Little Mom [E03] Sinhala Subtitles 2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි.. Little Mom [E03] Sinhala Subtitles අද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදු…
Little Mom Sinhala Subtitles
2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි..
Little Mom Sinhala Subtitlesඅද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදුවන දරුණු අඩුලුහුඩුකම් නිසා වයස අවුරුදු 15/16 වයසේ පසුවන නවයොවුන් දැරියන් ගැබ් ගැනීම් වලට ලක්වන සිදුවීම් බහුලවඅසන්නට දකින්නට ලැබෙන අතර මේ නිසාවෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල් වල උදවියද දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත්වෙයි. ඉතින් මෙම කතාවෙ ප්‍රධාන හරය දිවයන්නේත් එවැනි සිදුවීමකට මුහුන දීමට සිදුවූ නවයොවුන් වියේ දරුවන් දෙදෙනෙකු වටායි..
එහිදී ඔවුන් සමාජයට, තමාගේ පාසලට හා දෙමව්පියන්ට මුහුන දීමේදී මුහුණපාන ගැටළු කතාව තුල විද්‍යාමාන කිරීමට Little Mom නිර්මාපකයින් හරිම අපුරුවට සමත්වී ඇතිබව මාගේ හැඟීමයි. ඒ වාගේම දරුවන් පාසලේදී මෙන්ම තමන්ගෙ නිවසේදීත් විවිධ හිරහැරයන්ට භාජනය වීම හා එහි ප්‍රතිපලයක් ලෙස දරුවන්ගේ ක්‍රියාකාරකම් තුල සිදුවන වෙනස් වීම් මෙහිදී ඉතා සියුම්ව පෙන්වා දී තිබෙනවා. ඉතින් දරුවන් සිටින දෙමව්පියන්, නවයොවුන් වියේ පසුවන දරුවන් මෙම කථාමාලාව නරඹා එමගින් දැනුමට යමක් එකතු කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
Little Mom Sinhala Subtitlesඑහෙනම් අපි Little Mom කතා මාලාවෙ දෙවෙනි කොටසේ සිදුවීම් මතක් කරගමු..
Little Mom Sinhala Subtitlesමතක ඇතිනෙ සෙලීන් යාලුවො දෙන්නත් එක්ක ඇවිල්ලා ටෙස්ට් කිට් එක ගැන නවුරගෙන් ප්‍රශ්න කරනවා. නවුරා පොඩි දහම් ගැටයක් ගහලා සෙලීන්ගෙ ප්‍රශ්න වැලෙන් බේරෙනවා.. හැබැයි නවුරට සහ යූඩට ඇතිවෙන මානසික පීඩනයෙන් නම් ඔවුන් දෙදෙනාට ගැලවීමක් ලැබෙන්නෙ නෑ.. යූඩගෙ බාස්කට්බෝල් ප්‍රැක්ටිස් පවා අවුල් යද්දි නවුරා ඉගෙනිම පැත්තක දාල මේ ගැන කල්පනා කරනවා.. නවුරා සහ යූඩා අතර ගැටුම් ඇතිවෙනවත් ඔයා දකින්න ඇතිනෙ. ඇයගෙ ලොකුම ගැටළුව වෙන්නෙ මේ ගැන තමන්ගෙ දෙමව්පියො දැනගත්තොත් කුමක් වෙයිද කියලා. ඉතින් නවුරා මේක ගෙදරින් සගවන්න පුළුවන් හැමදේම කරනවා.. ගබ්සා වෙන්න විවිධ කෑම වර්ග ආහාරයට ගන්නවා, යකැදුරෙක් ලගට ගබ්සා කරන්න ගිහිල්ලා දෙන්නට වුන අලකලංචියත් දකින්න ඇතිනෙ..
ඉතින් මේ අතර කීනන් පාසලේ තවත් ප්‍රශ්නයක් ඇගේ දාගන්නවා. රන්ඩුවෙනවා. කීනන්ගෙ මේ දරුණු හැසිරීම් වලට හේතුව ඔහුගේ දෙමව්පියන් බව දෙවෙනි කතාව නරබපු ඔයාටත් වැටහෙන්න ඇති. මේ අතර තමාගේ ප්‍රාථමික පාසලේ ප්‍රේමය වුන කීනන්ට සෙලීන් පොඩි යෝජනාවක් ගේනවා. ඒ දෙන්නා හොදම යාලුවො වෙමු කියලා. හැබැයි සෙලීන්ගෙ හිතේ නම් ඊටත් එහා ගිය හැගීමකුයි කීනන් ගැන තියෙන්නෙ. මේ අතර පාසලේ බාස්කට්බෝල් කන්ඩායම ලබපු ජයග්‍රහනයක් නිමිත්තෙන් සාදයක් සංවිධානය කරනවා. මේ සාදයට නවුරා යූඩා සමගත්, කීනන් සෙලීන් සමගත් සහභාගී වෙනවා. මේ සාදයේදී නවුරා නිසා යූඩා සහ කීනන්ගැටුමක් ඇතිකරගන්නවා. ඒ වගේම නවුරාත් සෙලීන්ගේ සැකකිරීමට තව තවත් භාජනය වෙනවා. සෙලීන් කිකී හරහා කරන්න ගිය ප්‍රෙග්නන්සි ටෙස්ට් එකෙන් නවුරා ගැලවෙන්නෙ 99න්..
මේ අතර නවුරා යූඩා සමග කතා කරමින් සිටින අවස්ථාවකට හොරෙන් සවන්දෙන නවුරාගේ මවට නවුරා ප්‍රෙග්නන්ට් වී ඇති බව අසන්නට ලැබෙනවා.. එයින් දැඩි කම්පනයට පත්වෙන නවුරාගේ දෙමව්පියන් යූඩාව සොයාගෙන මහ රෑම යූඩගෙ ගෙදරට යනවා. එහිදී යූඩා සහ නවුරගෙ පියා අතර ඇතිවන ගැටුමත් යූඩා පන බේරාගත් ආකාරයත් මතක ඇතිනෙ. මෙයින් කම්පනයට පත්වෙන යූඩා තමන්ගේ දෙමව්පියන් සමග නවුරා තනිකර ජපානයට පිටත් වීමට ගුවන්තොටුපලට යනවා. එය දැනගත් නවුරා, යූඩා නැවතීමට ගුවන්තොටුපලට ගියත් එය අසාර්ථක වෙනවා. මෙහිදී දැඩි ශෝකයෙන් ගුවන් තොටුපල තුල හඩා වැටෙන නවුරා තමන්ගේ අනාගතය ගැන ඇති දැඩි අවිනිශ්චිත භාවයෙන් යුක්තව නැවතත් නිවසට ඒමට පිටත් වෙනවා.
අද කොටසෙන්, ඔයාට බලාගන්න පුළුවන්, තමන්ගෙ දෙමව්පියන්ගෙ ඇනුම් බැනුම් හමුවේ අසරණ වෙන නවුරව. නවුරාගෙ දෙමව්පියන් නවුරාට චෝදනා පිට චෝදනා එල්ල කරනවා. ඇය පාසල තුලදීත් නිවස තුලදීත් දැඩි ලෙස අසරන වෙනවා. ඉතින් නවුරා අවසානයේ තමාගේ ජීවිතය ගැන තීරනයක් ගන්නවා.. ඇය තමාගේ ජීවිතය නැතිකරගන්න සිතාගෙන නිවසෙන් පිටවෙනවා..
එහෙනම් අපි හතරවෙනි කොටසෙන් නැවත හමුවෙමු.. එතෙක් ඔබට සුභ දවසක්…
Little Mom Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
434 downloadsDownload Little-Mom-E03-Sinhala-Subtitles.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Little Mom Sinhala Subtitles
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Al Ghazali
- #Elina Joerg
- #Little Mom
- #Little Mom [E03]
- #Little Mom [E03] Sinhala Sub
- #Little Mom [E03] Sinhala Subtitles
- #MaxxA
- #Mira Asmara
- #Natasha Wilona
- #Raisya Bawazier
- #Rhani
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Teuku Rasya
- #TV
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement





..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..