Lazarus Season 01 Sinhala Subtitles ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Laza…
Lazarus Season 01 Sinhala Subtitles
ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Lazarus ඇනිමෙ කතා මාලාවේ 5 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.
ස්කිනර්ගේ මුහුණ යොදාගෙන දහස් ගානකගේ මුහුණු වෙනස් කරපු, විශාල මුදලක් හිමි ගනුදෙනු කරන රහස් හැකර්වරයා කවුද කියල හොයගත්තොත් ස්කිනර්ට ළං වෙන්න පුලුවන් බව හිතන ලාසරස් කණ්ඩායම මේ හැකර්ගේ පස්සේ හඹා යනවා. මොකද ස්කිනර්ගේ කොන්ත්‍රාත්තුවකට මේ හැකර් ඒ විදිහට මුහුණු වෙනස් කරන්න ඇති කියන උපකල්පනය අනුවයි කණ්ඩායම වැඩ කළේ. ඒ වෙනුවෙ කොටස් වෙළදපළේ කැපී පේන කෙනෙක් පස්සෙ යන ඇක්සෙල් ඇතුළු ලාසරස් කණ්ඩායම ක්ලබ් එකකදී ලොකු කලබගෑනියකට මුහුණ දෙනවා. අන්තිමේදි මේ හැකර්වරයා වෙන කවුරුවත් නෙමෙයි, මේ කොටස් වෙළෙන්දා එක්ක යන ක්ලබ් DJ කෙනෙක් බව හොයාගන්නවා.
ක්ලබ් DJ කෙනෙක් තව විදිහකට හැකර්වරයෙක් විදිහට වැඩ කරපු විදිහ ගැන ඇක්සෙල් ප්‍රශ්න කරද්දි තමයි ඩෙල්ටා මෙඩිසිනල් කියල ඖෂධ සමාගමක නමක් එළියට එන්නෙ. ඩෙල්ටා මෙඩිසිනල් කියන්නෙ මොකක්ද? ඒ සමාගමට ස්කිනර්ගෙ තියෙන සම්බන්ධෙ මොකක්ද? මේ සමාගම හප්නා වල මාරාන්තික බව දැනන් හිටියද? ලාසරස් කණ්ඩායම මීළඟට මුහුණ දෙන්නෙ කාටද? නරඹන්න එහෙනම් මේ කොටස. එහෙනම් නරඹන්න මේ Lazarus ත්‍රාසජනක විනෝදබර ක්‍රියාදාමය. ඉදිරි කොටස් තුළින් හමුවෙමු.
Episode Name : Pretty Vacant
Released Date : 2025.04.03
IMDB Rating : 7.4
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
520 downloadsDownload Lazarus.S01E05.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lazarus Season 01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Baiscope Zone
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Lazarus [S01 : E05] Sinhala Subtitles | අලුත් ප්‍රතිවිෂක්? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/04/lazarus-S01-1.jpg)




උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි!