Lazarus Season 01 Sinhala Subtitles ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Laza…
Lazarus Season 01 Sinhala Subtitles
ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Lazarus ඇනිමෙ කතා මාලාවේ 6 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.
ස්කිනර් සමඟ සම්බන්ධයක් ඇතැයි වගේම ස්කිනර් ඉන්න තැනක් දැන ගැනීම වෙනුවෙන්, ඩෙල්ටා මෙඩිසිනල් කියන සමාගම පස්සෙ යන්න ලාසරස් කණ්ඩායම තීරණය කරනවා. තමන්ගේ සුපුරුදු වැඩකිඩ එක්ක සමාගමට ඇතුල් වෙන ඇක්සෙල්, ඒකෙ ප්‍රධානියාගේ ළඟටම ගියත්, ඔහුත් ස්කිනර් ගැන කිසිම දෙයක් නොදන්න බව හෙළි කරනවා. ඒ අනුව කණ්ඩායමත් ඩෙල්ටා මෙඩිසිනල් ප්‍රධානියත් එකතු වෙලා හප්නා වලට ප්‍රතිවිෂක් හඳුන්වා දීමේ නිවේදනයක් නිකුත් කරල ඒකෙන් ස්කිනර්ව එළියට ගන්න උපායක් සැලසුම් කරනවා. ඒ සැලැස්ම අවසානයේදීත් බොරු ප්‍රතිවිෂ පස්සෙ ආවේ කණ්ඩායමේ හැකර්වරිය එලේනා වගේම තවත් දක්ෂ හැකර් කෙනෙක් විතරයි. අන්තිමේදි හැමෝම බලාපොරොත්තු වුනු ප්‍රතිඵලය කාටවත් ලැබුනෙ නෑ.
මෙතෙක් ලැබුනු කිසිම හෝඩුවාවක් ස්කිනර්ගේ ළඟට ගියේ නෑ. කණ්ඩායමට තව පොටක් පෑදෙනවා, ඒ තමයි ස්කිනර්ගේ මොළය ආදේශන කරල හදපු AI එකක්. මුළු ලෝකයෙන්ම වෙන් වෙලා තනියම පිරිසක් පාලනය කරන AI එකක්. ඒක ස්කිනර්ටත් හැංගිලා ඉන්න හොඳ තැනක් නෙමෙයිද? මේ AI එක මොකක්ද? ඒක තියෙන්නෙ කොහෙද? ස්කිනර්ගේ ළඟට යන්න මේ වතාවේ ලාසරස් කණ්ඩායමට පුලුවන් වේවිද? නරඹන්න එහෙනම් මේ කොටස. එහෙනම් නරඹන්න මේ Lazarus ත්‍රාසජනක විනෝදබර ක්‍රියාදාමය. ඉදිරි කොටස් තුළින් හමුවෙමු.
Episode Name : Heaven in a Place on Earth
Released Date : 2025.04.10
IMDB Rating : 7.7
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
343 downloadsDownload Lazarus.S01E06.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lazarus Season 01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Lazarus [S01 : E06] Sinhala Subtitles | කෘතිම බුද්ධියේ භක්තිකයෝ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/04/lazarus-S01-1.jpg)



