Watch Trailer

Last Samurai Standing A.K.A. Ikusagami [S01 : E05] Sinhala Subtitles | සෙවණැලි [සිංහල උපසිරසි]

Last Samurai Standing S01 Sinhala Subtitles දැන්නම් කතා මාලාවේ අවසානයට ගොඩක් ළඟ නිසා මේ වෙනකන් සිදුවීම සරලව පොඩ්ඩක් මතක් කරගමු. මුල් එපිසෝඩ් හතරෙන් අපිට දකින්න ලැබෙන්නේ ජපානයේ මුල්ම මෙයිජි යුගයේ සිදුවුණු අතිශය දරුණු සහ මංමුලා සහගත තරඟයක කතාවක්. තමන්ගේ සමාජ තත්ත්වයයි ගෞරවයයි දෙකම නැති වුණු හිටපු සමු…

Last Samurai Standing S01 Sinhala Subtitles

දැන්නම් කතා මාලාවේ අවසානයට ගොඩක් ළඟ නිසා මේ වෙනකන් සිදුවීම සරලව පොඩ්ඩක් මතක් කරගමු. මුල් එපිසෝඩ් හතරෙන් අපිට දකින්න ලැබෙන්නේ ජපානයේ මුල්ම මෙයිජි යුගයේ සිදුවුණු අතිශය දරුණු සහ මංමුලා සහගත තරඟයක කතාවක්. තමන්ගේ සමාජ තත්ත්වයයි ගෞරවයයි දෙකම නැති වුණු හිටපු සමුරායිවරුන් පිරිසක්ව, එකම කෙනෙක්ට විතරක් දිනන්න පුළුවන් මාරාන්තික සටනකට බලෙන්ම තල්ලු කරනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ෂුජිරෝ සාගා. ඔහු දක්ෂ, නමුත් ජීවිතේ ගැන හෙම්බත් වෙලා ඉන්න සමුරායිවරයෙක්. ඔහු මේ සටනට එන්නේ තමන්ගේ ජීවිතය රැකගන්න විතරක්ම නෙවෙයි, ඔහුගේ ලෙඩින් ඉන්න පවුල බේරගන්න වගේම නැතිවෙලා ගිය ගෞරවය ආයෙත් දිනාගන්නයි.

පළවෙනි එපිසෝඩ් එකේදී, ෂුජිරෝ කියෝතෝ නගරයේදී මේ තරඟයට එකතු වෙනවා. මෙතනට සමුරායිවරු 300කට ආසන්න පිරිසක් කැඳවලා තියෙන්නේ ටෝකියෝ නගරයේදී අවසන් වන මහා සටන් තරඟයකට. දිනන කෙනාට විශාල මුදල් තෑග්ගක් ලැබෙනවා. තරඟයට ආපු ගමන්ම, ඔහුට ෆුටාබා කියලා තරුණ ගෑණු ළමයෙක් මුණගැහෙනවා. ෂුජිරෝට එයාව දැක්කම මතක් වෙන්නේ තමන්ගේ මැරුණු දුවව. ඇය මේ තරඟයට සම්බන්ධ වෙන්නෙත් හරිම පෞද්ගලික හේතුවක් හිතේ තියාගෙන. ටික වෙලාවකින් මේ තරඟයේ තියෙන කෲර නීති රීති සහ ප්‍රචණ්ඩත්වය එළියට එනවා. ඒකෙන් ඉස්සරහට වෙන්න තියෙන අනුකම්පා විරහිත අරගලය ගැන හොඳ ඉඟියක් අපිට ලැබෙනවා.

දෙවෙනි එපිසෝඩ් එකෙන් පෙන්නන්නේ තරඟකරුවන් අතරේ ඇතිවෙන මිත්‍රකම් සහ හතුරුකම් ගැනයි. ෆුටාබාගේ අතීත කතාව දිගහැරෙනවා, ඒකෙන් ඇයගේ චරිතයයි ෂුජිරෝ එක්ක තියෙන සම්බන්ධයයි තවත් ගැඹුරු වෙනවා. මේ අතරේ අලුත් රණශූරයෝ තරඟයට එකතු වෙනවා, ඒ වගේම දේශපාලන චරිතත් කරළියට එනවා. ඒකෙන් අපිට තේරෙනවා මේකේ තිරය පිටුපස ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. කණ්ඩායම ඇතුළෙන්ම පාවාදීම් සහ රහස් අරමුණු මතුවෙනවා. තරඟයේ ඇත්තම අරමුණ මොකක්ද කියන එක තවත් අපැහැදිලි වෙනවා. ජීවිතය රැකගන්න නම් සටන් දක්ෂතාවය වගේම උපක්‍රම සහ විශ්වාසයත් ඕන වෙන බව හැමෝටම තේරෙනවා.

