Watch Trailer

Last Samurai Standing A.K.A. Ikusagami [S01 : E06] Sinhala Subtitles | මාරාන්තික සටන [සිංහල උපසිරසි]

Last Samurai Standing S01 Sinhala Subtitles “Last Samurai Standing” කතා මාලාවේ මුල් එපිසෝඩ් පහ පුරාවටම, දවසින් දවස අවදානම වැඩිවෙමින්, මිත්‍රකම් වෙනස් වෙමින් සහ පාවාදීම් වැඩිවෙමින් මේ දරුණු සහ මාරාන්තික තරඟය දිගහැරෙනවා. 1 වෙනි එපිසෝඩ් එකේදී, අපිට හඳුන්වා දෙනවා ෂුජිරෝ සාගා කියන චරිතය. ඔහු හිටපු සමුරා…

Last Samurai Standing S01 Sinhala Subtitles

“Last Samurai Standing” කතා මාලාවේ මුල් එපිසෝඩ් පහ පුරාවටම, දවසින් දවස අවදානම වැඩිවෙමින්, මිත්‍රකම් වෙනස් වෙමින් සහ පාවාදීම් වැඩිවෙමින් මේ දරුණු සහ මාරාන්තික තරඟය දිගහැරෙනවා. 1 වෙනි එපිසෝඩ් එකේදී, අපිට හඳුන්වා දෙනවා ෂුජිරෝ සාගා කියන චරිතය. ඔහු හිටපු සමුරායිවරයෙක්. සමුරායි යුගය බිඳවැටෙන කාලෙක, තමන්ගේ පවුල බේරගන්න තමයි ඔහු මේ මාරාන්තික තරඟයට එකතු වෙන්නේ. රණශූරයන් 300කට ආසන්න පිරිසක් කියෝතෝ නුවරට එකතු වෙනවා ටෝකියෝ දක්වා යන දරුණු සටනකට. මේකෙන් දිනන්නේ එකම කෙනයි. ෂුජිරෝ, තමන්ගේම පෞද්ගලික හේතු නිසා තරඟයට ආපු ෆුටාබා කියන තරුණියක් එක්ක මිත්‍රත්වයක් ගොඩනගා ගන්නවා. දෙන්නා එකතුවෙලා මේ මාරාන්තික තරඟයේ ඉදිරියට යන්න පටන් ගන්නවා.

2 වෙනි එපිසෝඩ් එකේදී, මිත්‍රකම් තවත් ශක්තිමත් වෙනවා, අලුත් චරිතත් කණ්ඩායමට එකතු වෙනවා. මේ තරඟය ගැන නිලධාරීන්ට ආරංචි වෙනවත් එක්කම දේශපාලන උණුසුම වැඩිවෙනවා. දරුණු ගැටුම් වලින් කිහිප දෙනෙක්ම මිය යනවා, ඒ අතරට ෂුජිරෝගේ ප්‍රතිවාදියා වෙන බුකෝත්සු අතින් මැරෙන උකියෝ කිකුඕමිත් ඉන්නවා. ජීවත් වෙන්න නම් සටන් කරන එක විතරක් නෙවෙයි, මේ වංචාකාරී සම්බන්ධතා එක්කත් ගනුදෙනු කරන්න ඕන කියලා කණ්ඩායම තේරුම් ගන්නවා.

3 වෙනි එපිසෝඩ් එකේදී ගැටුම තවත් උග්‍ර වෙනවා. සටන් දරුණු වෙනවා, චරිතවල හැඟීම්බර පැත්තත් ඉස්මතු වෙනවා. ෂුජිරෝ සහ බුකෝත්සු අතර තියෙන වෛරය තවත් දරුණු වෙනවා, ඒ වගේම තරඟය වටා තියෙන දේශපාලන කුමන්ත්‍රණ තවත් ගැඹුරු වෙනවා. කියෝජින් තමන්ගේ වාසියට අනිත් අයව හසුරුවන නිසා, ඔහුගේ පාවාදීම දැන් පැහැදිලිවම පේන්න ගන්නවා. ඉතුරු වෙලා ඉන්න සමුරායිවරුන්ට පිටතින් එන සතුරන්ට වගේම, කණ්ඩායම ඇතුළේ තියෙන අවිශ්වාසයටත් මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් ඔවුන්ගේ මිත්‍රකම් කොච්චර බිඳෙනසුළුද කියන එක හොඳටම පේනවා.

