Little Mom [E07] Sinhala Subtitles 2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි.. Little Mom [E07] Sinhala Subtitles අද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදු…
Little Mom Sinhala Subtitles
2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි..
Little Mom Sinhala Subtitlesඅද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදුවන දරුණු අඩුලුහුඩුකම් නිසා වයස අවුරුදු 15/16 වයසේ පසුවන නවයොවුන් දැරියන් ගැබ් ගැනීම් වලට ලක්වන සිදුවීම් බහුලව අසන්නට දකින්නට ලැබෙන අතර මේ නිසාවෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල් වල උදවියද දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත්වෙයි. ඉතින් මෙම කතාවෙ ප්‍රධාන හරය දිවයන්නේත් එවැනි සිදුවීමකට මුහුන දීමට සිදුවූ නවයොවුන් වියේ දරුවන් දෙදෙනෙකු වටායි..
එහිදී ඔවුන් සමාජයට, තමාගේ පාසලට හා දෙමව්පියන්ට මුහුන දීමේදී මුහුණපාන ගැටළු කතාව තුල විද්‍යාමාන කිරීමට Little Mom නිර්මාපකයින් හරිම අපුරුවට සමත්වී ඇතිබව මාගේ හැඟීමයි. ඒ වාගේම දරුවන් පාසලේදී මෙන්ම තමන්ගෙ නිවසේදීත් විවිධ හිරහැරයන්ට භාජනය වීම හා එහි ප්‍රතිපලයක් ලෙස දරුවන්ගේ ක්‍රියාකාරකම් තුල සිදුවන වෙනස් වීම් මෙහිදී ඉතා සියුම්ව පෙන්වා දී තිබෙනවා. ඉතින් දරුවන් සිටින දෙමව්පියන්, නවයොවුන් වියේ පසුවන දරුවන් මෙම කථාමාලාව නරඹා එමගින් දැනුමට යමක් එකතු කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
Little Mom Sinhala Subtitlesඑහෙනම් අපි Little Mom කතා මාලාවෙ හයවෙනි කොටසේ සිදුවීම් මතක් කරගමු..
Little Mom Sinhala Subtitlesදකින්න ඇතිනෙ නවුරාට ආදරෙයි කියපු කීනන් අන්තිමේදි ඔහුගෙ වචනය වෙනස් කරපු විදිහ. මේ අතර නවුරාගෙ 16 වන උපන්දිනය නිමිත්තෙන් නවුරාගේ දෙමව්පියන් කේක් එකක් කපා ඇයගේ උපන්දිනය සමරන අතර කීනන්ගෙන් සහ යූද්ගෙන් ලැබුනු උපන්දින තෑගිත් මේ කොටසෙදි දකින්න ඇතිනෙ. ඉතින් හැමදාම වගේ නවුරා යූද්ට ඔවුන් දෙදෙනාගේ සමබන්ධය ගැන ඔහුගේ දෙමව්පියන්ට පවසන ලෙස පැවසූවත් ඔහු එය මග හරිමින් සිටියා. ඉතින් යූද් පොරොන්දු වෙනවා අවසාන තරගයෙන් පසු මේ බව ඔවුන්ට පවසන බවට. කිකී විසින් නවුරාට ඇමතුමක් ලබාදී ඇය ලග නවුරාගේ දිනපොත ඇති බවත් ඇයව
හමුවීමට පැමිණෙන ලෙසත් දන්වනවා. නවුරාව හමුවන්න යන අතර වීඩ්ගේ බෑගය සොරාගත් අයුරුත් ඔවුන් එය හඹායන අයුරුත් අවසානයේ කීනන් ඔවුන්ගේ උදව්වට පැමිණෙන අයුරුත් දකින්න ඇතිනෙ.
මේ අවස්ථාවේදී කීනන් විසින් ස්පර්ශය මගින් දුරස්ථව සබධතාව පවත්වාගෙන යා හැකි කුඩා වොච් එකක් නවුරාට ලබා දෙනවා. මේ අතර පැස්ටිකා උසස් පාසල හා Cipta Bangsa උසස් පාසල අතර පැවති
අවසාන මහා තරගයේදී අවසාන මිනිත්තුවේදී යූද්ගේ කණ්ඩායම ජයග්‍රහනය කරපු ආකාරය දකින්න ඇතිනෙ. මේත් සමග තමන්ගේ දෙමව්පියන්ට සම්බන්ධය ගැන පවසන බවට මුසා බස් දෙඩූ යූද් ලිපියක් ලියා, නවුරා අතහැර නැවතත් ජපානෙට පිටත්ව යනවා. මෙයින් දැඩි ලෙස කම්පනය පත්වන නවුරා තමන්ගේ දෙමව්පියන් ඉදිරියේ හා කීනන් ඉදිරියේ හඩාවැටෙන ආකාරයත් අවසානයේදී කීනන් නවුරා ඉදිරියේ තමාගේ ආදරය සත්‍යය ලෙසම ප්‍රකාශ කරන ආකාරයත් දකින්න ඇතිනෙ.
අද කොටසෙන්, කීනන්ගේ ආදරයට නවුරා දක්වන ප්‍රතිචාරය බලන්න පුළුවන්. ඒ වගේම සෙලීන්ට විරුද්ධ වීම නිසා කිකීට අත්වන ඉරණමත් මේ නිසා සෙලීන් හා කිකී අතර පාසල තුල ඇතිවන දරුණු ගැටුමත් අද කොටසෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම නිවසේ ඇතිවන ප්‍රශ්නයක් නිසා සෙලීන් නිවස ඇතහැර යනවා. කීනන්ගෙ පියා කීනන් ඉදිරියේ කරන පාපොච්චාරනයත් අද කොටසේ විශේෂ අවස්තාවක්. ඉතින් මේ හැමදේම දැනගන්න හත්වන කොටස දැන්ම නරබන්න..
එහෙනම් අපි අටවෙනි කොටසෙන් නැවත හමුවෙමු.. එතෙක් ඔබට සුභ දවසක්…
Little Mom Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
561 downloadsDownload Little-Mom-E07-Sinhala-Subtitles.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Little Mom Sinhala Subtitles
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Al Ghazali
- #Elina Joerg
- #Little Mom
- #Little Mom [E07]
- #Little Mom [E07] Sinhala Sub
- #Little Mom [E07] Sinhala Subtitles
- #MaxxA
- #Natasha Wilona
- #Raisya Bawazier
- #Rhani
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Teuku Rasya
- #TV
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..