Watch Trailer

Lazarus [S01 : E09] Sinhala Subtitles | ලාසරස් අනතුරේ? [සිංහල උපසිරසි]

Lazarus Season 01 Sinhala Subtitles ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Laza…

Lazarus Season 01 Sinhala Subtitles

ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Lazarus ඇනිමෙ කතා මාලාවේ 9 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. හිටපු ගමන් වෙනව වගේ මේ කොටසේ උපසිරැසිය හරියටම සතියක් පරක්කුයි.

ස්කිනර්ට සම්බන්ධ යැයි උපකල්පනය කරපු මතක ගබඩා උපාංගයකින් හොයාගත්තු කණ්ඩාංක අනුව ලෝකයේ තැන් හතරටම ගියත් ස්කිනර්ට ගෑවුනු මොකුත්ම ලාසරස් කණ්ඩායමට හම්බවෙන්නෙ නෑ. ආපහු එන අතරමගදී කණ්ඩායමේ ක්‍රිස් අතුරුදහන් වෙනවා. හැමෝගෙම වගේම ක්‍රිස්ගෙ අතේ තියෙන අත් පළඳනාවෙන් ක්‍රිස් ඉන්න තැන හොයාගත්තට පස්සෙ තමයි, ක්‍රිස් ඇත්තටම කවුද කොහේ කෙනෙක්ද කියල ලාසරස් කණ්ඩායමේ මෙහෙයුම් පාලිකාව හෙළි කරන්නෙ. රුසියානු බුද්ධි අංශයේ හිටපු ක්‍රියාකාරිනියක් වෙන ක්‍රිස්, තමන්ගේ අතීතය අමතක කරලා පෙනුමත් වෙනස් කරගෙන නිළ නොවන විදිහට තමන්ගේ තැනින් අයින් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් දඬුවම් දීම වෙනුවෙන් ඇයගෙ කණ්ඩායමේ අයට හසු උනු ක්‍රිස් මරණයට මුහුණ දෙන්න ඔන්න මෙන්න තියෙද්දි , ලාසරස් කණ්ඩායමේ උදව්වෙ බේරෙනවා.

මේ බේරා ගැනීමේ මෙහෙයුම ස්කිනර්ට සම්බන්ධ නැති මෙහෙයුමක් බවට පත් වුනා. ඒ වගේම මෙහෙයුම ලොකු කලබලයක් ඇති කරවන දෙයක් බවටත් පත් කෙරුනා. ඉතින් ලාසරස් කණ්ඩායම මේ ඇති කරන කලබලයන් නිසාවෙන් කණ්ඩායමට මීළඟට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ මොන විදිහෙ දේකටද? නරඹන්න එහෙනම් මේ කොටස. එහෙනම් නරඹන්න මේ Lazarus ත්‍රාසජනක විනෝදබර ක්‍රියාදාමය. ඉදිරි කොටස් තුළින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

  • Episode Name : Death on Two Legs
  • Released Date : 2025.05.31
  • IMDB Rating : 8.2

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

339 downloadsDownload Lazarus-S01-E09-Sinhala-Subtitles.zip16 KB

width=

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Lazarus Season 01 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

339 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.