Little Mom [E02] Sinhala Subtitles 2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි.. Little Mom [E02] Sinhala Subtitles අද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදු…
Little Mom Sinhala Subtitles
2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි..
Little Mom Sinhala Subtitlesඅද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදුවන දරුණු අඩුලුහුඩුකම් නිසා වයස අවුරුදු 15/16 වයසේ පසුවන නවයොවුන් දැරියන් ගැබ් ගැනීම් වලට ලක්වන සිදුවීම් බහුලව අසන්නට දකින්නට ලැබෙන අතර මේ නිසාවෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල් වල උදවියද දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත්වෙයි. ඉතින් මෙම කතාවෙ ප්‍රධාන හරය දිවයන්නේත් එවැනි සිදුවීමකට මුහුන දීමට සිදුවූ නවයොවුන් වියේ දරුවන් දෙදෙනෙකු වටායි..
එහිදී ඔවුන් සමාජයට, තමාගේ පාසලට හා දෙමව්පියන්ට මුහුන දීමේදී මුහුණපාන ගැටළු කතාව තුල විද්‍යාමාන කිරීමට Little Mom නිර්මාපකයින් හරිම අපුරුවට සමත්වී ඇතිබව මාගේ හැඟීමයි. ඒ වාගේම දරුවන් පාසලේදී මෙන්ම තමන්ගෙ නිවසේදීත් විවිධ හිරහැරයන්ට භාජනය වීම හා එහි ප්‍රතිපලයක් ලෙස දරුවන්ගේ ක්‍රියාකාරකම් තුල සිදුවන වෙනස් වීම් මෙහිදී ඉතා සියුම්ව පෙන්වා දී තිබෙනවා. ඉතින් දරුවන් සිටින දෙමව්පියන්, නවයොවුන් වියේ පසුවන දරුවන් මෙම කථාමාලාව නරඹා එමගින් දැනුමට යමක් එකතු කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
Little Mom Sinhala Subtitlesඑහෙනම් අපි Little Mom කතා මාලාවෙ පළවෙනි කොටසේ සිදුවීම් මතක් කරගමු..
Little Mom Sinhala Subtitlesනවුරාගේ දෙමව්පියන් ජාකර්තා නුවර අවන්හලක් පවත්වාගෙන යන අතර, නවුරාගේ අනාගත බලාපොරොත්තුව නාරිවේද වෛද්‍යවරියක් වීමයි.. ඉතින් ඇයගේ මෙම ඉලක්කය ඇය සාර්ථකව හඹායමින් සිටින අතර අහම්බයෙන් ඇයට යූඩා මුණගැසෙනවා. Ciptabangsa උසස් පාසලේ දිදුළණ බාස්කට් බෝල් තරුවක් මෙන්ම පාසලේ කඩවසම්ම ශිෂ්‍යයාද වන යූඩාගෙ සිත ඉස්කෝලේ දක්ෂ මෙන්ම ලස්සනම කෙල්ල කෙරෙහි ඇදී යන්නේ නොදැනීමයි. ඉතින් මොවුන් දෙදෙනා ලොවට හොරා ආදරය කිරීමට පටන්ගන්නවා..
දිනක් මොවුන් දෙදෙනා පාසලෙන් දුරස්ථ ස්ථානයකදී හමුවීමට කතිකා කරගන්නේ නිවාඩු පාඩුවේ ඔවුන් දෙදෙනාගෙ කාලය විනෝදයෙන් ගෙවීමටයි. නමුත් යූඩා හමුවීමට යන අතරතුර නවුරාගේ දුරකථනය අස්තානගත වන අතර ඇයගේම පාසලේ ශිෂ්‍යයෙක් වන කීනන් විසින් එය සොයා දෙනු ලබනවා. නාහෙට නාහන දඩබ්බර චරිතයක් වන කීනන් ගැන ගොඩක් දේවල් අපිට ඉස්සරහිදී දැනගන්න පුලුවන් වෙයි.
Little Mom Sinhala Subtitlesඉතින් නවුරාගේ සහ යූඩාගෙ විනෝද චාරිකාවෙන් සති කිහිපයකට පසු නවුරා අසනීප වනවා. ඇය තුලින් ගර්බනීභාවයට පත්වූ පුද්ගලයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරන නිසා ඒ පිලිබදව ඇය පරීක්ෂා කර බැලීමේදී ඇය ගැබිනියක් බවට පත්වී තිබෙන බව දැන ගැනීමට ලැබෙනවා. ඉතින් මෙයින් දැඩි කම්පනයට පත්වන නවුරා යූඩා හමුවීමට පාසලේ ක්‍රීඩාගාරයට පැමිණෙනවා. එහිදී ඇය ගර්භනී බාවයට පත් වී ඇතිබව යූඩාට පැවසුවත් යූඩා එය පිළිගැනීමට පැකිලෙනවා. මේ අවස්තාවේදී නවුරාගේ පන්තියේ ඉගෙනුම ලබන සෙලීන් විසින් නවුරා ගර්භනීභාවය පරීක්ෂා කිරීමට යොදාගත් ටෙස්ට් කිට් එක සොයාගනු ලබනවා..
ඇය මේ වන විටත් නවුරා කෙරෙහි පසුවන්නේ දැඩි වෛරයෙන්. ඒ ඇය කාලයක් රහසෙන් ආදරය කල
ඇයගේ ක්‍රශ් එක වන යූඩා, නවුරා විසින් සොරගැනීමත්, නවුරා නිසා ඇයට පන්තියේ ප්‍රථම ස්ථානය අහිමි වීමත් නිසායි. ඉතින් ඇය මෙම ටෙස්ට් කිට් එකත් රැගෙන කෙලින්ම පැමිණෙන්නේ නවුරා හමුවිමටයි..
අද කොටසෙන්, ඔයාට බලන්න පුළුවන් සෙලීන්ගේ මේ ප්‍රශ්නාවලියට නවුරා මුහුණ දෙන ආකාරය.. ඒ වගේම නවුරා සහ යූඩා විසින් නවුරාගේ ගර්භාවනී භාවයට පිළියම් සෙවීමට ගන්නා උත්සාහයන් කිහිපයකුත්, කීනන්ගේ සෙල්ලක්කාර ස්වභාවය නිසා පාසලේ ශිෂ්‍යයන් සමග ගැටුම් ඇතිකර ගන්නා අයුරුත් බලාගැනීමට හැකිවේවි. ඉතින් නවුරා මෙම අභියෝග කෙලෙස ජයගනීද ? නවුරාගේ පෙම්වතා වන යූඩා, නවුරා මුහුණ දෙන ප්‍රශ්න වලදී කෙලෙස ප්‍රතිචාර දක්වයිද ? ඉතින් මේ හැමදේමටම උත්තර අද කොටසෙන් බලාගන්න පුළුවන් වෙයි..
Little Mom Sinhala Subtitlesඑහෙනම් අපි තුන්වෙනි කොටසෙන් නැවත හමුවෙමු.. එතෙක් ඔබට සුභ දවසක්…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
675 downloadsDownload Little-Mom-E02-Sinhala-Subtitles.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Little Mom Sinhala Subtitles
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Al Ghazali
- #Elina Joerg
- #Little Mom
- #Little Mom [E02]
- #Little Mom [E02] Sinhala Sub
- #Little Mom [E02] Sinhala Subtitles
- #MaxxA
- #Mira Asmara
- #Natasha Wilona
- #Raisya Bawazier
- #Rhani
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Teuku Rasya
- #TV
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..