තුන්වෙනි එපිසෝඩ් එකේදී කතාවේ ක්‍රියාදාම සහ කුතුහලය තවත් වැඩිවෙනවා. ෂුජිරෝ සහ ඔහුගේ සගයන් ටෝකියෝ නගරයට ටිකෙන් ටික ළං වෙද්දී, ගැටුම් උත්සන්නවෙනවා, ඒ වගේම පිටින් එන තර්ජනත් වැඩි වෙනවා. තිරය පිටුපස ඉන්න දේශපාලන බලවතුන් තරඟයේ ප්‍රතිඵලය තමන්ට ඕන විදිහට හසුරුවන්න උත්සාහ කරනවා. චරිතවලට ශාරීරිකව වගේම මානසිකවත් ලොකු පීඩනයකට මුහුණ දෙන්න වෙනවා, සිදුවෙන පාවාදීම් නිසා මිත්‍රකම් තවත් සංකීර්ණ වෙනවා. පරණ සමුරායි සාරධර්මයි, නූතන ලෝකයේ තියෙන අනුකම්පා විරහිත බල තණ්හාවයි අතර හිරවෙලා, ජීවිතය රැකගැනීමේ සටන තමන්ගේ ආත්මයම රැකගැනීමේ සටනක් බවට පත්වෙනවා.

හතරවෙනි එපිසෝඩ් එකේදීත් මේ තීව්‍ර කතාන්දරය ඒ විදිහටම දිගටම යනවා. ෂුජිරෝ සහ ඉතිරි වෙලා ඉන්න සමුරායිවරුන්ට අලුත්, භයානක අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තරඟය පිටුපස තියෙන අභිරහස තවත් ගැඹුරු වෙනවා, ඒ වගේම චරිතවලට නිතරම වෙනස් වෙන පක්ෂපාතීකම් සහ වැඩිවෙන අනතුරු මැද්දේ තමයි ඉදිරියට යන්න වෙන්නේ. ෂුජිරෝට පරණ යාළුවන්ව හතුරන් විදිහට මුණගැහෙනවා, ජීවත් වෙන්න ඕන නිසා අකමැත්තෙන් වුණත් අලුත් මිත්‍රකම් ඇති කරගන්නවා. මේ එපිසෝඩ් එකේදී මේ අයගේ විශ්වාසය බිඳ දමන ප්‍රධාන පාවාදීම් කිහිපයක්ම සිද්ධ වෙනවා, ඒකෙන් තරඟය තවත් දරුණු වෙනවා. දේශපාලන කුමන්ත්‍රණ දිගටම සිදුවීම්වලට බලපෑම් කරනවා. ඒකෙන් අපිට තේරෙනවා මේක නිකම්ම නිකන් සටනක් නෙවෙයි, වෙනස් වෙමින් පවතින ජපානයේ දේශපාලන පෙරළියේම තවත් කුඩා කොටසක් කියලා. පොලිස් අධිකාරී ජෙනරාල් කවාජි මේ හැමදේටම රහසින් සම්බන්ධයි, ඔහු දේශපාලන චරිත ඝාතනය කිරීමත් එක්ක තරඟය පිටුපස තියෙන අඳුරු කුමන්ත්‍රණය හෙළිවෙනවා. මේ සිදුවීම් නිසා කාවවත් සම්පූර්ණයෙන් විශ්වාස කරන්න බැරි, හැම මොහොතකම සෝදිසියෙන් ඉන්න ඕන තත්ත්වයක් නිර්මාණය වෙනවා.

“Last Samurai Standing” කතා මාලාවේ පස්වෙනි එපිසෝඩ් එකේදීත් මේ දරුණු තරඟය දිගටම යනවා. දැන් ඉතුරු වෙලා ඉන්න සමුරායිවරුන්ට මීටත් වඩා අමාරු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම විශ්වාසය, ගෞරවය සහ ජීවිතය රැකගැනීම කියන දේවල් ඉස්මතු කරලා පෙන්නනවා. කුතුහලය සහ උද්වේගය පිරුණු මේ එපිසෝඩ් එකට පස්සේ තව එක එපිසෝඩ් එකකින් කතා මාලාවේ පලවෙනි සීසන් එක ඉවර වෙන්න නියමිත වෙලා තියෙනවා.

Last Samurai Standing Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

859 downloadsDownload Last-Samurai-Standing-S01E05.zip18 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles by

ග‍යාන්‍ ‍තා‍ර‍ක

Subtitles

859 downloadsDownload Subtitles18 KB

3 comments

  1. Anonymous

    ❤️❤️❤️

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි ගයාන් සහෝ සබ්එකට

  3. Anonymous

    Thanks