Lucia (2013), U Turn (2016) වගේ ජනකාන්ත ජනප්‍රිය නිර්මාණ බිහි කරපු පවන් කුමාර් අධ්‍යක්ෂකතුමාගේ මීළඟ වැඩේ තමයි තෙලුගු කතාමාලාවක් විදිහට මේ එලිබහින්නේ. කොටස් 8කින් යුක්ත වූ මේ කතාමාලාව ටොලිවුඩයට අලුත් අත්දැකීමක් වෙනවාට සැක නැහැ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.8ක දැවැන්ත අගයකට හිමිකම් කියන මේ කතාමාලාවට හො…

Lucia (2013), U Turn (2016) වගේ ජනකාන්ත ජනප්‍රිය නිර්මාණ බිහි කරපු පවන් කුමාර් අධ්‍යක්ෂකතුමාගේ මීළඟ වැඩේ තමයි තෙලුගු කතාමාලාවක් විදිහට මේ එලිබහින්නේ. කොටස් 8කින් යුක්ත වූ මේ කතාමාලාව ටොලිවුඩයට අලුත් අත්දැකීමක් වෙනවාට සැක නැහැ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.8ක දැවැන්ත අගයකට හිමිකම් කියන මේ කතාමාලාවට හොඳ ප්‍රතිචාර වලින් නම් අඩුවක් වෙලා නැහැ. මේ වෙද්දී කතාව එක්ක එකතු වෙලා ඉන්න අය දන්නවා කතාවේ තියෙන කුතුහලය. ඉතින් ඉක්මනට ඉක්මනට බලලා ඉවර කරන්නනේ හිතේ ඇත්තේ. ඔන්න අරන් එනවා තුන්වෙනි කොටස.

කලින් කොටස ගැන කතා කරොත්, මුළු කොටසේ වැඩි අවධානයක් පෙන්නුවේ දුර්ගා ගැන. පලවෙනි කොටසේ ආදීගේ කෝණයෙන් කතාව ගියා වගේ. දෙවැනි කොටසෙන් වුණේ දුර්ගාගේ කෝණයෙන් කතාව යන එක. 2020 නොවැම්බර් 29වෙනිදා තමයි තීරණාත්මක දවස. දුර්ගාව හම්බවෙන්න පොලිසියට ගැහැණු ළමයි දෙන්නෙක් එනවා. එයාලා අඬ අඬ අදාළ කාරණේ කිව්වට දුර්ගා නම් ඒ ගැන ලොකු සැලකිල්ලක් දැක්වූවේ නැහැ. ඒ ඊට වඩා ලොකු කේස් එකක් දුර්ගාගේ ඔලුවේ දුවපු නිසා. ළමා පැහැරගැනීම් සම්බන්ධ කල්ලිය හොයාගන්න එකට තමයි දුර්ගාගේ ප්‍රමුඛත්වය ලැබුණේ. ඒ ඔස්සේ එයා මොන මොන දේවල් කරාද කියලා පහුගිය කොටසින් දකින්න ඇති. ඒ වගේම එයාට නිතරම පේන අනිත් අයට නොපෙනෙන අර හාදයා කවුද කියලත් ගැටළුවක් ඇති. අපිටත් ඒ ගැටළුව තාම එහෙමමයි. ඔය අතරේ ආදී එයාගේ හීන කුමාරිව බලන්න කෑම එකක් ඩිලිවර් කරන මාර්ගයෙන් යනවනේ. ඒ ගමනේ අවසානේ මොකද වුණේ කියලා මතකයි නේද? සුපුරුදු විදිහට සුපුරුදු දර්ශනයෙන් කතාව ඉවර වුණා. එහෙනම් අද කොටසත් බලලා ඉමු. ශසිත් ඒවි 4වෙනි කොටස අරගෙන.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

5,019 downloadsDownload Kudi-Yedamaithe-S01-E03.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

5,019 downloadsDownload Subtitles19 KB

14 comments

  1. Kushan

    Sub akta thanks

  2. Anonymous

    Thanks bokka❤️
    Ada dwasema ithin meka tmai

  3. Samith

    Thanks brother

  4. Anonymous

    Mayura saho Toofaan(2021) ekath demu
    Me series ekatath thankz okkotama

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Neo

    Thanks brother
    Keep it up

  7. Kavindu

    උපසිරසියට ස්තුතියි

  8. Anonymous

    Txxx

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Chandima Prasad

    Thanks Sub Ekata.

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Pramukmili

    Thanxxxxxxx bro................

  13. Hasantha

    Thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P