පසුගිය සිකුරාදා දවසේ Aha තුලින් විකාශනය ආරම්භ වෙච්ච අලුත්ම තෙලුඟු කතාමාලාව Kudi Yeadamaithe ගැන දැන් හැමෝම දන්නවා. Lucia (2013), U Turn (2016) වගේ අපිට පුරුදු කන්නඩ සිනමා නිර්මාණ අරන් ආපු පවන් කුමාර් කියන අධ්‍යක්ෂකතුමා තමා මේ කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නේ. සුපුරුදු විදිහටම ටොලිවුඩයට වෙනස්ම රහක්, වෙන…

පසුගිය සිකුරාදා දවසේ Aha තුලින් විකාශනය ආරම්භ වෙච්ච අලුත්ම තෙලුඟු කතාමාලාව Kudi Yeadamaithe ගැන දැන් හැමෝම දන්නවා. Lucia (2013), U Turn (2016) වගේ අපිට පුරුදු කන්නඩ සිනමා නිර්මාණ අරන් ආපු පවන් කුමාර් කියන අධ්‍යක්ෂකතුමා තමා මේ කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නේ. සුපුරුදු විදිහටම ටොලිවුඩයට වෙනස්ම රහක්, වෙනස්ම හැඩයක් ගෙනත් දෙන්න මේ කතාමාලාව සමත්වෙලා තියෙනවා. ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර මැද IMDb අගය මේ වෙද්දී 8.8ක් විදිහට සටහන් කරගෙන තියෙන්නෙත් ඒ හින්දමයි. රංගනයෙන් අමලා පෝල් එක්ක රාහුල් විජේ ප්‍රධාන චරිතයන් එක්ක එකතු වෙනවා. ඉතින් ඉන්දීය කතා රසිකයන් අනිවාර්යෙන්ම බලන්න ඕන කතාමාලාවක් විදිහට තමා මේක නිර්දේශ කරන්නේ නම්.
මේ අරන් එන්නේ හත්වෙනි කොටස. ඒ කියන්නේ අවසන් කොටසට කලින් කොටස. සුපුරුදු විදිහට උද්වේගකර සිදුවීම් කිහිපයක්ම මේ කොටසේත් අඩංගු වෙලා තියෙනවා. සිද්ධ වුණු වැරදි නිවැරදි කරගෙන හැමෝගෙම ජීවිත මාරයාගෙන් ඈතට අරන් යන්න දුර්ගායි ආදියි කාලයත් එක්ක මේ කරන සෙල්ලම දැන් තීව්‍ර වෙලා තියෙන්නේ. මේ වෙද්දීත් කතාව නොදන්නා අයට පුංචි හැඳින්වීමක් කරලම ඉන්නම්.
ආදි කියන්නේ නළුවෙක් වෙන්න හීන මවන කොල්ලෙක්. දවසෙන් දවස තිර පරීක්ෂණ වලට යන එකට අමතරව තමන්ගේ ජීවිකාව අරන් යන්න එයා repEAT ආයතනයේ කෑම බෙදාහරින කටයුතු වල නිරතවෙනවා. ඔය අතරේ තමා 2020 පෙබරවාරි 29 කියන දවස උදා වෙන්නේ. පෙබරවාරි 29 කියන්නේ විශේෂ දවසක්, අවුරුදු 4කට සැරයක් විතරක් උදාවෙන දවසක්. ඒත් ආදිට මේ 2020 පෙබරවාරි 29 කියන දවස ඊටත් වඩා විශේෂ දවසක් වෙනවා. මොකද ඒ තමා එයා මාරයා එක්ක ඔට්ටු වෙන්න තිබ්බ දවස නිසා.
දුර්ගා කියන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක්. හුදෙකලා ජීවිතයක් ගෙනියන දුර්ගා මත්පැන් වලට ඇබ්බැහි වුණු කෙනෙක්. මොන දේවල් සිද්ධ වුණත් තමන්ගේ රාජකාරිය අවධානයෙන් කරන කෙනෙක්. මේ දවස් වල ඇගේ හිතට නිවනක් නැත්තේ ළමයි පැහැරගෙන කප්පම් ඉල්ලන ජාවාරමක් තදටම ක්‍රියාත්මක වෙමින් තිබුණු නිසා. ඒ ජාවාරම අති භයංකර වෙන්නේ එක ළමයෙක්ගේ මිනියක් හම්බවෙන තැනින්. ඉතින් දුර්ගා තමන්ගේ සම්පූර්ණ මහන්සිය මේ වෙනුවෙන් යොදවලා තිබ්බේ. ඉතින් දුර්ගාටත් ඒ දවස උදාවෙනවා. 2020 පෙබරවාරි 29. ආදිට වගේම දුර්ගාටත් ඒ දවස තමන්ගේ ජීවිතේ විශේෂම දවස වෙන්නයි ලියවිලා තිබුණේ.. ඉතින් ඊට පස්සේ මොකක්ද සිද්ධ වුණේ…
දිගටම රැඳෙන්න Kudi Yedamaithe එක්ක. අවසන් කොටසත් එක්ක නිර්මාල් විමුක්ති එයි අද රෑම..!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,822 downloadsDownload Kudi-Yedamaithe-S01-E07.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
16 comments
Kushan
Neo
Thanks sister
Keep it upAnonymous
thnkz sis
kd
Me dn e06 balala iwara une, nikamata evilla beluwe 07 dalada kiyala, anthima epiyath puluwan welawaka danna muthu, Thnk u , Good lk
Nuwan
Thanks akke
Api nm mewa aasawen blnowAnonymous
Patta
Anonymous
Anthima epiya dennkow
Yash
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
tharidu16
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Chandima Prasad
Thanks Sub Ekata.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Pramukmili
Thanxxxxxxx sis................
Hasantha
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub akta thanks