4 වෙනි එපිසෝඩ් එකෙන් තවත් අභියෝග සහ වෙනස් වෙන පක්ෂපාතීකම් දකින්න ලැබෙනවා. ෂුජිරෝ සහ ඔහුගේ කණ්ඩායම යන්තම් බේරෙනවා. රහස් ගනුදෙනු සහ රහසින් පන්නන අය ගැන හෙළිවෙනවත් එක්කම කණ්ඩායමේ විශ්වාසය බිඳ වැටෙනවා. ප්‍රධාන චරිත කිහිපයක්ම මාරාන්තික ගැටුම්වලට මුහුණ දෙනවා. මේ අතරේ, පොලිස් අධිකාරී ජෙනරාල් කවාජි ඇතුළු තරඟයේ තිරය පිටුපස ඉන්න අඳුරු බලවේග, තමන්ගේ නපුරු අරමුණු හෙළි කරනවා.

5 වෙනි එපිසෝඩ් එක වෙද්දී, තත්ත්වය උපරිමයටම උණුසුම් වෙනවා. ජීවත් වෙන්න නම් දැන් උපක්‍රමශීලී බුද්ධියයි, සහයෝගයයි දෙකම අත්‍යවශ්‍ය වෙනවා. පාවාදීම් දිගටම කණ්ඩායම අස්ථාවර කරනවා. තිරය පිටුපස දේශපාලන මෙහෙයවීම් තවත් එළිපිටම පේන්න ගන්නවා. කවාජිගේ ඇත්ත සැලැස්ම සමුරායි පන්තියම නැති කරලා දාන එක බව හෙළිවෙනවා. අවසානයේ ඉතුරු වෙන්නේ එකම කෙනයි කියන කටුක යථාර්ථය මේ එපිසෝඩ් එකෙන් හොඳටම අවධාරණය කරනවා.

සමස්තයක් විදිහට ගත්තම, “Last Samurai Standing” කතා මාලාවේ මේ වෙනකන් එපිසෝඩ් පහෙන්, බිඳවැටෙන සමුරායි යුගයක් පසුබිම් කරගෙන ගෞරවය, ජීවිතය රැකගැනීම සහ දේශපාලන කුමන්ත්‍රණ ගැන හරිම කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් කතාවක් ගොඩනගනවා. සටන්, පෞද්ගලික පක්ෂපාතීකම් සහ වංචාව, දරුණු ක්‍රියාදාම ජවනිකා, මිතුරන්ගේ නැවත හමුවීම් මේ පලවෙනි සීසන් එකේ අවසාන එපිසෝඩ් එකේ හොඳින්ම බලාගන්න පුළුවන්. තාම Season 02 එක එන දවසක් ගැනනම් කොහෙවත් සඳහන් වෙලා නෑ. ඒත් මේකේ Season 02 එකක් එනවා කියලනම් sure. දෙවෙනි Season එක ආවම එහෙනම් ආයේ හමුවෙමු. ජය.

Last Samurai Standing Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

626 downloadsDownload Last-Samurai-Standing-S01E06.zip15 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles by

ග‍යාන්‍ ‍තා‍ර‍ක

Subtitles

626 downloadsDownload Subtitles15 KB

4 comments

  1. akila

    kalekin balapu supirima series ekak.... thank you sub ekata.....

  2. Buddhika laKMal

    මේ සීරිස්එකට සබ් දුන්නට තෑන්ක්ස් මචං......

  3. Bobby

    Thank you very much

  4. Anonymous

    මේ සීරිස්එකට සබ් දුන්නට තෑන්ක්ස්