකටත් පුලුවන් නම් උපසිරස දෙන්නකො
    අනෙ plzzzzzzzzzzzzzzz

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  13. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.........!

  14. darktenu

    Thnks For The Sub Broh. Puluwannam "Smallville" Ekatath Sub Eka Dannakoo

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Tharindu07

    Thanks Machoo....!!! Jayaweva....!!!!

  17. MAALnath

    Thanks ....................good luck .....................

  18. chinthaka.max4

    thankx machan