Watch Trailer

IT: Welcome to Derry [S01 : E05] Sinhala Subtitles | පෙනිවයිස්ගේ ආගමනය [සිංහල උපසිරසි]

It: Welcome to Derry S01 Sinhala Subtitles “IT” කතා මාලාවේ අතිශය භයානකම තැනක් වෙන ‘නීබෝල්ට් වීදියේ අංක 29 කියන නම මේ එපිසෝඩ් එකට යොදාගෙන තියෙන එකෙන්ම මේ කොටස කොච්චර දරුණු වෙයිද කියලා හිතාගන්න පුළුවන්. මේ කොටසේදී ජෙනරල් ෂෝ එයාගේ ඇත්තම ප්ලෑන් එක ලෙරෝයිට කියනවා. මිනිහට ඕන අර භයානක බලවේගය විනාශ කරන්න න…

It: Welcome to Derry S01 Sinhala Subtitles

“IT” කතා මාලාවේ අතිශය භයානකම තැනක් වෙන ‘නීබෝල්ට් වීදියේ අංක 29 කියන නම මේ එපිසෝඩ් එකට යොදාගෙන තියෙන එකෙන්ම මේ කොටස කොච්චර දරුණු වෙයිද කියලා හිතාගන්න පුළුවන්.

මේ කොටසේදී ජෙනරල් ෂෝ එයාගේ ඇත්තම ප්ලෑන් එක ලෙරෝයිට කියනවා. මිනිහට ඕන අර භයානක බලවේගය විනාශ කරන්න නෙවෙයි, ඒක හිර කරලා තියෙන පූජනීය කණු ටික අත්පත් කරගෙන ඒ බලවේගයව එයාගේ පාලනයට ගන්න. රෝස් කොච්චර උත්සාහ කළත් මේ මෝඩ වැඩේ නවත්තන්න, ෂෝ එයාගේ තීරණය වෙනස් කරන්නේ නෑ. මේ අතරේ ස්වදේශිකයෝ අනතුරු අඟවනවා මේ බලවේගය ආයෙත් අවුරුදු 27කට නිදාගන්න කලින් අන්තිම වතාවට ලොකු ලේ වැගිරීමක් කරන්න බලාගෙන ඉන්නේ කියලා.

මේ අතරේ ළමයි කණ්ඩායමට පුදුම හිතෙන දෙයක් වෙනවා. ඒ තමයි අතුරුදහන් වුණා කියලා හිතපු මැටීව එයාලට ආපහු හම්බවෙන එක. මැටී ඇවිත් කියනවා ෆිල් තාම මැරිලා නෑ, එයා පණපිටින් ඉන්නවා කියලා. මේ ආරංචියත් එක්ක, අලුතෙන් එකතු වුණු මාර්ජ් එක්ක ළමයි සෙට් එක තීරණය කරනවා ආයෙත් අර භයානක කාණු පද්ධතියට බහින්න. බය නැති කරගන්න කියලා හිතාගෙන ලිලීගේ අම්මගේ බෙහෙත් පෙති වගයකුත් බීලා තමයි මෙයාලා මේ වැඩේට බහින්නේ. හැබැයි ඒකෙන් වෙන්නේ මෙයාලා මත් වෙන එක විතරයි.

අනිත් පැත්තෙන් හෑන්ක් ග්‍රෝගන්ව ෂෝෂෑන්ක් හිරගෙදරට ගෙනියන බස් එක දරුණු අනතුරකට ලක් වෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හෑන්ක්, ඉන්ග්‍රිඩ්ව හම්බවෙලා චාර්ලට්ව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා එයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න.

මැටී ආපහු හම්බුණාට, එයා ගාව මොකක්දෝ ලොකු වෙනසක් තියෙනවා වගේ දැනෙනවා. ළමයින්ට ෆිල්ව බේරගන්න පුළුවන් වෙයිද? හෑන්ක්ට මොකද වෙන්නේ? මේ ඔක්කොම බලාගන්න මේ කොටස අතාරින්නේ නැතුව බලන්නම වෙනවා.

It: Welcome to Derry Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,126 downloadsDownload IT-Welcome-to-Derry-S01E05.zip24 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-05-18

SUB-MAKER RATING BY ADMINS

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

 

 

Subtitles

5,126 downloadsDownload Subtitles24 KB

12 comments

  1. Buddhika laKMal

    ස්තූතියි මිලින්ද සහෝ සබ් එකට

  2. Hasaka Geemath

    Sub ekata thanks sahoo

  3. Hasaka Geemath

    Psarips එකෙන් ගත්තු webrip කොපියට සබ් title එක වැඩ නෑනේ ..

  4. Viraj

    Thanks........

  5. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  6. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  7. Lahiru Lakshan

    thanks machn...

  8. Anonymous

    Ayye welcome to derry 6 weni episode eka awilla eke sinhala subtitles ikkmanin balaporottu wenw ❤️

  9. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  10. Sahan Gayantha

    thanks a lot Subash saho sub ekata

    1. නිශාන් සමීර

      ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

  11. Anonymous

    අඩේ කතාවේ හොඳම ටික ඔයාලා කියනවනේ